gossiplanka image 1
 



හත්වැන්නාධිපති බලවත් ලෙස හත්වැන්නේ සිටීම යනු යමෙකුගේ සහකරු හෝ සහකාරිය බලයෙන් යුතු අයකු බවට වන ජ්‍යෙතිෂ නියමය ඩයනා කුමරියගේ ජන්ම පත්‍රයෙන් තවදුරටත් තහවුරු වෙයි. 1961 ජුලි 1 නෝෆෝක් හි උපන් මෙතුමියගේ කටක ලග්න ජන්ම පත්‍රයේ සස නම් මහා පුරුෂ යෝගය උදාකරමින් ශනි දිග් බලව සිටිනු පෙනෙයි. ඒ අනුව මැය විවාහ වූයේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සමඟය. මීට අමතරව ගුරු සහ ශනිගෙන් යෙදුන නීච භංග යෝගයක්ද මෙම කෙන්ද්‍රයේ හත්වැන්නේ යෙදී තිබීමෙන් සහකරුවාගේ පෞරුෂය සහ පවුල් පසුබිම සනාථ කරයි. මේ අතර බුධ ස්වක්ෂේත්‍රව දොලොස්වැන්නේ සිටීමෙන් යෙදුන විපරිත රාජ යෝගයක්ද මෙම හඳහනේ දක්නට ලැබෙයි. සමාජශීලීත්වය පිළිඹිඹු කරන සිකුරු තමාට සුදුසුම එකොළොස්වැන්නේ සිටීමෙන් මැයගේ සමාජශීලී බව තහවුරු කරයි. කෙසේ වුවත් හත්වැන්නේ ගුරු නීච වීම මෙන්ම දෙවැන්නේ කුජ රාහු සමඟ සංයෝගව සිටීම විවාහ දිවිය අවුල් කර බිඳ දැමීමට උපකාරී වූ බව පැහැදිළි කරයි.ඊට අමතරව මාරක ස්ථානය වූ දෙවැන්නේ කුජ රාහු සංයෝගය මෙන්ම හත්වැන්නේ අට අධිපති වූ ශනි නීච ගුරු සමඟ යෝගවීමද ඩයනා කුමරිය මාරක රිය අනතුරකින් මෙලොව හැරයාමට ඉවහල් වූ ජ්‍යොතිෂමය සාධක අතර ඉදිරියෙන්ම වෙයි.