gossiplanka image 1
 

කෙම


කපුටා අඬන්නට පෙර නැවුම් කළයකට කතා නො කර ළිදෙන් වතුර ගෙන එම වතුරට කපු ඇට, වී, දැව අගුරු ස්වල්පය බැගිනුත් දෙහි රිකිල්ලකුත් දමනු. ඉක්බිති පහත සඳහන් මන්තරයෙන් 108 වරක් කළයට මතුරනු. මතුරන අතර විටින් විට සාම්බාර් සහ අබ දමා කළයට දුම් අල්ලන. මෙසේ කර ගත් ජලය හෝවහ නිසා පීඩාවට පත් පුද්ගලයාට මුහුණ සේදීමට දෙනු. ඇස්වහ කටවහ සඳහා ද ගුණදායක ය.

ඇස්වහ, කටවහ, හෝ වහ නිසා බිබිලි දැමීම් ආදිය සිදු ව ඇත්නම් එම ස්ථාන ද කරගත් ජලයෙන් සෝදා හරිනු.


මන්ත්‍රය


ඕං හේං හේං හේං හේසේ ග්‍රාංතු බ්‍රාංතු හේස්  සැර මුණ්ඩ නාරායනේ විසි විසි ගිනි තුලම්බු දිරි සං



එහි විද්‍යාත්මක පදනම


මෙම කෙම පිළිබඳ ව විමසුමක ට යෙදෙන විට ජලයේ පවිත්‍රතාවයට මුල් තැනක් දී ඇති බව පෙනේ. එය කීප ආකාරයකින් පියවරෙන් පියවර සපුරා ගන්නා අයුරු පැහැදිලි ය. නැවුම් කළයක් භාවිතා කිරිම, ඖෂධීය ගුණයක් සහිත කපු ඇට සහ ආහාරමය වටිනා කමක් ඇති වී යන දෙවර්ගයට ම ජලය පිරිසිදු කිරිමේ හැකියාවක් ඇති බව නොරහසකි. විශේෂයෙන් දැව අගුරු ජලය පිරිසිදු කිරිමේ දී භාවිතා කරනු ලබන ප්‍රධාන පිරිපහදු ද්‍රව්‍යයකි. ජල පවිත්‍රාගාරවල අගුරු භාවිතා කරන්නේ එ බැවිනි. එ මෙන් ම අඟුරු විෂබීජ නාශකයක් ද වේ. එය සාමාන්‍ය ජනයා වුව ද දනිති. ගම්බද පළාත්වල ජනයා කෑම බඳුනක් නිවසින් පිටත ස්ථානයකට ගෙන යන විට එය මත අඟුරු කෑල්ලක් තබාගෙන යන්නේ එ බැවිනි. ඇස්වහ, කටවහ, හෝවහ වැදුණ විට ආසාදන තත්වයන් ද ඇති වේ. එය මූණේ හෝ ශරීරයේ වෙනත් ස්ථානයක බිබිලි හට ගැනීමක් විය හැක. එසේ නැතිනම් වෙනත් ආසාදන තත්වයක් විය හැක. ඒ සඳහා භාවිතා කරන ජලය පිරිසිදු විය යුතු බව මෙම කෙම මඟින් අවධාරණය කර ඇත. එය එම ආසාදන තත්වය නිවාරණය කිරීමට ප්‍රබල ශක්තියකි. . එ මතු ද නොවේ. එම ප්‍රබල ශක්තිය තවදුරටත් බල ගැන්වීම සඳහා මන්තරයක බලය ද එක් කර ගෙන තිබේ. පවිත්‍රතාවයේ ශක්තියත්, මන්ත්‍රයේ ගුප්ත බලයත් එක් තැන්කොට කරනු ලබන බැවින් මෙම කමට ඇස්වහ, කටවහ, හෝ වහ නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව නිගමනය කළ හැකි ය.