සචින් තෙන්දුල්කාර් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර දෙවෙනි වන්නේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණකැයි අදහසක් තිබේ. අතිශය ලාබාල වියේදීම ජගත් ක්‍රිකට් පිටියට පැමිණ එහි සුවිශේෂී පෙරළියක් කරමින් ලොව වැඩිම ටෙස්ට් ලකුණු, වැඩිම ටෙස්ට් ශතක, ලොව වැඩිම එක්දින ලකුණු, වැඩිම එක්දින ශතකයන්ද තම නමින් ලියවාගත් මෙම ශූර ක්‍රීඩකයා පිළිබඳ ජ්‍යෙතිෂ ඇසින් බලවිට 1973 අප්‍රේල් 24 බොම්බායේදී ඔහු මෙලොව එළිය දක්නා මොහොතේ උදාවී තිබුන වෘෂභ ලග්න කේන්ද්‍ර සටහන සුවිශේෂී රහස් කිහිපයක්ම හෙළිදරව් කරන බැව් පෙනේ. යමෙකුගේ පෞරුෂය අනාවරණය කරන ලග්නයේ මෙහි ශනි තැන්පත් වී සිටින්නේ නමය සහ 10 අධිපතියා ලෙස වන අතර එය "චන්ද්‍ර වුණා" නම් ශුභ යෝගය උදාකරවීමත් වෙයි. එමඟින් ධාර්මික හික්මුණු මිනිසකු ප්‍රකට කරයි. මෙහි ලග්නාධිපති උච්ච රවි සමඟ සිටීම ජන්මියා සමාජයේ උසස් තැනකට පිවිසෙන බවට ඉඟි කරන අතර ලග්නාධිපතියා සිටින රාශි අධිපතියා උච්චව නමවැන්නේ සිටින්නේ නීච ගුරු සමඟ වීමෙන් නීච භංග රාජ යෝගයක් උදාවී ඇති බැව් පෙන්නේ. ඊට අමතරව නීච ගුරු සිටින රාශි අධිපතියා විසින් නීච ග්‍රහයා දැකීමෙන් තවත් නීච භංගයක් උදා කරදී තිබෙන අතර නීච බුද සිටින රාශි අධිපතියා ලෙසද බුද ගුරු කෙරෙන් තවත් නීච භංග යෝගයක් දැකගත හැකිය. මෙහි ගුරුට හිමි රාශි දෙක්ම (ධනු, මීන) ග්‍රහයින් දෙදෙනෙකු නීච වී සිටීම (බුද, රාහු) සහ එම රාශි අධිපති නීච වී සිටීමද සුවිශේෂී ග්‍රහ පිහිටීමකි. මීට අමතරව ලග්නාධිපතිකමට අමතරව හය අධිපිතයා වන සිකුරු කෙරෙන් විපරිත රාජ යෝගයක් දොළොස්වැන්නේ යෙදී තිබේ. මේ අනුව තෙන්දුල්කාර්ගේ ජන්ම පත්‍රය රාජයෝග පොකුරකගෙන් සමන්විතය.
මෙහි දෙවැන්න අධිපති බුධගෙන් සහ එකොළොස්වැන්න අධිපති ගුරු කෙරෙන් වන නීච භංග රාජයෝගයන් ජන්මියා මූල්‍යමය අතින් ධන කුවේරයකු කරවීමට මහෝපකාරී වී තිබේ. මීට අමතරව මෙහි ප්‍රතිභාව සහජ හැකියාව ශූර බව පෙන්වන තෙවැන්න අධිපති සඳු සිටින්නේ ගුරු හිමි ධනු රාශියේ වන අතර එම ගුරු ශක්තිය, ජවය, සටන්කාමීත්වය, කෙළිලොල් බව නිවේදනය කරන උච්ච කුජ සමග වීම මොහු ක්‍රිකට් වැනි ක්‍රීඩාවකින් අමරණීය ක්‍රීඩකයකු වීමට මග පෑදු බව පැහැදිළි කරයි. (ක්‍රීඩාව වැනි ක්ෂේස්ත්‍රයකින් ලොව ප්‍රකට ශූරයකු වීමට කුජ වැනි ග්‍රහයකු බලවත් වීම මහෝපකාරි වූ බව සනත් ජයසූරියගේ ජන්ම පත්‍රයෙන්ද පැහැදිලි වේ. එහි කුජ රුචක යෝගය සහ නීච භංග රාජ යෝගයද සහිතව දසවැන්නේ සිටිනු පෙනේ)
Comments
Post a Comment