ඌව යන්නෙහි සුබ යන අර්ථය ඇත්තේය. නමුත් විනාශකාරී දෙවියෙකුට ඒ නම යෙදී ඇත. එසේ වුවද මේ විනාශකාරිත්වය යළි මැවීම්වලට හේතුවන බැවින් ලොව විනාශ කිරිම හා මැවීම යන දෙකම එකම දෙවියෙකු විසින් කරනු ලබන දෙයක් බව ශිව භක්තිකයෝ විශ්වාස කරති.
ලොව නිතිපතා ඇතිවන වෙනස්වීම් ස්වභාවය මෙහිදී විනාශය ලෙස සළකති. ලොව කිසිවක් සදාකාලික නොවන්ය. සෑම දෙයක්ම විනාශ මුඛයට ගොස් යළි ගොඩ නැගෙන්ය. මොහොතින් මොහොත ලොව ඇති සෑම දෙයක් සත්වයන් පවා වෙනස් වනු ඇත. මේ නිසා ශිව දෙවියන්ගේ මූලික කටයුත්ත ලොව විනාශ කිරීම යැයි පිලිගැනීමක් වෙයි. ශිව දෙවියන්ගේ නාමවේදයෙහි දක්නට නොලැබෙන බැවින් ඔහු එකළ රුද්‍ර නමින් හැඳින්වුණු බවක් ශිව භක්තිකයෝ අදහති. වේදයට අනුව ලොව අධිපති. දෙවියෝ ගෘහපතියෙකු ලෙස සැළකේ. ඌෂා ඔහුගේ බිරියයි. ඌෂා යනු අළුයම වේ. අවුරුද්දකින් ඔවුනට දරුවෙක් ඉපැදුණි. මේ දරුවා හඩන්න වුයේය. "දරුවා මෙතෙක් යාග හෝම පවත්වා මහත් අමාරුවෙන් ලත් ඔබ මෙසේ හඩන්නේ ඇයිද” යැයි මහා බ්‍රහ්ම ඔහුගෙන් ඇසීය.
"මා තුළ වූ අයහපත ස්වභාවයන් ඉවත් නොකරන ලද්දේය. මට නමක් නොදෙන ලද්දේය. ඒ නිසා මට නමක් දෙන්න.” යැයි දරුවා කීවේය.
"ඔබ රුද්‍ර නම් වන්නේය”
හැඬු නිසා ඔහුට රුද්‍ර යන නම තැබීය. රුද්‍ර මහා බ්‍රහ්මයාගේ පුතෙකු ලෙස සැළකේ. බ්‍රහ්මගේ ඉල්ලීමට අනුව මොහු ඔහුගේ පුතෙකු ලෙස උපන් නමුත් ශිව අතින් මහා බ්‍රහ්මගේ හිස් පහෙන් එකක් සිඳ දමන ලදැයි හින්දු දේව කතාවන්හි එයි. දිවි සමක් හැඳගත් තවුසෙකු ලෙස ශිව හැඳින්වෙයි. ඔහු සුදුය. නමුත් බෙල්ල කළුය. ඔහු නාගයෙකු සිය ජටාව ලෙස පළඳියි. ඒ නාගයාම දෙවියන්ට ආවරණයක් ලෙස හිසට උඩින් පෙනගොබ විදහා ගෙන සිටින්ය. තවත් නාගයෙක් බෙලේ වෙයි. අනිකෙක් ඔහුට ශුද්ධ වූ ජප මාලය ලෙස සිටී. නව සඳ ඔහුගේ හිසෙහි වෙයි. නළලෙහිද ඇසක් ඇත. බ්‍රහ්මට හෝ විෂ්ණුට මෙන් ශිවට දිව්‍ය ලෝකයේ විමානයක් නැත. තවුස්දම් රැකීම සඳහා කෛලාසයට නැගගත් ඔහු එහි වාසය කරනුයේ ගහක් යටය. ඔහු ඉඳුම් හිටුම් නැති සංචාරකයෙකි. යක්ෂයන් රාක්ෂසයන්හ ප්‍රේතයන් වැනි භූතයන් සමග සොහොන් පිටිවල හා වෙනත් හුදකලා තැන්වල ගත කිරිමට ශිව කැමති වේ. මේ ගමන් වලදී ඔහු අතක මිනී හිස් කබලක් සහ අනෙක් අතෙහි සිඟමන් ලබා ගන්නා භාජනයක් ද වෙයි. වෙනත් ස්ථානයන්හිදී ඔහු ත්‍රීශුලයක් අතැතිව ඉන්නා බැව් දැක්වෙයි. මහා බ්‍රහ්මගේ හිසක් කපා දැමීමේ පාපය නිසා මෙසේ ඔහු සංචාරක ජීවිතයක් ගත කරන බව විණු පුරාණයේ දැක්වේ. මුලින්ම මහා බ්‍රහ්ම හා ශිව