හින්දි සිනමාවේ විශිෂ්ට නළු දිලිප් කුමාර්හට කිසියම් ආකාරයකින් හෝ ළංවූ හා එම ප්‍රතිරූපය යම්තරමකින් හෝ යළි රිදී තිරයෙන් මතුකළ නළුවා ලෙස විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ ෂාරුක් ඛාන්වය. දශක එකහමාරකට වැඩි කාලයක සිට ලොව පුරා යුවතියන්ගේ සිහින කුමරුවකු බඳු වූ ෂාරුක් 1965 නොවැම්බර් 2 දිල්ලිහිදී උපත ලබන්නේ කුජ හිමි වෘශ්චික ලග්නයෙනි. මෙම ජන්ම පත්‍රයේ දැකගත හැකි සුවිශේෂී පිහිටීම් දෙකක් ලෙස ලග්නාධිපති කුජ සහ තෙවැන්න සහ සිව්වැන්න අධිපති ශනි ගේ පිහිටීම් දැක්විය හැකිය. ඒ අනුව පංච මහා පුරුෂ යෝගයන්ගෙන් දෙකක්ම මෙම ග්‍රහයින් දෙදෙනා විසින් උදාකොට තිබීම ෂාරුක්ගේ සාර්ථකත්වය මෙන්ම ප්‍රකට භාවයටද ඉවහල් වූ බව ලග්නයේ යෙදුන රුචක සහ සිව්වැන්නේ යෙදුන සස යෝගයන්ගෙන් පිළිඹිඹු කරයි. එකොළොස්වන්නාධිපති බුධ ආත්මය හෙළිදරව් කරන ලග්නගත කුජ සමඟ යෝගවීම සමාජය තුල ගොඩනගාගන්නා පෞරුෂයට සාක්ෂි වෙයි. මේ අතර තම ප්‍රතිභාව, නිපුනතාවය පෙන්වන තෙවැන්න අධිපතියා සිව්වන්නේ මහා පුරුෂ යෝගී බලයකින් සිටීම තම හැකියාවන් තුලින් අමරණීය වන බවට සාක්ෂි වෙයි. මේ වනවිට හතලිස් තුන්වන වියද ඉක්මවා සිටියත් 'රබ්නේ බනා දී ජෝඩී’ වැනි සිනමා පටයක් තුළින් යළිත් තාරුණ්‍යයේ දඟකාරකම ඉස්මතු කරමින් තුරුණු සිත් ඇද බැඳ ගන්නා මොහුගේ තරුණ පෙනුමට දෙවැන්නේ සිකුරුගේ පිහිටීම මෙන්ම ඊට අටවැන්නේ සිටින ගුරුගෙන් ලැබුන සප්තම දෘෂ්ටියද හේතුකාරක වූ බව පැහැදිළි වෙයි.
Comments
Post a Comment