ජර්මන් ජාතික ඇඩෝල්ෆ් හිට්ලර් (මොහු උපත ලැබූවේ ඔස්ට්‍රියාවේ බෘෘ නෝහිදීය.) ලොව පුරා ප්‍රකට වන්නේ ඒකාධිපති රුඳුරු ආඥාදායකයකු හැටියටයි. හතලිහ දශකය මුල් සමයේ සමස්ත යුරෝපයම භීතියෙන් මුසපත් කරමින් අධිරාජ්‍යයක් ගොඩනැගීමට වෙර දැරූ මොහු සිදුකළ මිනිස් සංහාරය අතිමහත්ය. මිනිසුන් මිලියන ගණනක් අමානුෂික ලෙස ඝාතනය කළ මෙවැනෙකු බිහිවීමට හේතු සාදක වූ ග්‍රහ පිහිටීම් කෙසේද යන්න පිළිබඳ සොයා බලන විට මොහුගේ තුලා ලග්න ජන්ම පත්‍රයේ දසවැන්න තුළ වන ග්‍රහ බලය අතිශයින්ම තීරණාත්මක වූ බව පැහැදිළිය. කෙනෙකුගේ සිතුවිලි නියෝජනය කරන සිව්වැන්න මෙන්ම හදවතේ අභ්‍යන්තර ගුප්ත බව හෙළිදරව් කරන පස්වැන්න අධිපතියා ලෙස ශනි මෙම ජන්ම පත්‍රයේ දසවැන්නේ තැන්පත්වන්නේ තමුන්ට අතිශයින්ම අයහපන්ම රාශිය වන කටකයේය. එම රාශි අධිපති සඳු සිටියේ ගුරු හිමි ධනු රාශියේ ගුරු සමඟ වුවත් එහි පාප කේතුද සිටින අතර රාහුගේ පාප සප්තම දෘෂ්ටියට ගුරු මෙන්ම සඳුද හසුවී සිටිනු පෙනෙයි. ඊට අමතරව පාප රවි සහ කුජගේ දෘෂ්ටියටද හසුවී තිබේ. හත්වැන්නේ කුජ රුචක නම් මහා පුරුෂ යෝගය උදාකරමින් රවි, සිකුරු සහ බුධ සමඟින් තැන්පත්වීම ඒකාධිපති බලය මෙන්ම ආත්මාර්ථකාමීත්වය ප්‍රකට කරවන පිහිටීමක් බව පෙනෙයි. කුජගේ පිහිටීම මෙන්ම ශනිගේ දෘෂ්ටියද රවිගේ එක්වීමද සහිත ග්‍රහ බලය අතිශයින්ම කුරිරු සිත් ඇත්තෙකු ලොවට බිහිකිරිමට උපකාරි විය. රාහු වැනි පාපයෙකු නමවැන්නේ සිටීමෙන් අධ්‍යාත්මික භක්තියකින් තොරවූවකු බිහිවීමට තවත් රුකුල් දුන් බව පෙනෙයි.
Comments
Post a Comment