එක්වර ලොව පහළ වූ අතර බලය අල්ලා ගැනීම සඳහා දෙදෙනා සටන් කරන්නට කෙස් වැටියෙන් අල්ලා ගෙන අනෙක් අතින් එය කපා දැමීය. බ්‍රහ්මගේ හිස අල්ලා ගත් ශිවගේ අත පණ නැති වී ගියේය. ඔහුට අතෙහි වූ බ්‍රහ්මගේ හිස බිම හෙලිය නොහැකි විය. මේ අතර මහා බ්‍රහ්ම රුදුරු රකුසෙකු මවා ශිව ඉදිරියට යැවීය. ඔහුට විරුද්ධව සටන් කළ නොහැකි වු ශිව පැන ගොස් බරණැස් නුවර සැඟවුණේය. මෙහිදී මහා බ්‍රහ්මගේ හිස කැපීමෙන් වු පාපය නිමා කරන ලදුව ශිව අතෙහි වූ බ්‍රහ්මගේ හිස අතින් ගිලිහුණි. නමුත් ඔහුට සදාකාලික තැන තැන ඇවිදින ලෙසත් සිගමන් කොට ජීවිකාව කර ගන්නා ලෙසත් සාප කළේය. ශිවගේ බෙල්ල කළු වුයේ අනන්ත නා රජු මහ මෙර වටා ඔතා කිරි සයුර කළඹද්දී නා රජු පිට කළ විස පානය කිරිල්ලෙන් යැයි කියවේ. මේ විස කිරි මුහුදෙහි වැටීමෙන් එහි අමෘතය වහ වේවි යන බියෙන් ශිව එය පානය කළේය. විෂ ශරීර ගතවීමට පෙර ශිවගේ භාර්යාව වූ පාර්වතිය ඔහුගේ බෙලෙන් අල්ලාගෙන එය නතර කළෙන් බෙල්ල කළු විය. ශිව තවත් වරෙක ගංගා නම් ගග දෙව්ලොවින් බස්නා විට එය හිස මත වැටෙන්නට සැලැස්වීය. මහා බ්‍රහ්මගේ පුත් දක්ෂ හා ශිව අතර වරෙක ආරවුලක් පැන නැගුණි. ඉන් දක්ෂ මැරුම් කෑවේය. දක්ෂට සත්‍රි නම් වු රූමත් දුවක් වූවාය. නිසි වයසට පත් කල්හි ඇයව විවාහ කරද සඳහා ස්වයංවරයක් පැවැත්වීය. දක්ෂ මේ ස්වයංවරය සඳහා සෑම දෙවියෙකුටම ආරාධනා කළේය. නමුත් ශිවට ආරාධනා නොකළේය.ශිවගේ ගති ගුණ හා පෙනුම ඇති තැනැත්තෙකු සිය දියණියගේ සැමියා වීමට සුදුසු නොවූවකු සේ දක්ෂ කල්පනා කළේය. නමුත් සති ශිව අදහන්නියක වූයෙන් ඔහු හැර වෙනත් කෙනෙකු විවාහ කර නොගැනීමට ඉටා ගත්තාය. ස්වයංවර දිනයේ ඒ සඳහා පිළියෙල වු ශාලාවට පිවිසි සති ශිව එහි නොමැති බව දුටුවාය. ඇයගේ බලාපොරොත්තු සුන් විය. "ශිව මේ මල්දාමය පිළිගන්නවා ඇත "යි කියමින් ඇය විසින් තෝරා ගනු ලබන සැමියාට පැළඳවීම සඳහා ගෙන ආ මල්දාමය අහසට විසි කළාය. ශිව එහි පෙනී සිට මල් දාමය පිළිගත්තේය. කරගත හැකි අන් දෙයක් නොවූයෙන් දක්ෂ සිය දියණිය ශිවට විවාහ කර දුන්නේය. දක්ෂ හා ශිව අතර ආරවුල පැන නැගේ මෙතැන්හීදිය. මීළග හමුවීමක් වූයේ මහා බ්‍රහ්මන්ගේ නිවසෙහිය. දක්ෂ එහි ඇතුළුවන විට ශිව හා මහා බ්‍රහ්ම හැර සෙසු සැවොම නැගී සිට ආචාර කළෝය. මහා බ්‍රහ්ම දක්ෂගේ පියා වූ බැවින් ඔහු නැඟී සිටීමට උවමනාවක් නැත. නමුත් සිය මාමණ්ඩිය පැමිණි විට ශිව නැගිට ආචාර කළ යුතුව තිබිණි. මහා බ්‍රහ්මට ආචාර කළ දක්ෂ දේව සභාව අමතන්නට වූයේ ශිව දෙසම බලමින්ය.
