gossiplanka image 1
අට අධිපති සහ හය අධිපති එක්ව එකොළොස්වැන්නේ හෙවත් දොළොස්වනි භාවයෙන් දොළොස්වැන්නේ සිටීමෙන් වූ සුවිශේෂී රාජ යෝගයෙන් උපන් පුරුෂයෙකු ලෙස බෲස් ලී හැඳින්විය හැකිය. වේ ඔෆ් ද ඩැගන්, බිග් බොස්, ගේම් ඔෆ් ද ඩෙත් වැනි සිනමා පට තුළින් ලොව පුරා සිනමා රසිකයින්ගේ නෙත් සිත් පැහැරගත් සටන් නළුවෙකු වූ බෲස් ලී අමරනීය මිනිසෙකු වීමට උක්ත ග්‍රහ බලය ඉවහල් වූ බව පැහැදිලිය. 1940 නොවැම්බර් 27 කැලිෆෝනියා හි සෙන් ප්‍රැන්සිස්කෝ හිදී උපත ලද බෲස් ලී ගේ ලග්නාධිපති වන ගුරු උපතේදී කුජ හිමි මේ රාශියේ කෲර ග්‍රහයකු වන ශනි සමඟ සිටීමෙන් ජන්මියා සහජයෙන් එඩිතරකම මුසු පෞරුෂයකට හිමිකම් කියන බව පිළිඹිබු වෙයි. මේ අතර ලග්නාධිපති සිටි රාශි අධිපතියා එකොළොස්වැන්නේ කලාවට අධිපති ස්වක්ෂේත්‍ර සිකුරු සමඟ සිටීමෙන් තමා නියළෙන ක්ෂේත්‍රය කුමක් වුවද එය කලාව හා මුසු වන බවට ඉගි කරයි. ඒ අනුව කුෆු වැනි සටන් කලාවක නිර්මාණශීලී පෙරගමන්කරුවකු වුවද ඔහු එය ලොව පුරා ප්‍රකට කරවනු ලැබූයේ රංගන ශිල්පියෙකු ලෙස තම කුසලතා විදහා දක්වමිනි. කෙනෙකුගේ ජීවන වෘත්තිය නිවේදනය කරන මෙහි දසවැන්නේ අධිපති වන බුධ සටන්කාමී කුජ සහ කලාකාමී සිකුරු සමඟ යෝග වී සිටීමෙන්ද ඒ බව වැඩි දුරටත් තහවුරු වෙයි. මේ අතර මෙම ජන්ම පත්‍රයේ සඳුගෙන් යෙදුන ධුරාධුර යෝගය මෙන්ම රවිගෙන් යෙදුන වොශී යෝගයද පැවතීමෙන් ජන්මියාගේ ප්‍රකට භාවය, කුසලතාවය සහ සමාජශීලී බව පැහැදිළි වෙයි. කෙසේ වුවත්  කුන්ෆු සටන් කලාව මෙන්ම තම රංගන දායකත්වය තුළින්ද ලොව පුරා මිනිසුන් අතර වීරයකු වූ මෙම සුවිශේෂී මිනිසා  තිස් පස් හැවිරිදි වියේදී ජීවිත රඟමඩලෙන් සමුගනු ලබන්නේ මතබේදයට තුඩුදෙන මරණයකට ගොදුරු වීමෙනි. බෲස් ලී ට සතුරන් සිටි බව ප්‍රකටය. මෙහි සතුරන් පෙන්වන හයවැන්න  අධිපති සිකුරු සිටින්නේ අට අධිපති සඳු සහ දොළොස්වන්න අධිපති කුජ සමඟ වීමද විශේෂ අවධානයකට ලක්වෙයි. නමුත්  බෘෘස් ලී ගේ මරණය සිදුව ඇත්තේ මොළයේ නහර හා සම්බන්ධ වූ අර්බුධයකින් බව වෛද්‍ය මතය වීමද මෙම ජන්ම පත්‍රයට අනුව බැහැර කළ නොහැක. මෙහි අට අධිපති චිත්ත වේග නිවේදනය කරන සඳු වන අතර රුධිරයට අධිපති කුජ සඳු හා ඔයෝග වී සිටින්නේ දොළොස්වැන්න අධිපතිකමද සහිතවය.