gossiplanka image 1
 


විලියම් කුමරු අනාගත බ්‍රිතාන්‍යයන්ගේ ඔටුන්න හිමි කුමාරවරු අතර ඉදිරියෙන්ම පසුවනෙකි. රජ කුමරුවකුට සහ කුමරියකට දාව 1982 ජුනි 21 ලන්ඩනයේදී උපත ලද මොහුගේ කටක ලග්න ජන්ම පත්‍රය තම රාජකීය ස්වරූපය මනාව පිළිඹිබු කරයි. එහි ග්‍රහයින් තිදෙනෙකු ස්ව ක්ෂේත්‍ර බලයෙන් සිටින අතර මෙහි ලග්නාධිපති සඳු සිටිනුයේ රාජ්‍යකාරක ස්ව ක්ෂේත්‍ර රවි සමඟය. මාතෘ කාරක සඳු සහ පීතෘ කාරක රවි, රාහු සමඟ දෙවැන්නේ සංයෝගවී සිටීමෙන් මව සහ පියාගේ පෞරුෂය කෙබඳු එකක්ද යන්න පැහැදිළි වෙයි. පීතෘ කාරක රවී ස්වක්ෂේත්‍රව තම රාශියේ සිටින අතර පියා නියෝජනය කරන දසවැන්න අධිපති කුජද පස්වන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීමෙන් පියාගේ බලයද මෙම ජන්ම පත්‍රය හෙළි දරව් කරයි. කෙසේ වුවත් මාතෘ ස්ථානය වන සිව්වැන්න අධිපති සිටි රාශි අධිපතියා වන සඳු, රවි හා රාහුගෙන් පීඩා වීම මවට අපල ගෙනදුන් බව පෙන්නුම් කරයි. මොහුට උපතින්ම උරුම වූ ධනය, බලය, සුපිරි දිවිය යන කරුණු මෙහිදී මනාව සනාථ කරන අතර එකොළොස්වැන්න අධිපතියා ලග්නයේ තැන්පත් වීමෙන් සමාජශීලී බව ප්‍රකට කරයි. කෙසේ වුවත් කුජ - සිකුරු ඔවුනොවුන් දැකීම මෙන්ම කුජ, ශනි සංයෝගයත් එතරම් ශුභ නොවීමට ඉඩ තිබෙන අතර අනාගතයේ බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වය හිමිකරගැනීමට විලියම් කුමරුට හැකිවේද යන්න පිළිබඳ සොයා බැලීමේදී හයවැන්නේ ගුරුගෙන් යෙදුන විපරිත රාජ යෝගය මෙන්ම දෙවැන්නේ රවී. සහ පස්වැන්නේ කුජගේ ස්වරූපයත් ලෙහෙසියෙන් අමතක කළ නොහැක. ගුරු එක් පැත්තකින් නමවැන්න අධිපතියාය. ඒ අනුව භාග්‍යස්ථානය අධිපතියා කෙරෙන් යෙදුන රාජයෝගයේ බලය මෙන්ම සෙසු ග්‍රහයින්ගේ ස්වරූපයනුත් විමසා බැලීමේදී විලියම් තම පියා මෙන් චිරාත් කාලයක් ඔටුන්න හිමි කුමාරයෙකු ලෙස පමණක් සිටීවී යැයි සිතීම අපහසුය.