"ඍෂිවරුනි, දෙවිවරුනි මා ගුණවතුන්ගේ ගති ගුණ විස්තර කරන්නට යනුයේ අනුවණ කමක් නිසා හෝ කෙනෙකු කෙරෙහි කෝපයෙන් හෝ නොවේ. නමුත් මේ ලැජ්ජා නැති පුද්ගයා ලෝක පාලකයන්ගේ පිළිගත් පැවැත්මෙන් බැහැරව සිටී. ගිනි දෙවියන් හා මහා බ්‍රහ්මත් ඉදිරියේ මගේ දුව සාවිත්‍රී විවාහ කර ගත්තේය. මේ වඳුරු ඇස් ඇත්තා මාගේ මුව ඇස් ඇති දියණිය විවාහ කරගත් නමුත් ඒ උදෙසා වචනයකින් හෝ මට ගෞරවයක් දැක්වූයේ නැත. මා මෙහි පැමිණෙන විට ඔහු නැගිට ආචාර කළ යුතුව තිබුණි." "එසේ වුවද අශුද්ධවන්ත මානයෙන් දැපුණ සිරිතලාවත බිඳලනෙකු වූ මොහුට මාගේ දියණිය පාවා දුනිමි. ඔහු · යකුන් රකුසන් හා අවතාර පිරිවරාගෙන පික්සකු සේ බිහිසුණු සොහොන් පිටිවල සැරිසරයි. නිසි වස්ත්‍රයක් නැතිව කඩා හෙළාගත් කෙස් වැටියෙන් යුතුව මිනි හිස් කබලින් තැනූ මාලයක් හා මිනී ඇටවලින් තැනූ ආභරණ සැළඳ හැසිරෙන මොහු ශිව හෙවත් ශුද්ධ තැනැත්තා යැයි කියාගනී. නමුත් ඔහු ඇත්ත වශයෙන්ම අශිවය. ඔහු පිත්තෙකි. පිස්සන් විසින් ආදර සත්කාර කරනු ලබන්නෙකි. අඳුරෙහි විසීම ස්වභාව කොට ඇති අවතාරයන්ගේ දෙවියෙකි. ශුද්ධවන්ත භාවයෙන් තොර වූ කපටි හිතින් යුතු මේ තැනැත්තාට ශුද්ධවන්ත භාවයෙන් තොර වූ මේ තැනැත්තාට අනේ මගේ ගුණවත් දුව මහා බ්‍රහ්මගේ කීම පිට සරණ පාවා දුන්නෙමි.” මෙයින් නොනැවතුණ දක්‍ෂ ශිව දෙවියන්ට ශාප කරන්නට විය. "දෙවියන් අතර ඉතාමත් පහත් තැනැත්තෙකු වූ මේ ශිව දෙවියන් සඳහා කරන්නා වූ යාග හෝමයන් හිදී අනෙක් ඉන්ද්‍ර උපේන්ද්‍ර ආදි දෙවිවරුන් සමඟ සිට කොටසක් ලැබීමට තරම් නොවේවා.” යි කියා දක්ෂ රැස්වීමෙන් පිටව ගියේය. භව යනු ශිව දෙවියන්ට තවත් නමකි. උපේන්ද්‍ර යනු විෂ්ණු දෙවියන්ට නමකි. පසු කලෙක දෙවියන් සඳහා දක්ෂ විසින් විශාල බිලි පූජාවක් පවත්වන ලදී. සිය සතුරා හැර අනෙක් සියළුම දෙවිවරුන්ට මේ පූජාවට ආරාධනා කර තිබුණි. කෙලාස කූටයෙහි සිටි "සති” දෙවිවරුන් විශාල කණ්ඩායම් වශයෙන් යනු දුටුවාය. ඔවුන් දක්ෂගේ බිලි පූජාව සඳහා යන බව කීර්නෙන් ශිව වෙත ගොස් ඔහුට ආරාධනා ලැබී ඇත්දැයි විමසුවාය. නැති බව කී ඔහු කෝපයට පත්ව සිටි තම බිරිඳ සැනසීමට උත්සහ කළේය. නමුත් "සති” සැනසීම පහසුවෙන් කළ හැක්කක් නොවේ. ආරාධනා නොලැබීම නිසා ඇය සිය පියාගේ විමානය කරා ගියාය. එහි ගිය සති සිය සැමියාට ආරාධනා නොකළේ මන්දැයි පියාගෙන් විමසුවාය. ආදරයෙන් සිය දියණිය . උකුල මත රඳවාගෙන ඇයට හේතු පහදන්නට විය. "ශිව මිනිස් හිස් කබලක් ගෙලේ පළඳින්නෙකි. රකුසන් හා බදවයන් පිරිවරා සොහොනෙහි හැසිරෙනෙකි. ඇඳුමෙන් තොරව කොටි සමක් හෝ ඇත් සමක් පොරවා සිටිනෙකි. ඇග පුරා අළු තවරාගෙන සර්පයන් සිරුරේ ඔතාගෙන හිගමනේ යනෙකි. ඇතැම් විටෙක නටමිනුත්න්තවත් විටෙක වයමිනුත් දේව සිරිත් විරිත් ගැන නොසළකා ඔබ මොබ හැසිරෙනෙකි. මේ අයහපත් හැසිරීම් නිසා ඔබගේ සැමියා තුන් ලොවම අවමානයට ලක්වූයේය. ඔහු බ්‍රහ්ම, විෂ්ණු හා අනෙකුත් උසස් දෙවිවරුන් සිටින පූජාවකට සහභාගි කර ගැනීමට තරම් නොවේ. ඒ නිසා