77 - 88 ජේ. ආර්. ජයවර්ධන රජයේ ආරක්ෂක අමාත්‍යධූරය ඇතුලු ප්‍රබල අමාත්‍යධූර ගණනාවක්ම හෙබ වූ ලලිත් ඇතුලත්මුදලි මහතා 1936 නොවැම්බර් 26 උපත ලබා ඇ ත්තේ ග්‍රහ ලොව රජු හැටියට සැළකෙන සිංහ ලග්නයෙන් වීම මෙතුමා දේශපාලනයට උපතින්ම කිසියම් සුදසු කමක් රැගෙන ආවෙකු බවට ඉඟි කරයි ලග්නාධිපති රවි උපතේදී කුජ හිමි වෘශ්චික රාශියේ සිටියේ බුධ සමගය. බුද සිව්වැන්නාධිපති කුජ සමග රාශි මාරුකර ගනිමින් පරිවරතන බලයක් සහිතව සිටීම ජන්මියාගේ පෞරුෂත්වය පැහැදිළි කරයි. මේ අතර එඩිතර, සෘජු අදහස් දැරූ මෙතුමාගේ හඳහන්නේ සුවිශේසී පිහිටීමක් ලෙස හතට දිග්බල ශනි තම රාශියේ ස්ව ක්ෂේත්‍ර බලයෙන් යුතුව "සස" නම් මහා පුරුෂ යෝය උදාකරමින් සිටිම හැඳින්විය හැකිය. ජන්මියාගේ දසවැන්න අධිපති වන සිකුරු ස්වක්ෂේත්‍ර ගුරුට සංයෝග වී පස්වැන්නේ සිට ලග්නය දැකීම අතිශයින්ම වැඩදායක වූවද නීච රාහුද ඊට සංයෝගවීම ශුභ නොවුණු බව පෙනේ. ගුරු අනෙක් පැත්තෙන් අට අධිපතියා වීම මෙන්ම කුජ මාරක දෙවැන්නේ සිට අටවැන්න දැකීමද මෙතුමාට දරුණු මරණයකට මුහුණදීමට ඉවහල් වූ කරුණු අතර ප්‍රමුඛස්ථානයක් ගනී. 1993 දී සාහසිකයකුගේ වෙඩි පහරකට ලක්ව මොහු මියයනවිට ජීවිත කාලයෙන් ගෙවා තිබුනේ වසර 57 කට ආසන්න කාල ප්‍රමාණයකි. ඒ වනවිට ශනි ගෝචර ගමනින් හත්වැන්න වන කුම්භ රාශියේ ගමන් කරමින් සිටියේය. සිංහ ලග්නයට ශනි සතුරු කාරක හයවැන්න අධිපතියාද විය.
Comments
Post a Comment