gossiplanka image 1
 


යකා කළු නැතැයි සමහරුන් කියන්නේ බය නැතිව නොවේ යන්න යැයි සැබෑවකි. යකාට බය නම් සොහොන් ගෙවල් හදන්නේ නැතැයි කියන අයට රාත්‍රි කාලයේ සොහොනක් ළඟින් යෑමට නම් තුන්සුත්‍රය නැතිවම බැරිය. මන්ත්‍ර ගුරුකම්කාරයන්ට යකා පහරදී විමානයත් කඩාගෙන යන්නේ පවුල් පිටින් විනාශ කරමින්ය. එවැනි සිද්ධීන් ඕනෑ තරම් සමාජය තුළට කිඳා බැස ඇති අවස්ථා එමටය. මහේන්ද්‍ර සාමි කාලි මෑණියන් වැඩ සිටින කෝවිල ඉදිරිපිට දී අදෘශ්‍යමාන බලවේගයට එල්ල කරන ආවේගශීලී ප්‍රශ්න කිරීම්වලට ඔහු හෝ ඇය ළඟ හෝ සිටින අදෘශ්‍යමාන බලවේග දිෂ්ටි කතා කරන්නට පටන් ගනිති. එවිට ඒ කතාකරන්නේ එම පුද්ගලයා නොව, ඔහුට බැදී සිටින අදෘශ්‍යමාන ආත්මයයි. ඒ මියගිය ඥාතීන්ය. ඒ අවස්ථාවේදී එම ආත්මය ඔහුට ළංවී ඇත්තේ ආදරයටද අනාදරයටද යන්න කාලි මෑණියන්ගේ දෑස් අතරට එක්වීමට වැඩි වෙලාවක් ගතනොවේ. කාලි මෑණියන් ඉදිරියේ මහේන්ද්‍ර සාමි සමඟ ඔට්ටුවන භූත හෝ යක්ෂ හෝ බලවේගය ඒ පුද්ගලයාට හෝ පවුලේ අයට හෝ අනතුරක් සිදුකර යෑමට ළංවී ඇති බව පෙනී ගියහොත් මහේන්ද්‍ර සාමිගේ අත ඇති වේවැල ඉක්මන් වනු ඇත. එවැනි අන්දමේ භූතයන් යක්ෂයන් ඒ අයගේ සිරුරෙන් ඉවත්කර යවන්නේ කාලි කෝවිල් භූමියේ පිහිටි බෝධියටය. නැතහොත් ඒ බලවේගය කැමැති බෝධියකටය. ඒ සඳහා ඒ අදෘශ්‍යමාන බලවේගවලින් කාලි මෑණියන් පොරොන්දුවක්ද ලබා ගනී. ඒ යන්නේ තවත් පින් එකතු කර ගන්නටය. සමහර ඥාති බලවේග ඔවුන්ට සමීප වී ඇත්තේ ඒ පවුලේ අය දියුණු කරමින් ඒ අයත් පි න්නටය. එවැනි පුද්ගලයන් තෝරා බේරා ගන්නා කාලි  මෑණියන් ඒ අයට වරම් දෙන්නේ පොරොන්දු සහිතවය.කිසිවකු ගසාකෑමකට ලනොකර කාලි වරමෙන් පේන කියන්නට ඒ අයට අවසර දෙයි. කාලි මෑණියන් දුන් වරම කඩ කරන අයටද දඬුවම් දෙන්නට කාලි මෑණියන් පසුබට නොවන බව මහේන්ද්‍ර සාමි පවසයි. කාලි මෑණියන්ගෙන් වරම් ගන්නට කාලි කෝවිලට කිසි දිනෙක නෑවිත් යක්ෂයකු බැඳගෙන අනුන්ට කොඩිවින අනවින බන්ධන කිරිම රැකියාව කරගෙන සිටි යකැදුරු කාන්තාවකට සිදුවූ දේ කියන්නට මෙවරත් කටහඬ අවදිකර  සිටියේ හලාවත භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමිය.