මම ඔහුට ආරාධනා නොකළෙමි.” මේ පිළිබඳව පියා හා දුව අතර බලවත් වාදයක් විය. අවසන සිය සැමියාගේ ගෞරවය රැක ගැනීම සඳහා පූජාව වෙනුවෙන් තැනූ ගිනි මැලයට පැන සති පිළිස්සී මළාය. සිය බිරියගේ මරණය ගැන ඇසූ කෝපයට පත් ශිව දක්ෂගේ විමානය කරා ගියේය. ඔහු සිය හිස කෙස් වලින් රකුසන් කීප දෙනෙකු මැවීය. ඔවුහු බිලි පූජාව කඩා කප්පල් කර දැමූහ. ශිව හා දක්ෂ අතර මහා සටනක් ඇවිලුණි. අන්තිමේ වීරභද්‍ර නම් වේශයක් ගත් ශිව සිය මාමණ්ඩියගේ හිස ගසා දමා පලවා හැරිස්ය. ඔහු සිය බිරියගේ පිළිස්සී ගිය සිරුර ගිනි මැලයෙන් ගත්තේය. ශිව ඇය අමතා කතා කළේය. "මාගේ පෙම්බරිය සත්‍රි, නැගිටින්න, නැගිටින්න, මම ඔබගේ සැමියා වු ශංකරයි. ඔබ සොයා ආ මා දෙස බලන්න. ලොව හැම දෙයක් මවන හැම ආශිර්වාදයක් දෙන මා ඔබ ළඟින් සිටින විට බලවත්ය. නමුත් ඔබ නැතිව මා බලහීනය. මළ සිරුරක් සේය. කටයුත්තෙහි අදය. පෙම්බර බිරිය මා වෙනුවෙන් නැගී සිටින්නට බැරිද? ඔබගේ සුපුරුදු සිනාවෙන් බැල්මෙන් යුතුව අමෘතය වැනි මිහිරි වදන් කියන්න. දුකින් හැකිලී ගොස් තිබෙන මගේ හදවත ඔබගේ වචන වැස්සෙන් පුබුදු කරන්න. කලින් ඈතදීම මා දුටුවාම ආදර වචන කියා මා පිළිගන්නවා නොවේද? අද එසේ නොකරන්නේ ඇයි? මා හා අමනාපයෙන්වන්ද?" "අහෝ මගේ ආත්මයේ ස්වාමි දුව නැගිටින්න, අහෝ ලෝක පාලක මාතාවෙනි නැගිටින්න. මා මෙතන හඬමින් වැලපෙමින් සිටිනවා නොපෙන්ද? අහෝ රූමතිය, ඔබ මළ විය නොහැකියි. අහෝ මගේ කීකරු බිරිය, පුරුදු පරිදි මට ගෞරව නොකරන්නේ ඇයි? විවාහයේ දී වූ පොරොන්දුව ගැන නොතකන්නා සේ මෙසේ මගේ වචනයට අද කීකරු නොවන්නේ ඇයි ශිව මෙසේ විලාප කියමින් සතිගේ පිළිස්සී ගිය සිරුර සිප ගත්තේය. ඇගේ සිරුර සිය පපු තලයට තද කරක්ගෙන වියරු වූවෙකු මෙන් නටන්නට විය. ඔහු සිය බිරියගේ සිරුරද රැගෙන හත්වරක් ලොව වටා නැටීය. ශිවන්ගේ දුකත් නැටුමේ තාලයත් නිසා ලොව දෙදරුම් කෑවේය. ලෝ වැස්සන්ටද එය දැනෙන්නට විය. ශිවගේ මෙම වියරු නැටුම කොතැනකින් කෙළවර වේදැයි නොදත් විෂ්ණු සතිගේ මළ සිරුර කැබලි පනහක් වන සේ කැපීය. සිය බිරියගේ මළ සිරුරේ බරින් නිදහස් වූ ශිවට යළි සිහිය ලැබුණෙන් නැටුම නතර කළේය. දෙවිවරු ඔහු සනසන්නට වූහ. දක්ෂව මැරිම ගැන කණගාටුවට පත් ශිව ඔහුට යළි පණ ලබාදීමට එකග විය. නමුත් බිලි පූජාව කඩාකප්පල් කර දැමීමෙන් පැන නැගි කළබලයේදී දක්ෂගේ හිස නැතිව ගොස් තිබිණි. ඒ වෙනුවට ඔහුට එළුවෙකුගේ හිසක් ලබා දී පණ ගැන්වීය. සති උමා නමින් උපත ලැබුවාය. ඇය හිමාලයෙන් උපන් නිසා පාර්වතී යැයි නම් වූවාය. නමුත් මේ වනවිට ශිව ගිහි සැප කෙරෙහි කළකිරි සිටියේය. මේ නිසා ඔහුගේ සිත් ගැනීම සඳහා. යාග හෝම ආදිය පැවැත්වීමට ඇයට සිදුවිය.උමා නමින් උපත ලද සති
ඌව යන්නෙහි සුබ යන අර්ථය ඇත්තේය. නමුත් විනාශකාරී දෙවියෙකුට ඒ නම යෙදී ඇත. එසේ වුවද මේ විනාශකාරිත්වය යළි මැවීම්වලට හේතුවන බැවින් ලොව විනාශ කිරිම හා මැවීම යන දෙකම එකම දෙවියෙකු විසින් කරනු ලබන දෙයක් බව ශිව භක්තිකයෝ විශ්වාස කරති.
