වී. අයි. ලෙනින්, මා ඕ සේතුන්, පිදෙල් කැස්ත්‍රෝ වැන්නන්ට ගෙඩි කඩා ගැනීමට ගස රෝපනය කරනු ලැබූවේ මොහු විසිනි. මාක්ස්වාදය නැමැති දර්ශනයේ බීජය මෙන්ම අනතුරුව ලොව පුරා අතු විහිදී ගිය එම විසල් වෘක්ෂයේ හිමිකරුවාද මොහු වෙයි. ඔහු අන් කවරෙකුත් නොව මාක්සාස්වාදයේ පියාවන ජර්මනියේ කාල් මාක්ස්ය. පහල මධ්‍යම පාන්තික පවුලක ඉපිද ඒකාධිපති, වැඩවසම් පාලනයන්ට එරෙහි පන්ති විඥාණයක් සහිත දේශපාලන දර්ශනයක් ලෝකයට හඳුන්වාදුන් මොහු 1818 මැයි පවෙනි දින උපත ලබන්නේ පීඩිත පන්තියේ ජ්‍යොතිෂ සංකේතය වන ශනි හිමි කුම්භ රාශියෙන් වීම විශේෂත්වයක් වෙයි. උපතේදී ලග්නාධිපති "සස" නම් පුරුෂ යෝගය සහිතව ලග්න භාවයේම සිටීමෙන් ජන්මියා තම ජීවිතය මෙහෙයවන්නේ කුමක් වෙනුවෙන්ද යන්න පිළිඹිඹු කරයි. නීතිය හැදෑරීමට බොන් සරසවියට ඇතලත් වුවද පසුව එය අත්හැර දමා දර්ශනවාදය වෙනුවෙන් ආචාර්ය උපාධියක් හිමිකර ගැනීමෙන් එය පැහැදිලි වෙයි.
මුදල් උපයමින් ධන කුවේරයකු වීමට පහසුවෙන්ම හැකිවන නීතිඥ වරයකු වීමට වඩා පවතින දූෂිත සමාජ ක්‍රමය වෙනස්කිරිම සඳහා නව මතවාදයක් ගොඩනැගීමට මනස මෙහෙයවීම ප්‍රධාන වූ බව පෙනී යයි. මෙහි බුද්ධියට කාරක වන බුධ ග්‍රහයා විද්‍යස්ථානය වන පස්වැන්න අධිපති කමද සහිතව සිටියේ ස්ව ක්ෂේත්‍ර සිකුරු සමග සිව්වැන්නෙන්ය. සිකුරු එහි අධිපතියා වෙමින් මාලවී යෝගය සහිතව බලවත් වී සිටින අතර පහ සහ නමය අධිපති සංයෝගයක් වන මෙම සංයෝගය අමාත්‍ය යෝගය ලෙසද එසේ නැත්නම් පුරෝහිත බෝගයක් ලෙසද හැඳින්වෙයි. මේ අතර පස්වැන්නට ස්වක්ෂේත්ර ගුරුගේ සප්තම දෘෂ්ටියක්ද ලැබෙන බව පෙනෙයි. දසවැන්න අධිපති කුජ සිටින රාශි අධිපතියා වන සඳු සිටියේ ජීච රවි සමඟය. එමගින් නීච භංගයක්ද උදාකර තිබෙන අතර රවි උච්ච වන්නේ රාහු සහ සඳු සමඟ වික්රමස්ථානයේයි. ජන්මියා තම සියලු හැකියාවන් සිතුවිලි මුල් කර ගනිමින් ලෝකයාගේ හිත සුව පිණිස මෙහෙයවනු ලබයි. 1867 දී මොහු විසින් පළ කරන ලද "දාස් කැපිටාල්” කෘතිය ලෝක දේශපාලනය, විශේෂයෙන්ම කුරිරු වැඩවසම් පාලනයක් සහිත රටවල දේශපාලනය උඩු යටිකුරු කරවීමට ඉවහල් වූ ප්‍රධානතම අවියක් විය. මෙහි දෙවන වෙළුම මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට පෙර මාන්සේ මියගියද ඔහුගේ දර්ශනයෙන් පල නෙලා ගැනීමට ලෙනින්ලා, කැස්ත්රෝලාට හැකිවුණි.
Comments
Post a Comment