gossiplanka image 1
 


කෘෂ්ණ අවතාරය වනාහි විෂ්ණු පිළිබඳ ඉතාමත් ජන ප්‍රිය අවතාරයයි. කෘෂ්ණ වේශයෙන් විෂ්ණු ලොව පහළ වූයේ කංස නම් වු රාක්ෂස රජෙකු මරා දැමීම සඳහාය. එඩේරුන් අතර ඇති දැඩි වූ තෘණ කුඩා කළ සිටම ගෝපිකාවන් හෙවත් කිරි දෙවීමෙහි යෙදෙන තරුණියන්ගේ සුරතලා විය. ළමා වියේ කෘෂ්ණ හරකුන් බැලීමටත් එඩේර දරුවන් හා සෙල්ලම් කිරීමටත් පුරුදුව සිටියේය. තරුණ වියේදී ඔහු ගැමි තරුණියන්ගේ පෙම්වතා විය. එහු එම තරුණියන් සමඟ සින්දු කීවේය. නැටුවේය. මැදි වියේ ඔහු දක්ෂ පාලකයෙක් තානාපතියෙක් හා රණ ශූරයෙක්ද විය. ඔහු අවංක මිතුරෙකු මෙන්ම ඥානවන්ත උපදේශකයෙකි. කෞරවයන් හා පාණ්ඩවයන් අතර යුද්ධය ඇවිලීමට පෙර හෙතෙම පාණ්ඩ්‍යන්ගේ දූතයෙකු ලෙස ක්‍රියා කළේය. මහා භාරතයෙහි දැක්වෙන සටනේදී ඔහු අර්ජුනගේ රියදුරා විය. අර්ජුනට භගවත් ගීතාව ගයන ලද්දේ ඔහු විසිනි. මදුරා පුර රජ කළ උග්‍ර රජුට රූමත් බිරියක වූවාය. එක්තරා රකුසෙක් ඇය කෙරෙහි බැදුණු සිත් ඇතිව සිටියේය. දිනක් උග්‍ර රජුගේ වේෂයෙන් පෙනී සිටිමින් මේ රකුසා එම බිසව හා විසීය. රකුසා නිසා ඇයට පුතෙක් ලැබුණි. ඔහු කංස නම් විය. කුඩා කළ සිටම කංස කුරිරු පුද්ගලයෙකු විය. වියපත් ඔහු පියා සමග සටන් කළේය. ඔහු හිරකර රාජ්‍යය උදුරා ගත්තේය. කංසගේ දරුණු ක්‍රියා දරාගත නොහැකි වූ මිහිකත ඔහුට විරුද්ධව ඉදිරිපත් වූවාය. ඇය එළදෙනක වෙසින් දෙවියන් වෙත ගොස් කංසගේ බරින් තමන් මුදන ලෙස ඉල්ලා සිටියාය. දෙවියෝ ඇය මහා බ්‍රහ්ම වෙත කැඳවාගෙන ගියහ. ඔහු යළි ඇයව ශිව වෙතටත් ශිව විශ්ණු වෙතටත් කැඳවාගෙන ගියේය. කංසගේ බරින් මිහිකත මුදා ගැනීමට පොරොන්දු වූ විශ්ණු මිනිස් වෙසින් ලොව පහළ වීමට තීරණය කර ගත්තේය.කංසට දේවකී නම් සොහොයුරියක් වූවාය. ඇය වාසුදේව  නම් රටේ නායකයෙකුට විවාහ කර දෙනු ලැබීය. විවාහ දිනයේ මංගල රථය පදවාගෙන යනු ලැබුවේද කංස විසිනි. එවිට අහසින් හඩක් නැගුණි.