ලොව නිතිපතා ඇතිවන වෙනස්වීම් ස්වභාවය මෙහිදී විනාශය ලෙස සළකති. ලොව කිසිවක් සදාකාලික නොවන්ය. සෑම දෙයක්ම විනාශ මුඛයට ගොස් යළි ගොඩ නැගෙන්ය. මොහොතින් මොහොත ලොව ඇති සෑම දෙයක් සත්වයන් පවා වෙනස් වනු ඇත. මේ නිසා ශිව දෙවියන්ගේ මූලික කටයුත්ත ලොව විනාශ කිරීම යැයි පිලිගැනීමක් වෙයි. ශිව දෙවියන්ගේ නාමවේදයෙහි දක්නට නොලැබෙන බැවින් ඔහු එකළ රුද්‍ර නමින් හැඳින්වුණු බවක් ශිව භක්තිකයෝ අදහති. වේදයට අනුව ලොව අධිපති. දෙවියෝ ගෘහපතියෙකු ලෙස සැළකේ. ඌෂා ඔහුගේ බිරියයි. ඌෂා යනු අළුයම වේ. අවුරුද්දකින් ඔවුනට දරුවෙක් ඉපැදුණි. මේ දරුවා හඩන්න වුයේය. "දරුවා මෙතෙක් යාග හෝම පවත්වා මහත් අමාරුවෙන් ලත් ඔබ මෙසේ හඩන්නේ ඇයිද” යැයි මහා බ්‍රහ්ම ඔහුගෙන් ඇසීය.
"මා තුළ වූ අයහපත ස්වභාවයන් ඉවත් නොකරන ලද්දේය. මට නමක් නොදෙන ලද්දේය. ඒ නිසා මට නමක් දෙන්න.” යැයි දරුවා කීවේය.
"ඔබ රුද්‍ර නම් වන්නේය”
හැඬු නිසා ඔහුට රුද්‍ර යන නම තැබීය. රුද්‍ර මහා බ්‍රහ්මයාගේ පුතෙකු ලෙස සැළකේ. බ්‍රහ්මගේ ඉල්ලීමට අනුව මොහු ඔහුගේ පුතෙකු ලෙස උපන් නමුත් ශිව අතින් මහා බ්‍රහ්මගේ හිස් පහෙන් එකක් සිඳ දමන ලදැයි හින්දු දේව කතාවන්හි එයි. දිවි සමක් හැඳගත් තවුසෙකු ලෙස ශිව හැඳින්වෙයි. ඔහු සුදුය. නමුත් බෙල්ල කළුය. ඔහු නාගයෙකු සිය ජටාව ලෙස පළඳියි. ඒ නාගයාම දෙවියන්ට ආවරණයක් ලෙස හිසට උඩින් පෙනගොබ විදහා ගෙන සිටින්ය. තවත් නාගයෙක් බෙලේ වෙයි. අනිකෙක් ඔහුට ශුද්ධ වූ ජප මාලය ලෙස සිටී. නව සඳ ඔහුගේ හිසෙහි වෙයි. නළලෙහිද ඇසක් ඇත. බ්‍රහ්මට හෝ විෂ්ණුට මෙන් ශිවට දිව්‍ය ලෝකයේ විමානයක් නැත. තවුස්දම් රැකීම සඳහා කෛලාසයට නැගගත් ඔහු එහි වාසය කරනුයේ ගහක් යටය. ඔහු ඉඳුම් හිටුම් නැති සංචාරකයෙකි. යක්ෂයන් රාක්ෂසයන්හ ප්‍රේතයන් වැනි භූතයන් සමග සොහොන් පිටිවල හා වෙනත් හුදකලා තැන්වල ගත කිරිමට ශිව කැමති වේ. මේ ගමන් වලදී ඔහු අතක මිනී හිස් කබලක් සහ අනෙක් අතෙහි සිඟමන් ලබා ගන්නා භාජනයක් ද වෙයි. වෙනත් ස්ථානයන්හිදී ඔහු ත්‍රීශුලයක් අතැතිව ඉන්නා බැව් දැක්වෙයි. මහා බ්‍රහ්මගේ හිසක් කපා දැමීමේ පාපය නිසා මෙසේ ඔහු සංචාරක ජීවිතයක් ගත කරන බව විණු පුරාණයේ දැක්වේ. මුලින්ම මහා බ්‍රහ්ම හා ශිව එක්වර ලොව පහළ වූ අතර බලය අල්ලා ගැනීම සඳහා දෙදෙනා සටන් කරන්නට කෙස් වැටියෙන් අල්ලා ගෙන අනෙක් අතින් එය කපා දැමීය. බ්‍රහ්මගේ හිස අල්ලා ගත් ශිවගේ අත පණ නැති වී ගියේය. ඔහුට අතෙහි වූ බ්‍රහ්මගේ හිස බිම හෙලිය නොහැකි විය. මේ අතර මහා බ්‍රහ්ම රුදුරු රකුසෙකු මවා ශිව ඉදිරියට යැවීය. ඔහුට විරුද්ධව සටන් කළ නොහැකි වු ශිව පැන ගොස් බරණැස් නුවර සැඟවුණේය. මෙහිදී මහා බ්‍රහ්මගේ හිස කැපීමෙන් වු පාපය නිමා කරන ලදුව ශිව අතෙහි වූ බ්‍රහ්මගේ හිස අතින් ගිලිහුණි. නමුත් ඔහුට සදාකාලික තැන තැන ඇවිදින ලෙසත් සිගමන් කොට ජීවිකාව කර ගන්නා ලෙසත් සාප කළේය. ශිවගේ බෙල්ල කළු වුයේ අනන්ත නා රජු මහ මෙර වටා ඔතා කිරි සයුර කළඹද්දී නා රජු පිට කළ විස පානය කිරිල්ලෙන් යැයි කියවේ. මේ විස කිරි මුහුදෙහි වැටීමෙන් එහි අමෘතය වහ වේවි යන බියෙන් ශිව එය පානය කළේය. විෂ ශරීර ගතවීමට පෙර ශිවගේ භාර්යාව වූ පාර්වතිය ඔහුගේ බෙලෙන් අල්ලාගෙන එය නතර කළෙන් බෙල්ල කළු විය. ශිව තවත් වරෙක ගංගා නම් ගග දෙව්ලොවින් බස්නා විට එය හිස මත වැටෙන්නට සැලැස්වීය. මහා බ්‍රහ්මගේ පුත් දක්ෂ හා ශිව අතර වරෙක ආරවුලක් පැන නැගුණි. ඉන් දක්ෂ මැරුම් කෑවේය. දක්ෂට සත්‍රි නම් වු රූමත් දුවක් වූවාය. නිසි වයසට පත් කල්හි ඇයව විවාහ කරද සඳහා ස්වයංවරයක් පැවැත්වීය. දක්ෂ මේ ස්වයංවරය සඳහා සෑම දෙවියෙකුටම ආරාධනා කළේය. නමුත් ශිවට ආරාධනා නොකළේය.ශිවගේ ගති ගුණ හා පෙනුම ඇති තැනැත්තෙකු සිය දියණියගේ සැමියා වීමට සුදුසු නොවූවකු සේ දක්ෂ කල්පනා කළේය. නමුත් සති ශිව අදහන්නියක වූයෙන් ඔහු හැර වෙනත් කෙනෙකු විවාහ කර නොගැනීමට ඉටා ගත්තාය. ස්වයංවර දිනයේ ඒ සඳහා පිළියෙල වු ශාලාවට පිවිසි සති ශිව එහි නොමැති බව දුටුවාය. ඇයගේ බලාපොරොත්තු සුන් විය. "ශිව මේ මල්දාමය පිළිගන්නවා ඇත "යි කියමින් ඇය විසින් තෝරා ගනු ලබන සැමියාට පැළඳවීම සඳහා ගෙන ආ මල්දාමය අහසට විසි කළාය. ශිව එහි පෙනී සිට මල් දාමය පිළිගත්තේය. කරගත හැකි අන් දෙයක් නොවූයෙන් දක්ෂ සිය දියණිය ශිවට විවාහ කර දුන්නේය. දක්ෂ හා ශිව අතර ආරවුල පැන නැගේ මෙතැන්හීදිය. මීළග හමුවීමක් වූයේ මහා බ්‍රහ්මන්ගේ නිවසෙහිය. දක්ෂ එහි ඇතුළුවන විට ශිව හා මහා බ්‍රහ්ම හැර සෙසු සැවොම නැගී සිට ආචාර කළෝය. මහා බ්‍රහ්ම දක්ෂගේ පියා වූ බැවින් ඔහු නැඟී සිටීමට උවමනාවක් නැත. නමුත් සිය මාමණ්ඩිය පැමිණි විට ශිව නැගිට ආචාර කළ යුතුව තිබිණි. මහා බ්‍රහ්මට ආචාර කළ දක්ෂ දේව සභාව අමතන්නට වූයේ ශිව දෙසම බලමින්ය.
