කෙම
ඕනෑම තරගයකට යෑමට පෙර තමන් වෙනුවෙන් ගල් කැටයක් ද, ප්‍රතිවාදියා වෙනුවෙන් ලුණු කැටයක් ද ගෙන, පහත සඳහන් මන්තයෙන් 108 වරක් මතුරා දිය පාරකට දමා තරගය සඳහා යනු නියත වශයෙන් ජය අත්වේ.
මන්ත්‍රය
නමෝ කර තුර කාරකඩ කාර ඒස්වාහං
එහි විද්‍යාත්මක පදනම
දෙදෙනෙක් අතර පවත්නා තරගයක දී එම තරගයට යෑමට පෙර මෙම කෙම කිරීමෙන් නියත වශයෙන්ම ජය අත්කර ගැනීමට හැකි යයි මෙම කෙම ප්‍රචලිතව පවත්නා සමාජය තුළ විශ්වාසයක් පවතී.එ සේ ම මෙම කෙම ඕනෑම ආකාරයක තරගයක් ජය ගැනීම සඳහා යෝග්‍ය බව ද පැවසේ.මෙහි දී සිදුවන්නේ කුමක් ද? මෙම කෙම මගින් එකෙකු අභිබවා මෙම ක්‍රියාවට නැංවූ පුද්ගලයා ජය ලබාගන්නේ කෙසේ ද? යන කරුණු කාරණා විමසුමට ලක් කිරීමේ දී ප්‍රබල සාධක කීපයක් මතුකර ගැනීමට පුළුවන. ලුණු කැටයකුත්, ගල් කැටයකුත් මතුරා දියට දැමුව විට සිදුවන්නේ කුමක් ද යන්න කුඩා දරුවෙකුට වුව ද අවබෝධ කර ගැනීමට පුළුවන. ලුණු කැටය දිය වී ගකැටය නිරුපද්‍රිතව පවතී.
මෙයින් සංඛේතවත් වන්නේ පස මිතුරා ශුන්‍ය වී තමන් නිරුපද්‍රිත ව පවතින ස්වභාවයයි. මෙම තත්වය මෙම ක්‍රියාවට නැ වූ තරගකරු ගේ සිත්තේ මහත් ආත්ම ශක්තියක් ගොඩ නැගීමට සමත් වෙයි. එය තරගය ජය ගැනීමට සමත් බලවේග යක් බවට පත් වී තරගකරු තුළ ක්‍රියාත්මක වී ඔහු ඉදිරියට මෙහෙය වීමට සමත් වෙයි. එම උයෝගය ප්‍රතිවාදියා පරාජය කොට තරගකරුට ජයලබා ගැනීමට මහෝපකාරී වෙයි.කෙමට බද්ධ ව මන්ත්‍රයක් ද ඇති බැවින් එහි ඇති ගුප්ත ශ්‍රාස්ත්‍රමය බලය ද මෙහි දී ක්‍රියාත්මක වේ. එය ද තරගය ජය ගැනීමට අතිරේක ශක්තියක් වී ක්‍රියාවට නැගේ. එම නිසා තරග කරු තුළ ජය පිළිබඳ ව බලවත් විශ්වාසයක් ගොඩ නැගෙද්දී ඔහු ගේ ධෛර්යය ඉහළ ම තලයට නැවේ. මෙසේ එකට එක්වෙන චිත්ත ධාරා දෙකක ශක්තිය පුද්ගලයෙක් තුළ ක්‍රියාත්මක වෙද්දී ඔහුට ජයගත නො හැකි තරග යක් මිහිපිට නැතැයි යන උපකල්පනයට එළඹීමට පුළුවන. එහෙත් වර්තමානයේ බහුතරයක් මෙම කෙම භාවිතා කරනු ලබන්නේ යුතු අයුතුකම් පසෙක ලා නඩු හබ ජය ගැනීම සඳහා ය. එම ක්‍රියාවේ සාර්ථක අසාර්ථක ස්වභාවය කොතෙක් දුරට ක්‍රියාත්මක ව පවතින්නේ ද යන්න නිගමනය කිරීමට මේ පිළිබඳ ව දිගු විමර්ශනයක යෙදිය යුතු ය.
Comments
Post a Comment