මෙය මෙරට බිහි වූ කලා ප්රාඥයකුගේ කේන්ද්‍ර සටහනක් යැයි කීම නිවරදිය. සිංහල සිනමාවේ දේශීය සලකුණ සනිටුහන් කිරීමේ පුරෝගාමියා ලෙස සැළකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිගේ ජන්ම පත්‍රයේ ලග්නයේ කලාවට අධිපති තැන්පත් වී සිටීම ඔහු තම ජීවන වෘත්තිය කලාව කරගන්නා බවට ඉඟි පල කරයි. ඉන්දීය චිත්රාගාරවලට ගාල් වී දකුණු ඉන්දීය වට්ටෝරු අනුව ගොඩනැගෙමින් තිබූ සිංහල සිනමාව ප්‍රථම වරට ඉන් මුදවා ගනිමින් මොහු තම ප්‍රථම සිනමා පටය වන රේඛාව (1956) නිර්මාණය කරන්නේ එහි සියලුම රූප රාමු තම මබිම මත රූප ගතකරමිනි. ඉන් ඇරඹුන ලෙස්ටගේ සිනමා ගමන සංදේශය, ගම්පෙරළිය, ගොළු හදවත, රන් සළු, බැද්දේගම, මඩොල් දූව වැනි නිර්මාණ මතින් පැමිනෙන අතර මෙම විශිෂ්ට සිනමාකරුවා නිර්මාණය කළ අවසන් සිනමා සිතම වන "අම්මාවරුනේ” ඔහු අධ්‍යක්ෂණය කරනු ලබන්නේ තම ජීවිත ගමනේ අසූපස්වන වියද ඉක්මවීමෙන් අනතුරුව වීම සුවිශේෂිතය. පුවත්පත් කලාවේදියෙකු ලෙස වෘත්තිමය ජීවිතය ආරම්භ කළද පසුකලෙක හෙල සිනමාවේ උන්නතිය වෙනුවෙන් පූර්ණකාලීනව ජීවිතය කැපකළ මෙතුමාගේ මේෂ ලග්න කේන්ද්‍ර සටහනේ සුවිශේෂී ග්‍රහ පිහිටීමක් ලෙස තෙවැන්න අධිපති බුධ සහ දොළොස්වැන්න අධිපති ගුරුගේ පරිවර්තන යෝගය කැපී පෙනෙයි. තෙවැන්නාධිපති බුද සිටිනුයේ අට අධිපති කුජගෙන් යෙදුන විපරිත යෝගයකටද මැදිව රවි සමඟය. නීච රාහු සිටින රාශි අධිපතියා සිටින්නේ නීච බුධ සමඟ බැවින් එමගින්ද නීච භංග යෝගයක් යෙදී ඇති බව පෙනෙයි. නීච රාහුට කේන්ද්‍ර ගතව උච්ච සදු සිටිමද නීච භංග යෝගයකි. මේ අතර සිතුවිලි වලට කාරක වන සිවිවැන්න අධිපති, උච්ච සඳුගෙන් යෙදුන "ධුරාධුර" නම් සුවිශේෂී යෝගයේ පලද මෙතුමා නොඅඩුව භුක්ති විඳිනු ලැබූ බව පෙනේ. මොහු මෙරට සිනමාවේ දැවැන්ත යුග පුරුෂයෙකු වීමට ගුරු හා සිකුරුට මැදිව යෙදුන මෙම අසිරිමත් යෝගයද බෙහෙවින්ම මහෝපකාරි වූ බව නිසැකය.
Comments
Post a Comment