"ඍෂිවරුනි, දෙවිවරුනි මා ගුණවතුන්ගේ ගති ගුණ විස්තර කරන්නට යනුයේ අනුවණ කමක් නිසා හෝ කෙනෙකු කෙරෙහි කෝපයෙන් හෝ නොවේ. නමුත් මේ ලැජ්ජා නැති පුද්ගයා ලෝක පාලකයන්ගේ පිළිගත් පැවැත්මෙන් බැහැරව සිටී. ගිනි දෙවියන් හා මහා බ්‍රහ්මත් ඉදිරියේ මගේ දුව සාවිත්‍රී විවාහ කර ගත්තේය. මේ වඳුරු ඇස් ඇත්තා මාගේ මුව ඇස් ඇති දියණිය විවාහ කරගත් නමුත් ඒ උදෙසා වචනයකින් හෝ මට ගෞරවයක් දැක්වූයේ නැත. මා මෙහි පැමිණෙන විට ඔහු නැගිට ආචාර කළ යුතුව තිබුණි." "එසේ වුවද අශුද්ධවන්ත මානයෙන් දැපුණ සිරිතලාවත බිඳලනෙකු වූ මොහුට මාගේ දියණිය පාවා දුනිමි. ඔහු · යකුන් රකුසන් හා අවතාර පිරිවරාගෙන පික්සකු සේ බිහිසුණු සොහොන් පිටිවල සැරිසරයි. නිසි වස්ත්‍රයක් නැතිව කඩා හෙළාගත් කෙස් වැටියෙන් යුතුව මිනි හිස් කබලින් තැනූ මාලයක් හා මිනී ඇටවලින් තැනූ ආභරණ සැළඳ හැසිරෙන මොහු ශිව හෙවත් ශුද්ධ තැනැත්තා යැයි කියාගනී. නමුත් ඔහු ඇත්ත වශයෙන්ම අශිවය. ඔහු පිත්තෙකි. පිස්සන් විසින් ආදර සත්කාර කරනු ලබන්නෙකි. අඳුරෙහි විසීම ස්වභාව කොට ඇති අවතාරයන්ගේ දෙවියෙකි. ශුද්ධවන්ත භාවයෙන් තොර වූ කපටි හිතින් යුතු මේ තැනැත්තාට ශුද්ධවන්ත භාවයෙන් තොර වූ මේ තැනැත්තාට අනේ මගේ ගුණවත් දුව මහා බ්‍රහ්මගේ කීම පිට සරණ පාවා දුන්නෙමි.” මෙයින් නොනැවතුණ දක්‍ෂ ශිව දෙවියන්ට ශාප කරන්නට විය. "දෙවියන් අතර ඉතාමත් පහත් තැනැත්තෙකු වූ මේ ශිව දෙවියන් සඳහා කරන්නා වූ යාග හෝමයන් හිදී අනෙක් ඉන්ද්‍ර උපේන්ද්‍ර ආදි දෙවිවරුන් සමඟ සිට කොටසක් ලැබීමට තරම් නොවේවා.” යි කියා දක්ෂ රැස්වීමෙන් පිටව ගියේය. භව යනු ශිව දෙවියන්ට තවත් නමකි. උපේන්ද්‍ර යනු විෂ්ණු දෙවියන්ට නමකි. පසු කලෙක දෙවියන් සඳහා දක්ෂ විසින් විශාල බිලි පූජාවක් පවත්වන ලදී. සිය සතුරා හැර අනෙක් සියළුම දෙවිවරුන්ට මේ පූජාවට ආරාධනා කර තිබුණි. කෙලාස කූටයෙහි සිටි "සති” දෙවිවරුන් විශාල කණ්ඩායම් වශයෙන් යනු දුටුවාය. ඔවුන් දක්ෂගේ බිලි පූජාව සඳහා යන බව කීර්නෙන් ශිව වෙත ගොස් ඔහුට ආරාධනා ලැබී ඇත්දැයි විමසුවාය. නැති බව කී ඔහු කෝපයට පත්ව සිටි තම බිරිඳ සැනසීමට උත්සහ කළේය. නමුත් "සති” සැනසීම පහසුවෙන් කළ හැක්කක් නොවේ. ආරාධනා නොලැබීම නිසා ඇය සිය පියාගේ විමානය කරා ගියාය. එහි ගිය සති සිය සැමියාට ආරාධනා නොකළේ මන්දැයි පියාගෙන් විමසුවාය. ආදරයෙන් සිය දියණිය . උකුල මත රඳවාගෙන ඇයට හේතු පහදන්නට විය. "ශිව මිනිස් හිස් කබලක් ගෙලේ පළඳින්නෙකි. රකුසන් හා බදවයන් පිරිවරා සොහොනෙහි හැසිරෙනෙකි. ඇඳුමෙන් තොරව කොටි සමක් හෝ ඇත් සමක් පොරවා සිටිනෙකි. ඇග පුරා අළු තවරාගෙන සර්පයන් සිරුරේ ඔතාගෙන හිගමනේ යනෙකි. ඇතැම් විටෙක නටමිනුත්න්තවත් විටෙක වයමිනුත් දේව සිරිත් විරිත් ගැන නොසළකා ඔබ මොබ හැසිරෙනෙකි. මේ අයහපත් හැසිරීම් නිසා ඔබගේ සැමියා තුන් ලොවම