"මෝඩයා ඔබ දැන් කැඳවාගෙන යන ස්ත්‍රියකගේ අටවැනි දරුවා විසින් ඔබ මරා දමනු ලබන්නෙහිය” ඒ හඬ ඇසු කංස මහත් බියට පත්වූයේය. ඔහු එතැනදීම මනාලිය වූ සිය සොහොයුරිය මරා දැමීමට සූදානම් විය. නමුත් වාසුදේව මැදිහත් වී එය වැළැක්වීය. දරුවන් උපන් මොහොතේම ඔවුන් කංසට භාරදෙන බවට පොරොන්දු වී දේවකීට ජීවිතය ලබා දුන්නේය. කංස එම තරුණිය නොමැරූ නමුත් ඇයත් වාසුදේවත් මුර තැබීය. දේවකීට දරුවන් හයදෙනෙකු ලැබුණි. මේ සැවොම උපන් මොහොතේම කංස විසින් මරා දමන ලදී. ඇය හත්වැනි වරටද ගැබ් ගත්තාය. මෙවර ඇයට උපදින්නට සිටි දරුවා ලක්ෂ්මණය.  ඔහු සිය සොහොයුරු රාමයන් කෘෂ්ණ වෙසින් ලොව පහළ වන බැවින් ඔහුට උදවු පිණිස මිනිස් ලොව ඉපදීමට තීරණය කර ගත්තේය. මේසා ඔහු ඉපදීමට පෙර විෂ්ණු දේවකී තුළ වූ ගැබ වාසුදේවගේ අන් බිරියක වූ රෝහිණිට මාරු කළේය. ප්‍රසූතියට පෙරම ගැබ අනතුරට භාජන වූ බවත් කෘෂ්ණට දන්වන ලද්දේය. රෝහිණි දරුවා ප්‍රසූත කළාය. ඔහු බලරාම නම් විය. දේවකී අටවැනි වරටද ගැබ් ගත්තාය. ගැබ මෝරන්ම ඇය. මුර කිරීමට සිටි භටයන්ගේ සංඛ්‍යාවද කංස විසින් වැඩි කරන ලද්දේය. දරුවා බිහිවීමට නියමිත දිනයේ වාසුදේව ඉදිරියේ දෙවියෙක් පෙනී සිටියේය. "අද රැ දේවකීට දරුවා ලැබන්නේය. එවිට එම දරුවා නන්ද නම් වු එඩේරාගේ බිරිය වූ යසෝධා වෙත ගෙන යන්න. ඇයද අදම පුතෙකු බිහි කරන්නීය. ඔබගේ දරුවා ඇය ළග තබා ඇගේ දරුවා ගෙනවුත් දේවකීට දෙන්න.”යැයි දෙවියා කීය. මැදියම් රැයේ කෘෂ්ණ උපන්නේය. මුරභටයෝ නිද්දේ සිටියහ. දේවකීය නතර කර තිබූ හිරගෙය හි දොර හැර තිබුණි. වාසුදේව දරුවා ගෙන නන්දගේ නිවසට දිව්වේය. ඔහුගේ මුරට අනන්ත නා රජු ඉදිරියෙන් ගමන් කළේය. යමුනා ගඟ පිටාර ගලමින් තිබූ නමුත් වාසුදේව ළං වෙත්ම ගඟ බැස ගියේය. ඔහු ගග තරණය කරමින් නන්දගේ නිවසට ගියේය. යසෝධාට පවා නොපෙනෙන පරිදි දරුවා මාරුකරන්ගෙන ආපසු හිරගෙදරටම ආවේය. අවදි වූ මුර භටයන්ට හඬන දරුවෙකුගේ ශබ්දය ඇසුණි. ඔවුහු වහාම කංසට පනිවුඩ යැවූහ. මොහොතකින් එහි පැමිණි කංසා පොළොවේ ගසා මරා දැමීම සඳහා දරුවා එසවා ගත්තේය. නමුත් දරුවා ඔසවන්ම ඔහු කංසගෙන් ගැලවී අහසට පැන නැග්ගේය.

