gossiplanka image 1
 



හය අධිපති තම භාවයේම ස්ව ස්ත්‍ර වීමෙන් යෙදුන විපරිත රාජ යෝග බලයක් සහිතව උපන්නෙකු ලෙස ජවහර්ලාල් නේරුතුමන් හැඳින්විය හැකිය. නිදහස් ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ මෙතුමා සදු හිමි කටක ලග්නයෙන් මෙලොව ජනිත වනවිට ලග්නාධිපති ස්ව කේෂේත්‍ර බල සහිතව තම රාශියේ තැන්පත් වීම මෙන්ම කටකයට උච්ච ගුරු හයවැන්නේ සතුරන් දමනය කරන ආකාරයෙන් බල සහිතව සිටීම මොහු ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමී බල කණුවක් වූ බවට සාක්ෂි සපයයි. ග්‍රහයින් තිදෙනෙකුම ක්ෂේත්‍ර බල සහිතව සිටින මෙතුමාගේ හඳහනේ සිකුරු සිව්වනේ මාලවී යෝගය උදාකරමින් තිබීම භාග්‍යවත් බව පෙන්නුම් කරයි. රවි පස්වැන්නේ වෙශී සහ වොශී යෝග සහිතව ලග්නය දැකීමද මෙතුමා සතු මානව දයාවෙන් පූර්ණ පෞරුෂත්වයකින් යුතු නායකත්වය පිළිඹිඹු කරයි. මේ අතර තම මව්බම උදෙසා හිරේ විලංගුවේ පවා වැටීමට සිදු වූ මෙතුමාගේ ජන්ම පත්‍රයේ අශුභ කාල සර්ප යෝගය පිහිටා ඇති බව පෙනෙයි. ලග්න - ජන්ම ඒරාෂ්ටක දෙකකට මැදිවී උපන් මෙතුමාගේ හඳහනේ ග්‍රහයින් සියලු දෙනාම එකදිගට රාශි හතකට පෙළ ගැසී තිබීමද සුවිශේෂී පිහිටීමකි. වීණා යෝගය නම් වූ මෙමගින් පිරිවර සේනාවකින් යුක්ත කතාවෙහි ද, උගත් බුද්ධිමත්, ජනහිතකාමියකු බිහිවන බව තව දුරටත් සනාථ කරයි.