“මම මේ කියන කාන්තාව නුවර පළාතට නුදුරු ප්‍රදේශයක පදිංචි කාන්තාවක්. එයාගෙ පියා මියගියාට පස්සෙ යක්ෂ ආත්මයක ඉපදිලා ඇයට සමීප වුණා. එයාට ආරූඪ වන්නට පටන් ගත්තා. මේ කාන්තාව කිසි දිනෙක කාලි කෝවිලට ආව තැනැත්තියක් නෙවෙයි. මේ කාන්තාවට වැහිල ඉන්න යක්ෂයාගෙන් වැඩ ගත්තෙ අනුන්ට අනවින කොඩිවින කරල අනුන් විනාශ කරන්න. එයාගෙ යක්ෂ දේවාලයට ආවෙ වැඩිහරියක් ව්‍යාපාරික ගැටුම් තියෙන අය. එක් ව්‍යාපාරිකයෙක් අනෙක් ව්‍යාපාරිකයා දියුණු වෙනවට ඊර්ෂ්‍යාවෙන් මෙතැනට ඇවිත් ඒ දෙවොලෙ යක්ෂ යාට පුලුටු ජාතිවලින් පූජාවක් තියල පළිගහල විරුද්ධවාදී ව්‍යාපාරිකයාගේ දියුණුව නැති කරනවා. නැත්නම් ඔහුගේ ජීවිතය විනාශ කරනවා. ඒ කාන්තාව යහමින් මුදල් හම්බ කළා. ඒත් අවට පදිංචිකරුවන් කාන්තාවගේ වැඩ ගැන හිටියෙ හරිම අසතුටෙන්. දිනක් මේ කාන්තාවන්ගේ දේවාලය ළඟින් සොහොනක තිබුණු මිනී ඔළු දෙකක් ගෙනත් තියල ගම්මුන් විරෝධය දක්වල තිබුණා. මේ කාන්තාව කළ කොඩි විනවලින් පිටපළාත් කීපයක ව්‍යාපාරිකයන් දෙදෙනකු මියගිය ආරංචි පැතිර ගියා. මේ දෙවොලට ගම්මුන්ගෙන් ගල්මුල් ප්‍රහාරත් එල්ල වුණා.


මේ කාන්තාව බැඳගෙන සිටි යක්ෂයා කලට වේලාවට පුලුටු සහිත දොළ පිදේනි දීම පමාවන විට යක්ෂයාගෙන් ඇයටත් කරදර වුණා. ඒක නිසා එයා අනුන්ට කරන වින බන්ධනවලට යකා අකීකරු වී ඒවා නොකරන තැනට පත්වුණා. ඒ කාන්තාව අනුන්ට විතරක් නෙවෙයි තමන්ගේ පවුල්වල ඥාතීන්ගේ දියුණුවටත් විවිධ දේවල් කළා. ඒ පවුලෙ සහෝදරියන් දෙන්නකුගෙ සැමියන් දෙන්නකුගේ ජීවිත විනාශ කළා. එහෙම කරලා ඒ කාන්තාව එයාගෙ ගෙවල් ළඟ ඉන්න එයාට හිතවත් කාන්තාවක් සමඟ ඒ දේවල් කියල වහසි බස් දොඩවන්න වුණා. එවැනි සිද්ධි පැතිර යද්දී ඒ කාන්තාව පදිංචි ගමට අල්ලපු ගමේ හිටිය ව්‍යාපාරිකයාටත් ඒ වගේ වැඩක් කරල එයාගෙ දියුණුව බිඳදැම්ම කියලත් එයාගෙ හිතවත් කාන්තාව සමග කියල තිබුණා. ඒ වගේම එවැනි දෙයක් සිදුවෙලයි තිබුණෙ. මේ සිද්ධිය ආරංචි වුණ ගමන් ඒ ව්‍යාපාරිකයා කෙළින්ම ආවේ අපේ කාලි කෝවිලට. ඒ ඇවිත් මේ සිද්ධිය කියල කාලි මෑණියන් අයැද