අවමානයට ලක්වූයේය. ඔහු බ්‍රහ්ම, විෂ්ණු හා අනෙකුත් උසස් දෙවිවරුන් සිටින පූජාවකට සහභාගි කර ගැනීමට තරම් නොවේ. ඒ නිසා මම ඔහුට ආරාධනා නොකළෙමි.” මේ පිළිබඳව පියා හා දුව අතර බලවත් වාදයක් විය. අවසන සිය සැමියාගේ ගෞරවය රැක ගැනීම සඳහා පූජාව වෙනුවෙන් තැනූ ගිනි මැලයට පැන සති පිළිස්සී මළාය. සිය බිරියගේ මරණය ගැන ඇසූ කෝපයට පත් ශිව දක්ෂගේ විමානය කරා ගියේය. ඔහු සිය හිස කෙස් වලින් රකුසන් කීප දෙනෙකු මැවීය. ඔවුහු බිලි පූජාව කඩා කප්පල් කර දැමූහ. ශිව හා දක්ෂ අතර මහා සටනක් ඇවිලුණි. අන්තිමේ වීරභද්‍ර නම් වේශයක් ගත් ශිව සිය මාමණ්ඩියගේ හිස ගසා දමා පලවා හැරිස්ය. ඔහු සිය බිරියගේ පිළිස්සී ගිය සිරුර ගිනි මැලයෙන් ගත්තේය. ශිව ඇය අමතා කතා කළේය. "මාගේ පෙම්බරිය සත්‍රි, නැගිටින්න, නැගිටින්න, මම ඔබගේ සැමියා වු ශංකරයි. ඔබ සොයා ආ මා දෙස බලන්න. ලොව හැම දෙයක් මවන හැම ආශිර්වාදයක් දෙන මා ඔබ ළඟින් සිටින විට බලවත්ය. නමුත් ඔබ නැතිව මා බලහීනය. මළ සිරුරක් සේය. කටයුත්තෙහි අදය. පෙම්බර බිරිය මා වෙනුවෙන් නැගී සිටින්නට බැරිද? ඔබගේ සුපුරුදු සිනාවෙන් බැල්මෙන් යුතුව අමෘතය වැනි මිහිරි වදන් කියන්න. දුකින් හැකිලී ගොස් තිබෙන මගේ හදවත ඔබගේ වචන වැස්සෙන් පුබුදු කරන්න. කලින් ඈතදීම මා දුටුවාම ආදර වචන කියා මා පිළිගන්නවා නොවේද? අද එසේ නොකරන්නේ ඇයි? මා හා අමනාපයෙන්වන්ද?" "අහෝ මගේ ආත්මයේ ස්වාමි දුව නැගිටින්න, අහෝ ලෝක පාලක මාතාවෙනි නැගිටින්න. මා මෙතන හඬමින් වැලපෙමින් සිටිනවා නොපෙන්ද? අහෝ රූමතිය, ඔබ මළ විය නොහැකියි. අහෝ මගේ කීකරු බිරිය, පුරුදු පරිදි මට ගෞරව නොකරන්නේ ඇයි? විවාහයේ දී වූ පොරොන්දුව ගැන නොතකන්නා සේ මෙසේ මගේ වචනයට අද කීකරු නොවන්නේ ඇයි ශිව මෙසේ විලාප කියමින් සතිගේ පිළිස්සී ගිය සිරුර සිප ගත්තේය. ඇගේ සිරුර සිය පපු තලයට තද කරක්ගෙන වියරු වූවෙකු මෙන් නටන්නට විය. ඔහු සිය බිරියගේ සිරුරද රැගෙන හත්වරක් ලොව වටා නැටීය. ශිවන්ගේ දුකත් නැටුමේ තාලයත් නිසා ලොව දෙදරුම් කෑවේය. ලෝ වැස්සන්ටද එය දැනෙන්නට විය. ශිවගේ මෙම වියරු නැටුම කොතැනකින් කෙළවර වේදැයි නොදත් විෂ්ණු සතිගේ මළ සිරුර කැබලි පනහක් වන සේ කැපීය. සිය බිරියගේ මළ සිරුරේ බරින් නිදහස් වූ ශිවට යළි සිහිය ලැබුණෙන් නැටුම නතර කළේය. දෙවිවරු ඔහු සනසන්නට වූහ. දක්ෂව මැරිම ගැන කණගාටුවට පත් ශිව ඔහුට යළි පණ ලබාදීමට එකග විය. නමුත් බිලි පූජාව කඩාකප්පල් කර දැමීමෙන් පැන නැගි කළබලයේදී දක්ෂගේ හිස නැතිව ගොස් තිබිණි. ඒ වෙනුවට ඔහුට එළුවෙකුගේ හිසක් ලබා දී පණ ගැන්වීය. සති උමා නමින් උපත ලැබුවාය. ඇය හිමාලයෙන් උපන් නිසා පාර්වතී යැයි නම් වූවාය. නමුත් මේ වනවිට ශිව ගිහි සැප කෙරෙහි කළකිරි සිටියේය. මේ නිසා ඔහුගේ සිත් ගැනීම සඳහා. යාග හෝම ආදිය පැවැත්වීමට ඇයට සිදුවිය.
Comments
Post a Comment