"මෝඩයා මම යෝග නිදායි. ඔබ මැරීමට නියමව සිටින දරුවා ඉපදී යහතින් පසුවේ." යැයි කීවේය. බියට පත් වු කංස සිය කාමරයට වැදී දොරගුළු ලා ගත්තේය. වාසුදේව හා දේවකී යන දෙදෙනාගෙන් තවත් උවදුරක් නැති බැව් දත් ඔහු ඔවුන් නිදහස් කළේය.  වාසුදේව තමුන්ගේ අනෙක් පුත්‍රයා වු බලරාමද නන්ද වෙත ගෙන ගොස් කෘෂ්ණ සමගින් ඇති දැඩි කරන ලෙස භාර දුන්නේය. කංස දරුවන්ට හානි පැමිණවීමට ඉඩ ඇති නිසා මේ දෙදෙනාද රැගෙන මදුරපුරය හැර ගෝකුල දනවුවට යන ලෙසද නන්දට කීවෙන් නන්ද එසේ කළේය. තමන් මැරීමට ඉපිද සිටින දරුවා හඳුනා ගැනීමට ක්‍රමයක් නොවුයෙන් රටේ සියළුම දරුවන් මරා දැමීමට කටයුතු කළේය. මේ සඳහා නූතන නම් වු රාක්ෂසියක් කංස විසින් තෝරා ගන්නා ලදී. මැගෙන් කිරි බොන සෑම දරුවෙකුම මිය යන්නේය. රාක්ෂ සිය කෘෂ්ණටද කිරි පෙවීමට සැරසුණාය. නමුත් කෘෂ්ණ තදින් කිරි උරන්නට වූයෙන් ඇය එතැනම මැරි වැටුණාය. තමන් මැරීමට උපන් දරුවා කෘෂ්ණම විය යුතු යැයි මේ සිද්ධියෙන් කංසට තේරුම් ගියේය. දරුවා මැරීම සඳහා රාක්ෂසයෙකු යැවීය. කෘෂ්ණ මහ වනයේ හුදකලාව ඇවිදිමින් සිටියදි රකුසා එහි ගියේය. රකුසා දෙපයින් ගත් කෘෂ්ණ ඔහුගේ හිස ගල්පරයක ගසා හිස පොඩිකර මරා දැමීය. තවත් වරෙක යෝධ ගිජු ලිහිණියෙකුගේ වෙස් ගත් රාක්ෂසයෙක් කෘෂ්ණ සිය තුඩින් අල්ලා ගත්තේය. කෘෂ්ණගේ සිරුරෙහි වූ දැඩි උෂ්ණය නිසා  ගිජු ලිහිණියාට ඔහු අත්හැර දැමීමට සිදුවිය. එවිට පක්ෂියාගේ හොටයේ පහත කොටස පයින් පාගා ගත් කෘෂ්ණ හොටයේ ඉහළ කොටස උඩට උස්සා මරා දැමීමෙන් පක්ෂියා මරුමුවට පත් කළේය. තවත් රකුසෙක් විශාල සර්ප වෙසක් ගෙන කෘෂ්ණ ගිල දැමීය. නමුත් තෘණ සිය සිරුර ක්‍රමයෙන් විශාල බවට පත් කිරිමෙන් සපයාගේ උදරය පළා ගෙන එළියට ආවේය. කෘෂ්ණ කළේ තමන් මැරීමට එවනු ලැබු රකුසන් මරා දැමීම පමණක් නොවේ. ඔහු ගෝපිකාවන්ට නොයෙක් විහිළු කරන්නට විය. ඔවුන්ගේ වෙඩරු හා කිරි සොරකම් කළේය. ඒ පිළිබඳ විමසු විට සොරකම් කළ තැනැත්තා ලෙස අනිකෙකු දැක්වීය. රංචු පිටින් සිය මිතුරන් කැඳවාගෙන ගොස් පලතුරු වතුවලට වැදී පල නෙළා කෑහ. ගොවීහු මේ ගැන නිතරම පැමිණිලි කළහ. වරෙක ගැමිතරුණියන් නාන ඇළක් වෙත ගොස් ඔවුන්ගේ ඇඳුම් සොරා