විලියම් ෂේක්ස්පියර් යන නාමය නොහඳුනනෙකු ලොව නැති තරම්ය. මැක්බර්ත්, ඔතෙලෝ, රෝමියෝ ජුලියට්, හැම්ලට් වැනි දෘෂ්‍ය කාව්‍ය තුළින් ලොව පුරා රසිකයින් මෝහනය කළ මෙම මහා කවියා, සාහිත්‍යධරයා, දෘෂ්‍ය කාව්‍ය නිර්මාපකයා 1564 ලන්ඩනයේ උපත ලබන මොහොතේ අහස් කුස තුළ වූ ග්‍රහ තාරකාවන් පිහිටි ආකාරය මෙවන් වූ අපූර්ව මිනිසෙකු ලෝකයට ජනිත කළ බව සනාථ කරයි. රවි හිමි සිංහ රාශිය ජන්ම ලග්නය කර ගනිමින් උපන් මොහුගේ ලග්නාධිපති උපතේදී බුධ සමග කලාවට අධිපති සිකුරුගේ රාශියක දසවැන්නේ තැන්පත්වීම තම ආත්මයම බුද්ධිමය පරිකල්පනයකින් මෙහෙයවන කලාවක් බව පැහැදිළි කරයි. මෙහි තවත් සුවිශේෂත්වයක් වූයේ එම දසවැන්න අධිපති සිකුරු, එකොළොස්වැන්න අධිපති බුධ සමඟ පරිවර්ථනය වෙමින් මහා පරිවර්ථන යෝගයක් මතුකර තිබීමයි. ඊට අමතරව කලාකරුවකුට අතිශයින්ම යෝග්‍ය සඳු ගෙන් යෙදෙන ධුරාධුර යෝගයද මෙතුමාගේ ජන්ම පත්‍රයේ ඉතා උසස් අයුරින් පිහිටා තිබෙනු පෙනෙයි. මේ අතර ගුරු සහ කුජගෙන් යෙදුන නීච භංග රාජ යෝගය මෙන්ම ගුරු සහ ශනිගෙන් යෙදුන විපරිත රාජ යෝග බලයද සියවස් ගණනක් ගතවූවද තම නාමය ලොවපුරා රැව් පිළිරැව් දෙන අයුරින් නොමියන ආකාරයෙන් සනිටුහන් කිරිමට ඉවහල් වූ බව පැහැදිලි කරයි.
Comments
Post a Comment