gossiplanka image 1
 




ලෝක බොක්සිං ක්‍රීඩාවේ සදාතනික වීරයා ඔහුය. පරාජයේ කටුක අත්දැකීම් මතින් ජයග්‍රහණයේ මල් මාවත කරා පැමිණි ක්‍රීඩකයෙකු වූ මොහොමඩ් අලී 1942 ජනවාරි 17 උපත ලබන්නේ ශනි හිමි මකර රාශියෙනි. උපතේදී ලග්නාධිපති සිටියේ නීච ආකාරයට වුවද එය සටන්කාමී කුජට අයිති රාශිය විය. ඊට අමතරව කුජ ද තම රාශියේම එඩිතරකම, ජවය, ශක්තිය. මනාලෙස ලබා දෙමින් "රුචක නම් මහා පුරුෂ යෝගය සහිතව සිටියි. එය නීච භංග රාජ යෝගයකි. මොහු බොක්සි වලල්ල තුළ තම ප්‍රතිවාදීන් මරු පහරවල් තුළින් බිම හෙලූවද ඉන් පිටතදී ඔහු සැබෑ සමාජශීලී මානව හිතවාදී මිනිසකු වූ  බවට මෙම ජන්ම පත්‍රය සාක්ෂි දරයි. මෙහි ලන ගතව බුධ හා සිකුරුගෙන් යෙදුන ධර්මකර්මාධිපති යෝගය යෙදී තිබෙනු පෙනේ. (මොහොමඩ් අලි පසු කලක සමාජ සුබ සාධනය වෙනුවෙන් තම කාලය, ධනය මෙන්ම ශ්‍රමයද කැප කල බව ප්‍රකටය.) මීට අමතරව මෙහි තවත් සුවිශේෂී පිහිටීමක් ලෙස පහ හය, හත, අට, නමය සහ දහය අධිපතිත්වය දරන ග්‍රහයින් සිව්දෙනාම ලග්නයේ සිටීම කැපී පෙනෙයි. එය ජන්මියාගේ ප්‍රබලතාවය තීව්‍ර කරන පිහිටීමකි.