ගත්තේය. මෙසේ ගෙන ගස් බෙනයකට වී සැග වී සිටියේය. සිය බටනලාව වාදනය කිරිල්ලෙන් හා නැටීමෙන් තරුණියන් විනෝද කිරීමට කෘෂ්ණ පුරුදුව සිටියේය. රටට නොයෙක් උපද්‍රව පැමිණ වූ රාක්ෂසයෝ කෘෂ්ණ අතින් මැරුම් කෑහ. ගෝකුල ප්‍රදේශය අසබඩ ගසක විසූ යෝධ සර්පයෙකු එම ප්‍රදේශයේ එඬේරුන්ට හා ගවයන්ටද උපද්‍රව කිරිමට වුයෙන් කෘෂ්ණ විසින් එම සර්පයා පන්නා දමනු ලැබීය. මහවැසි වැසීමෙන් ගෝකුල ප්‍රදේශය ජලයෙන් යට වී ගොවිතැනට හානි වන්නට ගිය අවස්ථාවක ගෝවර්ධන කන්ද ගලවා එය කුඩයක් සේ අල්ලාගෙන සිටීමෙන් පළාත රැක ගත්තේය. කෘෂ්ණගේ බල මහිමය පිළිබඳව කංසට අසන්නට ලැබුණි. ඔහු නොවරදවාම මරා දැමීමේ උපායක් කල්පනා කළේය. තමන්ගේ මෙහෙයීමෙන් මදුරා පුර පැවැත්වෙන ක්‍රීඩා උත්සවයක් නැරඹීම සඳහා පැමිණෙන ලෙස කෘෂ්ණ හා බලරාම යන දෙදෙනාට කංස ආරාධනා යැවීය. මෙම ආරාධනා එවන ලද්දේ රටේ සිටි ඉතාම ගුණවත් පුරුෂයෙකු ලෙස ගැනුණ අක්රූරා අතය. අරූරා පණිවුඩය භාර දුන්නේය. නමුත් කංසගේ උපක්‍රමය ගැන කියා ආරාධනය නොපිළිගන්නා ලෙස ඔවුන්ට කීය. එහෙත් කෘෂ්ණ ආරාධනය පිළිගත්තේය. තරුණයෝ දෙදෙනා ගෝපිකාවන්ගේ හැඩුම් වැලපුම් මධ්‍යයේ කංසගේ රාජ්‍යය කරා පිටත්ව ගියහ. අශ්වයෙකුගේ වෙස් ගත් කේසින් නම් රාක්ෂසයා අතරමගදී තරුණයන් දෙදෙනාට පහර දුන්නේය. නමුත් කෘෂ්ණ නොබියව අසුට ළගා වී සතාගේ උගුරට අත දැමීය. එවිට අසු පිම්බී පුපුරා මළේය. කෘෂ්ණ හා බලරාම යළිත් සිය ගමන අරඹා නුවරට | සමීප වුහ. දිළිඳු වස්ත්‍රයෙන් සැරසී සිටි මේ දෙදෙනාට නුවරට ඇතුළු වීමට පෙර උත්සවයට සරිලන ඇඳුම් සොයා ගත යුතු විය.මදුර පුර අසලදී කංසගේ රෙදි අපුල්ලන්නා හමුවිය. ඔහුගේන් ඇඳුම් කට්ටල දෙකක් ඉල්ලූ නමුත් ලබාගත නොහැකි විය. කෘෂ්ණ රෙදි අපුල්ලන්නා සහ ඔහුගේ පුතුන් දෙදෙනාද මරා දැමීය. කංසගේ ඇඳුම් වලින් සැරසී නුවරට ඇතුළු වුහ. ක්‍රීඩා උත්සවයේදී චණ්ඩ මල්ලව ශුරයන් දෙදෙනෙක් මේ දෙන්නා මැරීම සඳහා කංස විසින් යොදවන ලදී. යම් හෙයකින් ඔවුන්ට මේ දෙදෙනා මැරීමට නොහැකි වුවහොත් එය කිරිම සඳහා ඇතෙක් කිට්ටුවෙන්ම නතර කරන ලද්දේය. එනමුත් කෘෂ්ණ මල්ලව ශූරයන් දෙදෙනාද කෘසගේ මුර භටයන්ද කංසද විනාශ කර දැමුවේය.

