මහවළුව- ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට තිබෙන පිට්ටනිය
සඳගල - මාලිගාවට පිවිසෙන වාහල්කඩ තිබෙන සඳකඩ පහණ
මහවාහල්කඩ- ශ්‍රී දළදා මාලිගාව ඇතුළුවන තැන පිහිටි වාහලකඩ
අඹරාව - බිම්ගෙය මෙහි දෙපස හා උඩ සිවිලිමේ සිතුවම් ඇඳ තිබෙයි.
හේවිසි මණ්ඩපය - පහත මාලයේ හේවිසි වාදන ස්ථානය
පල්ලේ මාල - පහත මාලිගාව
හදුන්කුඩම - පහත මාලයේ සිට දළදා හාමුදුරුවන් වැදපුදාගැනීමට පිවිසෙන ලෑලි සහිත කොටස
ගන්ධකුටිය - ශ්‍රී දළදා හාමුදුරුවන් වැඩ සිටින කුටිය
පත්තිරුප්පුව - ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට සිට බලන විට අලංකාර අට හැඩැති ගොඩනැගිල්ල
දියවඩන නිලමේ - ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර
වරයායි.
කාරිය කෝරාල - දියවඩන නිලමේවරයාට පසුව දළදා මාලිගාවේ ඇතුළුකට්ටලයේ හා පිටකට්ටලයේ කාර්යයන් භාරව සිටින කෝරාලවරයායි
හක්ගෙඩිඅප්පු - ශ්‍රී දළදා මාලිගාවේ තේවාවන්හි දී හක්ගෙඩිය පිඹීම ඔහුට බාරයි
කවිකාරමඩුව - දළදා පුදපූජාවල දී චාරිත්‍රානුකූලව කවි සිංදු හා අෂ්ටක කීම භාරව සිටින තැනැත්තන් අලුයම
අලුයදුරය - 5.15ට දළදා මාලිගාවේ දී සිදු කරන තේවාව
නව පෑ තේවාව - දහවල් බුද්ධ පූජාවයි. මෙය දිනපතා 10.15 ට ආරම්භ වෙයි
හැන්දෑදුරය / තේවාව - සවස ගිලන්පස පූජාවයි
සප්නාහිතක තේවා - දින හතකට වරක් මාලිගාවේ දී සිදුකරන තේවාවන්. මෙය සෑම
සතියකම බදාදා දින සිදු කරයි.
අලුසල් මංගල්ලය - දුරුතු පෝයට දළදා මාලිගාවේ දී සිදුකරන අලුත් සහල් මංගල්ලය
කාර්තික මංගල්ලය - පහන් පූජා මංගල්ලයයි. මෙය ඉල් මාසයේ දී සිදු කෙරෙයි.
Comments
Post a Comment