සිටියෙ ඒ අයගෙ පවුලට විනකරපු අයට දඬුවම් කරන්න කියල. එහෙම කියල කාලි කෝවිලේ බිලිගල ඉදිරිපිට තියෙන පළිගහන ගල ළගට අපේ සාමි කෙනෙක් එක්ක ගිහිං ඒ ගලේ ගොමටිකක් තවරල දණගහල එයාගෙ කෙස් අරගෙන ඒ ගලේ හත්වරක් දිග ඇදල පළිගැහැවා. ඒ ගිහිං දින 21ක් යන්න කලින් අර කාන්තාවගේ සැමියා අවසන් ගමන් ගියා. ඒ කාන්තාවගේ පුතා විවාහ වී හිටිය කාන්තාව ඔහු අත්හැර දමා වෙනත් සැමියකු වෙත ගියා.ගෙදර හිටිය එක් පුතෙක් එල්ලිලා මියගියා. ඉතිරි වුණේ බාල පුතා විතරයි. ඒ කාන්තාවගෙ ගෙදර සිදුවුණු විපත්ති රැල්ල ගැන ඒ කාන්තාව කම්පාවට පත්වුණේ නැහැ. ඒ මොකද එයා යකා බැඳගෙනයි හිටියෙ. ඒත් ඒ ගෙදර අඳුරු ගෙයක් බවට පත්වුණා. ඒ විතරක් නෙවෙයි. ඒ කාන්තාවගේ සැමියා මියගියාට පස්සේ එයාගෙ අදෘශ්‍යමාන බලවේගයත් ප්‍රේත ආත්මයක් හරහා බිරියට සමීපවෙලා ආදරය කරන්න වුණා. ඒත් ඒකට එයා ළඟ සිටි යක්ෂ ආත්මය හරස් වුණා. එයාගෙ යක්ෂ ආත්මයයි ඒ ප්‍රේත බලවේගයයි දෙකම ගැටෙන්න වෙද්දි මේ කාන්තාව නිතර නිතර ලෙඩ ඇඳට වැටුණා.


රැකියාවක් නැති බාලපුතා මෙයාගෙන් නිතර නිතර මුදල් ඉල්ලන්න වීම නිසා මේ කාන්තාව තව තවත් අසරණ වුණා. ඒ කාන්තාව අනුන් නසන්න උදව් කළ එක ව්‍යාපාරිකයකුවත් එයාගෙ උදවට පිහිටට ආවේ නැහැ. මවගෙන් පිළිසරණක් නොමැති තැන එයාගෙ බාල පුතාත් ඇය හැර ගිහිං මද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අතරට එක් වුණා. අවසානයේ මේ කාන්තාව ඒ අයගෙ දේවාලය තුළම ඇදවැටී මියගියේ හුදෙකලාවමයි.  ගම්මුන් අතර පැතිර ගිය ආරංචිය වුණේ යක්ෂයකුගෙන් වැඩගත් ඒ කාන්තාව යක්ෂයාම බිලිගත්තා යන්න. අණ වින කොඩිවින ආපසු ඒ අය කරාම යන්න වැඩි කලක් ගත නොවන බව මෙයින්ම පෙන්නුම් කරන දෙයක්. කාලි මෑණියන්ගෙන් වරම් නොලැබ යක්ෂයකුගෙන් වැඩ ගන්න ගිය ඒ කාන්තාවගේ දුක්මුසු සිද්ධියත් සමඟ ඇගේ ගේදොර ඉඩම කඩම පාළුවට ගියා මිස ඒවා මිලදී ගන්නවත් කිසිවකු ඉදිරිපත් වුණේ නැහැ. ඒ මොකද කාලි මෑණියන්ගේ සොහොන් කාලි අවතාරයෙන් බැට කෑ ඒ කාන්තාවගේ යක්ෂයා එයාගෙ ඉඩම තුළ සක්මන් කරන බවයි ගම්මුන් පවසන්නේ.