පසුව ඔහු කංසගේ පියා වූ හිර භාරයේ සිටි උග්‍ර නිදහස් කර ඔහුට රාජ්‍යය පැවරිය. බලරාම හා තෘණ සිය දෙමවුපියන් වූ දේවකී හා වාසුදේවද කැටුව පසුව මඳුරාපුරයෙහි පදිංචි වූහ. පසු කලෙක කංසගේ මිතුරන් වූ රාක්ෂස රජවරුන් දෙදෙනෙකු විසින් මදුරාපුරයට පහර දෙන ලදී. නගරය රැක ගැනීමට නොහැකි වූයෙන් කෘෂ්ණ හා පිරිස මදුරාපුරය හැර ගොස් ස්ත්‍රීන්ට පවා රැක ගත හැකි වූ වාරක නම් පුරයක් ඉදිකර ගත්හ. කෘෂ්ණ මෙහි සිට සටන් කොට සතුරන් පරදවා රාජ්‍යය යළි අත්පත් කර ගත්තේය. ද්වාරක ප්‍රදේශයෙහි පාලකයා වශයෙන් කෘෂ්ණ කුරිරු රජුන් විශාල සංඛ්‍යාවක් සමග සටන් කර ඔවුන් විනාශ කර දැමුවේය. ශිසුපාල ඉන් කෙනෙකි. මේ රජවරු සිය දහස් ගණන් ස්ත්‍රීන් අල්ලා සිරකර තබාගෙන සිටියහ. මේ කාන්තාවන් අවිවාහකවම මහළු වී යාමෙන් වැළකීම සඳහා කෘෂ්ණ ඒ සියළු දෙනාම විවාහ කර ගත්තේය. මෙන්සේ විවාහ කර ගත්තවුන්ගේ සංඛ්‍යාව දහසය දහසකි. මේ හැර තවත් තරුණියෝ අට දෙනෙක්ද ඔහු විසින් විවාහ කර ගන්නා ලදි. විමර්ත දේශයේ භීෂ්මක රජුගේ දියණිය වූ රුක්මණී ඉන් එක ස්ත්‍රියකි. රුක්මණී දම්මිගේ අවතාරයක් ලෙස සළකනු ලැබේ. කෞරව, පාණ්ඩව යුද්ධයේදී කෘෂ්ණ පාණ්ඩව කුමරුන්ගේ පක්ෂය ගෙන ඔවුන්ට යුද්ධය මෙහෙයවීම පිළිබඳ උපදෙස් දුන්නෙන්ය. යුද්ධය අවසන තමන්ගේ සියළුම පුත්‍රයන් නැසී යෑම නිසා කෞරව කුමරුන්ගේ මවු වූ ගන්ධාරි ඉමහත් දුකට පත්ව කෘෂ්ණට ශාප කළාය.

"කෞරවයන් විනාශ වූවා මෙන්ම කෘෂ්ණ උපන් මුළු යාදව වර්ගයාම නැසේවා” යනු ඇයගේ ශාපයවිය. මේ ශාපය ක්‍රියාත්මක විය. ඒ සම්බන්ධයෙන්ද හින්දුන් විසින් අදහනු ලබන ප්‍රවෘත්තියක් වුයේය. යාදව ළමයින් කණ්ඩායමක් නාරද සෘෂිවරයා විහිළුවක් කිරීමට සිතා පුත්‍රයෙකු වූ සම්බ ගැබිනියක සේ හඳහා ගෙන සාමිවරයා වෙත ගෙන ගියහ. ඔවුහු ඇය පෙන්වා මැයට කවරනම් දරුවෙක් ලැබේයි සෘෂිවරයාගෙන් ඇසුහ.

