කෙම
මීයෙක් සපා කෑ විට ශරීරගත වෙන විෂ නිවාරණය කිරීම සඳහා කතා නො කර එලුමස් වෑජනයක් පිස නිවෙන්නට හැර බළලෙකුට මුව පෙවීමට ඉඩ දී මීයා සපා කෑ පුද්ගලයාට බත් සමග අනුභව කිරීමට දෙනු. මී විෂ නිවාරණය වේ.
එහි විද්‍යාත්මක පදනම
මෙම කෙම පරෙස්සමෙන් කළ යුත්තක් බව පෙනී යයි. ප්‍රථමයෙන් වෑජනය සඳහා අළුත් එළුමස් ලබා ගැනීම වැදගත් ය. වෑජනය පිසීම සඳහා අවශ්‍ය කළමණා පමණක් නොව වතුර ද නො ඉඳුල් ව ලබාගත යුතු ය. කතා නො කර කාර්යයේ නිරත වීමට ද සැලකිලිමත් විය යුතු ය. බළලෙකුට ඉඳුල් කිරීම සඳහා වෑජනය දිය යුත්තේ ඉන්පසු ව ය. වෑජනය පිසීමේ දී කතා නො කර කළ යුත්තේ බළල් කෙළ මිශ්‍ර වීමට පෙර පිසින්නා ගේ කෙල මිශ්‍ර වීමට ඇති ඉඩකඩ වළකාලීම සඳහා ය.අනෙක් වැදගත් කාරණය වන්නේ එළුමස් වෑජනය ඉඳුල් කිරීම සඳහා තෝරාගන්නා බළලා ගෘහයේ ම ජීවත් වන බළලෙක් විය යුතු ය යන්න ය. ඊට හේතු ව දඩාවතේ යන බළලෙකු ගේ නිරෝගීකම ගැන විශ්වාසයක් තැබීමට නො හැකි වීම ය. එසේ නො කොට නොසැළකිලිමත් ලෙස බළලෙක් තෝරාගත හොත් මී විෂ නැසුණත් වෙනත් විෂක් රෝගියා ට ශරීරගත වීමට පුළුවන. පිස්සු බලු විෂ ඊට කදිම නිදසුනකි. මෙහි විශ්වාසය තහවුරු කළ හැකි සත්‍යයක් නැතැයි සැළකීමට නුපුළුවන. ඊට හේතු ව බළලාත් මීයාත් එකිනෙකාට සතුරු විලාශයකින් ජීවත් වීම ය. මීයා විෂ සහිත ය. එහෙත් බළලාට විෂ සහිත නොවේ. ඊට හේතු ව මීයා ආහාරයට ගන්නා විට ඊට මුසුවෙන බළල් කෙලවල මී මිෂ නැසීමට සමත් ඖෂධීය ගුණයක් තිබීම ය යන්න විශ්වාස කිරීම අසීරු නොවේ. මෙම ප්‍රතිකාරයේ දී එළුමස් වෑජනය බෙහෙතකි. බළල් කළ අනුපානයකි. එම අනුපානය උපක්‍රමශීලීව එළුමස් වෑජනයට මුසුවීම සඳහා ක්‍රමවේදයක් සකසා තිබීම පුදුම එළවන සුළු ය. එ මෙන් ම බළල් කෙළ අංශු මාත්‍ර ප්‍රමාණයක් මුසුවුණ එළුමස් වෑජනයක් අනුභව කිරීමෙන් මී විෂ නැසිය හැකි ය. යන්න උපකල්පනය කිරීමට ඇති ඉඩ ප්‍රස්තාව මේ ගැන විමසුමක යෙදෙන විට බැහැර කිරීමට නුපුළුවන.
Comments
Post a Comment