කෙම
උපක්‍රමශීලීව මද්දක් හෝ කුඩුවක් සාදා රිළවෙක් අල්ලා ගන්න. පරෙස්සමෙන් රිළවා ගේ කරේ කතා නොකර මිණි ගෙඩියක් බැද නිදහස් කර හරින්න. ඉන්පසුව මුළු රිළා රංචුව ම ඒ පළාතේ නො සිට පළායති.
එහි විද්‍යාත්මක පදනම
ගොවිපොළවල් වලට රිළවු කඩා වදින්නේ රංචු වශයෙනි. එම නිසා උන් ගෙන් වන අලාපාලුව සුළුපටු නොවේ. ඊට ගත යුතු හොඳ ම පියවර උන් පළවා හැරීම ය. එහෙත් එය එතරම් පහසු කාර්යයක් නොවේ. මෙසේ හඳුන්වා දෙන කම ඊට කදිම විසඳුමකි.තරමක් අසීරු කාර්යය වන්නේ රංචුවෙන් රිළවෙක් අල්ලා ගැනීම ය. එහෙත් එය උපක්‍රම ශීලීව කළ හැකි ය. අල්ලා ගත් රිළවා ගේ කරේ මිණි ගෙඩියක් බැඳ නිදහස් කළ විට ඌ කෙළින්ම යන්නේ ස්වකීය රංචුව වෙත ය. එහෙත් මිණි ගෙඩිය බැඳි රිළවාට එය පහසු කාර්යයක් වන්නේ නැත. ඊට පාදක වන ප්‍රධාන හේතුව වන්නේ මිණී ගෙඩියේ හඩට බිය වී රංචුවේ සියලුම රිළව් පළා යන්නට පටන් ගැනීම ය. මිණිගෙඩිය බැන්ද රිළවා ගේ සිය රංචුවට එක් වීම සඳහා එම රංචුව හඹා යෑමත්, මිණි ගෙඩියේ හඬට බිය වී රංචුවේ රිලව් පළා යෑමත් දිගටම සිදු වෙද්දී එහි අනිවාර්යය ප්‍රතිඵලය බවට පත්වෙන්නේ රිළා රංචුව ඈත කැලෑවට පලා යෑම ය. එවිට ගොවිපොළට සිදු වෙමින් තිබුණ රිළා රංචුවේ අලාපාලුව නතර වේ.
කතා නො කර අල්ලා ගත් රිළවාගේ කරේ මිණි ගෙඩිය බැඳිය යුත්තේ එම සතා නොසන්සුන් වී කලබල ඇති කිරිමට ඉඩ ඇති බැවිනි.
Comments
Post a Comment