"ඇයට උපදින්නේ යකඩයක්. එයින් මුළු යාදව වර්ගයාම විනාශවනු ඇත. කෝපයට පත් සෘෂිවරයා කීවේය. ළමයි සාමිවරයාගේ ප්‍රකාශය විහිළුවක් කොට ගත්හ. නමුත් කල්ගත වෙත්ම සම්භ ගැබ්ගත් බවක් දක්නට ලැබුණි. නිසි කල්හි ඇය යකඩයක් බිහි කළේය. එය කුඩු කර මුහුදට දමන ලෙස උගසේන රජ නියම කළාය. යකඩය කුඩු කළ නමුත් එහි එක් කැබැල්ලක් කවර අන්දමකින් හෝ කුඩු කිරීමට නොහැකි විය. මේ යකඩ කුඩු ඉතිරි වු කැබැල්ලක් සමගම මුහුදට විසි කරන ලදි. යකඩ කුඩු වෙරළට ගැසීය. එයින් එක්තරා පඳුරු වර්ගයක් හට ගැනුණි. කුඩු නොවු යකඩ කැබැල්ල මාළුවෙකු විසින් ගිල දමනු ලැබීය. මෙම මාළුවා මසුන් මරන්නෙකු විසින් අල්ලා ගන්නා ලදුව මාළුවාගේ උදරයෙහි වු යකඩ කැබැල්ල ගෙන එය පාර නම් වූ දඩයක්කාරයාට විකුණනු ලැබීය. දඩයක්කාරයා එයි වූත් හීතලක් තනා ගත්තේය. යාදව වර්ගයාගේ විනාශය පිළිබඳව දෙවිවරුන් විසින් කෘෂ්ණට කල්තියා දන්වන ලද්දේය. සිය පිරිස රැකගනු රිසි වු කෘර්ණ ඔවුන්ට ද්වාරක පුරය හැර ප්‍රහාස නම් වූ නගරයට යන ලෙස කීවේය. ඔවුහු ප්‍රහාස නම් නගරය බලා පිටත් වුහ. අතරමග මුහුදු වෙරළෙහි හිඳ මත්පැන් බොමින් ප්‍රීති වීමට පටන් ගන්න. බීමත් වූ දෙදෙනෙකු අතර ආරවුලක් පැන නැගී එය මුළු පිරිස අතරම පැතිර ගියේය. කෘෂ්ණ හා බලරාම එය සමථයකට පත් කිරිම සඳහා උත්සාහ කළ නමුත් අසාර්ථක විය. ආරවුල තවත් උග්‍ර විය. ඔවුහු ආයුධ ලෙස මුහුදු වෙරළේ යකඩ කුඩුවලින් වැසී තිබුණ පඳුරු උදුරාගෙන පහර දෙන්නට වූහ. මෙම ආරවුලෙන් බලරාම හා කෘෂ්ණ හැර යාදව ගෝත්‍රයට අයත් අනෙක් සියල්ලෝම මිය ගියහ. අනතුරුව සොහොයුරන් දෙදෙනා අසල වනයට ගොස් ගලක් මත සිටියහ. එහිදී බලරාමගේ මුවින් සර්පයෙකු නිකුත් වූ අතර බලරාම එතැනම මිය ගියේය. බලරාම අනන්ත නා රජුගේ අවතාරයක් යැයිද මතයක් වේ. කෘෂ්ණ ගං තෙරකට වී ජීවිතයේ ඇති දුක් ගෙන දෙන සුළු ස්වභාවය පිළිබඳව මෙනෙහි කරමින් භාවනා කරන්නට විය. දඩ කෙළියේ යමින් සිටි ජාරා නම් වු දඩයක්කාරයා මුවෙකැයි සිතා තමුන් තනාගෙන තිබූ හීතලය යොදා වින්දේය. ඉන් යාදව ගෝත්‍රයේ අන්තිම පුද්ගලයාද මිය ගියේය.