gossiplanka image 1
කෙම


ජල පාරක් අයිනේ ඇති මී ගසක දකුණු පැත්තෙන් කතා නො කර පොත්තක් ගලවා ගෙන සිහින් කෑලිවලට කපා මීයන් ගේ හානිය ඇති කුඹුරට ඉසිනු. මීයන් ගේ හානිය දුරු වේ.


එහි විද්‍යාත්මක පදනම


මී ශාකය දේශීය වෛද්‍ය ක්‍රමය තුළ විවිධ රෝගාබාධ සුවකිරීම සඳහා භාවිතා කරන වටිනා ඖෂධයකි. ගසේ පංචාගය ම ඒ සඳහා භාවිතා කරනු ලැබේ. මී ඇට වලින් ලබාගන්නා තෙල් ඖෂධයක් වශයෙන් භාවිතා කරනු ලැබේ. එ මතු ද නොව වී වගාවේ දී මුහුණ දීමට සිදුවෙන පලිබෝධ මර්ධන සඳහා ද මී ශාකය විවිධ ක්‍රම ඔස්සේ යොදා ගැනේ. දළුක් මල්, මා එරමිණියා මල් පිපෙන සමයට පමණක් නොව මී මල් පිපෙන සමයට ද ගොයමට හානි කරන කාමීන් ඉබේම මර්දනය වන බවට මතයක් පැරැන්නන් අතර ප්‍රචලිතව තිබිණි.වී වගාවේ දී ගොවියා මුහුණ දෙන ප්‍රබල පලිබෝධයක් හැටියට මීයන් ගේ හානිය හඳුන්වාදිය හැකි ය. ඒ සඳහා මී පොතු කම සාර්ථක පිළියමක් බව ගොවි ජනතාව විශ්වාස කරති. ඊට හේතු ව කුමක් ද කියා විමසුමක යෙදුණ අපට විද්‍යාත්මක කරුණු කාරණා කීපයක් ම ආයාසයකින් තොර ව අනාවරණය කර ගැනීමට හැකි විය. දිය පාරක් අසල මී ගසක් වැවුණ විට ඒ මී ගස නිරන්තරයෙන් එම ජල පාරේ ඇසුර ලබා ගැනීමට පෙළඹේ. සිහිලඹ සුවය සිය පෝෂණය සඳහා යොදා ගනී. දිය දහරේ හිතකර දෑ වගේම අහිතකර දෑ ද ගසාගෙන ඒම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මී ගස සේම අන්‍ය ගස් ද එම ක්‍රියාවලියට පෙළඹුණ ද මී ගසේ ක්‍රියාකාරිත්වය එම ගස් අභිබවා යන ඉහළ අගයක් ගනී. ශාක ප්‍රජාව ස්වභාවයෙන් ම එසේ කරනු ලබන්නේ එම අහිතකර දෑ නොහොත් විෂ වර්ග ගසේ තැන්පත් කරන්ගෙන සිය වර්ධනය සඳහා යොදා ගැනීමට ය. ජලයේ පමණක් නොව වායු ගෝලයේ ඇති විෂ ද මේ අයුරින් ශාක ප්‍රජාව විසින් උරාගන්නා බව නො රහසකි. ඒ පිළිබඳ ව මී ගසට ඇති හැකියාව ඉහළ අගයක් ගනී. ඊට හේතුව වාතයත් ජලයත් යන මාධ්‍ය දෙක ම පාදක කර ගැනීම ය. ඒ බව මෙහි ඉහත සඳහන් වී ඇති බැවින් විස්තර කිරීම අවශ්‍ය යයි නොහැගේ. මෙහි දී කාක්කා අඬන්නට පෙර මී ගසෙන් පොත්තක් ගලවාගත යුත්තේ මෙම ක්‍රියාවලියේ එනම් එක් රැස් කරගත් විස සකී යව පවත්නා අවස්ථාව කාක්කා ඇඩීමෙන් නිමාවට පත්වෙන අළුයම් කාලයේ දී එළඹෙන බැවිනි. ගසේ දකුණු පාර්ශවයෙන් පොත්තක් ගලවා ගත යුත්තේ එම විෂ වඩාත් එහි අන්තර්ගත වන බැවිනි. මීයන්ට විෂ සහිත එම මී පොතු කුඹුරට යෙදීමෙන් අපේක්ෂිත කාර්යය ඉෂ්ට සිද්ධ වෙන බව තහවුරු කිරීමට අටුවා ටීකා උවමනා නොවේ. කතා නො කර යෑමෙන් කෙමේ සුරක්ෂිත භාවය තහවුරු වේ. ගෞරවය ද ආරක්ෂා වේ.