gossiplanka image 1
 


කෙම


රෙහෙණ නැකත යෙදෙන තෙක් බලා සිට දිඹුල් ගසක වැවී ඇති පිළලයක් කතා නො කර කඩා ගෙනවිත්, එම පිළල අත්ත පහත සඳහන් මන්ත්‍රයෙන් 108 එකසිය අට වරක් මතුරා අටුවට, බිස්සට එසේ නැත්නම් වී පෙට්ටියට දමනු. ඉපියෝ බෝ නොවේ.


මන්ත්‍රය


ඕං නමෝ ධනදාය ඒස්වාහාං


එහි විද්‍යාත්මක පදනම


වගාව සිය ජීවන වෘත්තිය කරගත් ගොවියා තම වගාව  පිළිබද ව න්නේ දී කුඹුරේ දී විවිධ අභියෝග වලට මුහුණ දෙනු ලැබේ. ඒ තම වගාවේ ආරක්ෂව සඳහා ය. එහෙත් එම අභියෝග එතැනින් පමණක් අවසන් නොවේ. අස්වැන්න නෙළා ගෙට ගත් විට ද ඒවා යේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතු වේ. ඒවා සොර සතුරු උවදුරු වලට වඩා ප්‍රබල ය. විශේෂයෙන් ගොයම් කපා පාගා ගෙට ගත් කල එම වී දමන අටුවේ, බින්සේ එසේ නැත්නම් වී පෙට්ටියේ බෝ වෙන ඉපියෝ ඔහුට මහත් තර්ජනයක් වෙති. කොතෙක් දුරට වියළා දැමුවද ඉපියෝ බෝවුණ විට එම වී කෙටි කලක දී ඉපියන්ට බොල් වී බවට පත් කළ හැක. "ඉපියෝ බොනවා” යනුවෙන් හඳුන්වන මෙම උවදුරට කදිම පිළියමකි ඉහත සඳහන් ව න්නේ . සාර්ථක කෙමක් හැටියට හඳුන්වා දිය හැකි එහි විද්‍යාත්මක පදනම කුමක් දැයි විමසා බැලීම ද වැදගත් වන්නේ මෙහි අන්තර්ගත හැම කෙම් ක්‍රමයක ම විද්‍යාත්මක පදනම ඉදිරිපත් කර ඇති බැවිනි. පිළලය යනු පර පෝෂිත ශාකයකි. තුරුලිය දෙස විමසිල්ලෙන් බලන විට පිළල ශාඛ ගණනාවක් හඳුනා ගැනීමට පුළුවන. එම පිළල රෝපණය වුණ ගසේ සාරය උරා බී වැඩෙනවා පමණක් නොව එම ගස මරා දැමීමට ද සමත් ය. මෙතරම් ප්‍රබල පිළලයක අත්තක් කඩා අටුවට බිස්සට දමුව විට ඉපියන් ගේ බෝවීම ද වළකා ලීමට පුළුවන. එහෙත් එම පිළිලය දිඹුල් ගසක වැවුණ පිළලයක් ම විය යුතු ය. මෙහි දී අනාවරණය වන්නේ දිඹුල් ගසක වැටුණ පිළලයක ඉපියන්ට එරෙහිව ක්‍රියාකාරි වන රසායනික ගුණයක් ඇති බව ය. එය පිළලය විසින් දිඹුල් ගසෙන් උරා ගන්නා ලද ඉපියන් විනාශ කළ හැකි සාරයක් බව නිගමනය කිරීමට පුළුවන. එමෙන් ම පිළලය කඩා ගත යුත්තේ ද ආවාට ගියාට නොවේ. නැකත් යෝගයකට අනුව ය. එය රෙහෙණ නැකත බව මෙහි ඉහත සඳහන් විය. එය ද විශේෂත්වයකි. එ මතු ද නොවේ. පිළලය මන්ත්‍රයකින් ද බලගන්වනු ලැබේ. එවිට මෙම කෙමට තවත් අතිරේක බලයක් එක් වේ. මේ සියල්ල ඒක රාශී වී ක්‍රියාත්මක වෙන විට වී අටුව, වී බිස්ස, වී පෙට්ටිය තුළ ඉපියන්ට ජීවත් වීමට කිසි ම ඉඩක් නො ලැබේ.

මීයන් පළවා හැරීමේ නර මුත්‍ර කෙම


කුඹුරට වන මීයන් ගේ හානිය වැළකීම සඳහා අළුයම් කාලයේ කපුටා අඩන්නට පෙර කුඹුරට ගොස් මීයන් ගොයම කන පෙදෙසට මුත්‍රා කරනු. එම හානිය නවතී.


එහි විද්‍යාත්මක පදනම


මෙම කෙම ක්‍රියාවට නැංවීම සඳහා කුඹුරේ මීයන් ගේ හානිය ඇති ස්ථානයේ සලකුණක් තැබිය යුතු ය. ඒ සඳහා රිටක් සිටවීමෙන් එම කාර්යය සම්පුර්ණ වේ. එහෙත් එවන් ස්ථාන කීපයක් ඇතම් කාර්යය තරමක් සංකීර්ණ වේ. මන්ද රිටි කීපයක් සිටුවා දින කීපයක් මෙම ක්‍රියාවට නැංවීමට සිදුවෙන බැවිනි. නරමුත්‍රා දුර්ගන්ධයෙන් යුක්ත ය. එහි මිනිස් ඉව ද ඇත. එමනිසා මීයෝ එම දුර්ගන්ධය නුරුස්සති. මෙම කාරණය පාදක කරන්ගෙන උන් වෙනත් දිශාවකට ගොස් උන්ගේ කාර්යය අරඹති.ඊළගට විමසුමට ලක් කළ යුත්තේ මෙම කෙම කාක්කා අඬන්නට පෙර කිරීමට නියමව ඇත්තේ කුමක් නිසා ද යන්න ය. ගොවියෝ කුඹුරට මුත්‍රා කරන සිරිතක් නො පවතී. එහෙත් උවදුරු ද මැඩගත යුතු ය. නැත්නම් කුඹුරේ අස්වැන්න අසාවාසි වේ. යම්කිසි විදියකින් දිවා කල මෙම කම කළ හොත් වෙනත් ගොවියෙකුට පෙනෙන්නට ද ඉඩ ඇත. එය අදාළ ගොවියා ගේ අභිමානයට හානියකි. එම නිසා කාක්කා අඩන්නට පෙර මෙම කරන්නට නියමව ඇත. එවිට කිසිවෙකුට නො පෙනේ.

ගොවියා ගේ ගෞරවයත්, කුඹුරේ ගොයමත් ආරක්ෂක්ෂා වන පරිදි මෙම කම සකස් වී ඇති අයුරු විස්මයජනක නොවේ ද?