කළු ජාතිකයින්ගේ සදාතනික වීරයකු ලෙස මොහු හැඳින්වීම නිවැරදිය. තම වර්ගයාගේ නිදහස වෙනුවෙන් පුරා දශක දෙකහමාරකට වැඩි කාලයක් රොබින් දූපතේ සිරකරුවකු ලෙස සිරබත් කෑ මෙම කළු ජාතික සටන්කාමියා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයාද වෙයි. නෙල්සන් මැන්ඩෙලා නමින් කොයි කවුරුත් හඳුණන මොහු 1918 ජුලි 18 දකුණු අප්‍රිකාවේදී උපත ලබන්නේ ගුරු හිමි ධනු ලග්නයෙනි. උපතේදී ලග්නාධිපති හත්වැන්න වන බාධක රාශියේ තැන්පත් වූ අතර එම රාශි අධිපති බුධ සිටියේ රාජ්‍ය කාරක රවි සමඟ වීම ජන්මියාගේ පෞරුෂය පිළිබඳ ඉඟි කරයි. ඊට අමතරව මෙහි පස්වැන්නාධිපති දසවැන්නේ සිටින අතර එම රාශි අධිපති නමවැන්න අධිපති වන රවි සමග ධර්මකර්මාධිපති රාජයෝගය උදාකරමින් තිබීමේ පල. මොහු නොඅඩුව ලැබූ බව පෙනේ. කුජ සටන්කාමීත්වය නියෝජනය කරන අතර තමාට සුදුසුම ස්ථානයේ සිටීම නිදහස වෙනුවෙන් නොබියව ජයග්‍රහණය තෙක් සටන් වැදීමට ජන්මියා පොළඹවනු ලැබූ බව පෙන්වයි. නමුත් ලග්නාධිපති බාධක රාශියේ තැන්පත්වීම රාහු සහ කේත්තුගෙන් යෙදුන කාලසර්ප යෝගය, තුන අධිපති අටවැන්නේ දුර්වල වීම වැනි කරුණු ජන්මියා පීඩාවට පත්කරන අත්දැකීම්වලට මුහුණදීමට මග පෑදූ බව පැහැදිලිය.
Comments
Post a Comment