gossiplanka image 1
 

කෙම


රෑ පාන ගමන් බිමන් යන විට දී අමනුෂ්‍ය දෝෂ නිසා දිස්වන හොල්මන් අවතාර පිටුදැකීම සඳහා පහත සඳහන් මන්තරය 7 වරක් මතුරා කතා නො කර පාර හරහා ඉරක් ඇඳ යනු. හොල්මන් අවතාර නො පෙනේ.


මන්ත්‍රය


ඕං හ්‍රී ප්‍රමේෂ්වරානේ සේවා හාං


එහි විද්‍යාත්මක පදනම


රෑ පාන ගමන් බිමන් යන විට හොල්මන් අවතාර මුණ ගැසෙන්නට ඉඩ ඇතැයි ඇතැම් අය පවසති. ජාම වේලාවල් යෙදීම, සොහොන් පිටි හමුවීම. මං සලවල්, තොටුපලවල් තරණය කිරීමට සිදුවීම වැනි අවස්ථාවල දී එම තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන ඉඩකඩ වඩාත් වැඩි බව ඔවුන් ගේ විශ්වාසය යි. මේ අයුරින් හොල්මන් අවතාර හමුවුවහොත් ඇති විය හැකි ප්‍රතිඵල ද සතුටුදායක නොවේ. එමගින් අනිටු විපාක වලට මුහුණ දීමට සිදු වේ. මෙ ලෙස හමුවෙන හොල්මන් අවතාර පිටු දැකීම සඳහා ගම්බද පළාත්වල ජීවත් වෙන ජනයා නොයෙකුත් විදියේ කෙම් පහන් කරති. මෙම කෙම ද එ වැන්නකි. අමනුෂ්‍යයෝ මෙල්ල කිරීමට භාවිතා කරන්නේ මන්තර ය. ඒ බව රහසක් නොවේ. අමනුෂ්‍යයින් මෙල්ල කිරීමට මන්ත්‍ර ශාස්ත්‍රය උගත් කට්ටඩි බිහි වී ඇත්තේ එ එබැවිනි. මන්තරයක් හා බැඳී ඇති මෙම කෙම කඩියෙක් නොමැති ව අමනුෂ්‍යයින් මෙල්ල කොට හොල්මන් අවතාර පිටු දැකිය හැකි අපූරු ක්‍රමවේධයකි. මෙම කෙම් ක්‍රමය මගින් අමනුෂ්‍යයින් මෙල්ල වන්නේ කුමක් නිසා ද? ඔවුන් පිටු දැකිය හැකි බලය කුමක් ද? අමනුෂ්‍යයින් මන්තර මඟින් මෙල්ල කළ හැකි බව මෙහි ඉහත සඳහන් විය. ඒ අනුව බලන කල මෙම මෙම ක්‍රියාවට නැවීමේ දී පසුපසින් එන අමනුෂ්‍යයින් බියපත් වන්නේ මන්ත්‍රයේ අන්තර්ගත ගුප්තමය බලයට ය. කතා නො කර පාර හරහා ඉරක් ඇදීමේ දී මෙහි සඳහන් අයුරු හොල්මන් අවතාර මගින් බිය වැද්දීමට පැමිණෙන අමනුෂ්‍යයින්ට සීමාවක් පැන වේ. එය මන්තරයක් මතුරා කතා නො කර පාර හරහා ඉරක් ඇදීමේ දී එම බලය ඉරමත ස්ථාපිත වෙයි. එය අපට නො පෙනුනත් අමනුෂ්‍යයින්ට වටහා ගැනීමේ හැකියාවක් ඇත. සරල ව කියනවා නම් මෙම සීමා පැනවීම අමනුෂ්‍යයින්ට පවුරක් බැදීම හා සමාන ය. එය තරණය කිරීමට බලයක් හෝ ශක්තියක් අමනුෂ්‍යයින්ට නොමැති බැවින් කිසි ම බලපෑමක් කිරීමට නො හැකි ය යන්න මෙම කෙම තුළින් අනාවරණය වේ.