gossiplanka image 1
ලග්නාධිපති බුද අටවැන්නේ ස්වක්ෂේත්‍ර කුජ සමඟ යෝග වී විපරිත රාජයෝග බලයක් සහිතව උපන් ජෝන් එෆ් කෙනඩිද අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී අපේක්ෂිත මොහොතක මෙලොවින් සමුගත් ඇමරිකාවේ දෙවෙනි ලාබාලතම ජනාධිපති වරයාය. හතලිස් තුන් හැවිරිදි වියේදී ජනාධිපති ධුරයට පත් මොහු ඒබ්‍රහම් ලින්කන් මෙන්ම ජනපතිධූරය දරමින් සිටියදී 1963 නොවැම්බර් 22 ටෙක්සාස්හී ඩලස් නගරයේ විවෘත මෝටර් රථයක ගමන් කරමින් සිටියදී සාහසිකයකුගේ වෙඩි පහරට ලක්ව මෙලොවින් සමුගනු ලැබීය.මොහුගේ ජන්ම පත්‍රයේ නමවැන්නේ යෙදුන ගුරුසිකුරු යෝගය සුවිශේෂී ග්‍රහ පිහිටීමක් ලෙස දැක්විය හැකිය. ධනස්ථානාධිපති සිකුරු මාලවී යෝගය සමගින් සිව්වැන්න සහ හත්වැන්න අධිපති සුරගුරුට යෝගවීම උපතින්ම මහා ධනස්කන්ධයක් සහිත පවුලකින් උපන් බව සනාථ කරයි. ඇමරිකාවේ ප්‍රකට ධන කුවේරයකු වූ ජෝසප් කෙනඩිගේ පුත්‍රයකු වූ ජෝන් කෙනඩි ගේ උපතේදී හය අධිපති ශානි එකොළහේ සිටීමෙන් යෙදුන යෝගය මෙන්ම ගුරු, සිකුරුට මැදි වූ රවි ලග්නය දැකීමෙන්ද ලොව ප්‍රබලතම රාජ්‍යයේ පලමු මුරවැසියා වීමට ඔහු තුළ වූ සුදුසුකම් ප්‍රකට කරයි. 1961 ජනවාරි 20 ජනපති ධූරය භාරගන්නා විට රාහු මහ දශාව ගත කරමින් සිටි කෙනඩි 1963 මියයන විට ගතකරමින් සිටියේ ගුරු මහ දශාවය. ගුරු මිථුන ලග්නයට බාධක ග්‍රහයා මෙන්ම තැන්ව සිටියේ දෙවැන්නාධිපති මාරක සිකුරු සමගය.