gossiplanka image 1
 

ඇප නූල - පිදේනි ශාන්තිකම අවසන් වන තුරු ආරක්ෂාව සඳහා දමන නුල

දුම්මල පදේ - දුම්මල ගසන විට වයන බෙරපදය

කුරාලය -මහසොහොන් යකුට කරන පූජා කර්මයක්

කපහිටුවීම- තෙමසක් ඇතුළත දේවරාජකාරි ඉටුකර ඔප්පුදෙන බවට ගිවිස කන්නලව් කර මල්පැල හිටුවා කිරිපැලක් වෙන් කිරීම

අගස් පිදීම -  කුඹුරේ හෝ හේනේ දී කපාගත් ප්‍රථම අස්වැන්න කොටස දෙවියන්ට කැපකිරීම

කොට්ටෝරුවන් - දේව ස්තෝත්‍රය සඳහා ආවතේව කරන්නන්

පේ කිරිම - වෙන් කිරීම, කැප කර තැබීම

යහන්කවි - මල්පහන්නේ කවි ගායනා  

අඩුක්කු පිදීම - දේව කටයුතු සඳහා විශේෂිත ආහාර සැකසීම

ආතුරයා - ගිලන් වූ තැනැත්තා

කෝල්මුර කවි - දෙවියන් අරභයා කියන කවි ගායනා

දේවදානය - දෙවියන්ට කැප කළ දානය

බුලත් පදය - කොහොඹ කංකාරියේ පළමු පදය වෙයි බුලත් අතක් අතැතිව නැටුම් ඉදිරිපත් කරයි

පිදවිලි -  දෙවියන් සඳහා තැබූ පලතුරු හා වෙනත් කැවිලි වර්ගයි

රිද්දියාගය - රිද්දි බිසව් අරමුණු කරගත් ගායනයක්.

දහඅට සන්නිය - එනම් සන්නි රෝග දහඅටක් සඳහා සිදුකරන ශාන්තිකර්මයක්

අවනත්ත -කංකාරිමඩුවෙන් පිටත

විලක්කුව -  ගිනි පන්දම

දෙකොන විලක්කුව - විලක්කුවේ කොල්ලෙකම ගින්නෙන් අවුලුවාගත් පන්දම

වයිද්දය - ශාන්තිකර්මය

හත්අඩිය - සිදුහත් උපත සිහිකරවමින් සිදුකරන ශාන්තිකර්මයක්

දරහැව- මල මිනියක් ආකාරයෙන් සිදු කරන මහසොහොන් සමයමේ පූජා ක්‍රමයක්

දොළ පිදේනි -  ප්‍රේතයන් සඳහා සාම්ප්‍රදායික පිදේනි තට්ටුවක අවශ්‍ය ද්‍රව්‍ය තැබීම