ශ්‍රී ලාංකීය දේශපාලනයේ ප්‍රථම විධායක ජනාධිපති වරයා ලෙස ඉතිහාසයට එක්වන ජුනියස් රිචඩ් ජයවර්ධන මහතාගේ ජන්ම පත්‍රයේ අතිශයින්ම බලවත්ම ග්‍රහයා ලෙස ගුරු ග්‍රහයා හැඳින්විය හැකිය. 1906 සැප්තැම්බර් 17 මෙලොව එළිය දකින ඒ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පන්වන්නේ තම ජීවිත කාලයෙන් - වසර 72 ක් ගෙවීයෑමෙන් ඉක්බිතිවය. ඒ වනවිට මෙතුමා ගතකරමින් සිටියේ ගුරු මහ දශාවය. 1977 පැවති මහ මැතිවරණයෙන් හයෙන් පහක බලයක් සහිතව අග්‍රාමාත්‍යධූරයට පත් ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව දේශපාලනික, ආර්ථික සහ සමාජීය වශයෙන් උඩු යටිකුරු කිරීමට මග පෑදූ දේශපාලඥයකු බවට පත්වීමට ලග්නාධිපති බුද විපරිත රාජ යෝගී බලයක් සහිතව සිටි කුජ සමග දොළොස්වැන්නේ එක්වීම මෙන්ම දොළොස්වැන්නාධිපති රවි බුධ සමග පරිවර්තන බලයක් සහිතව ලග්නයේ තැන්පත්වී සිටීමද මහෝපකාරී වූ බව පෙනෙයි. කෙසේ හෝ තම අරමුණු ඉටුකර ගැනීමට මෙම ග්‍රහයින්ගෙන් මනා අනුබලයක් ලැබූ බව පෙනෙන අතර හයවැන්නාධිපති ශනිගෙන් යෙදුන විපරිත රාජයෝග බලයෙන්ද ඊට ලැබුනේ නොමද සහයකි. සිකුරු දෙවැන්නේ ස්වක්ෂේත්‍රව සිටීමෙන් හා රවි ලග්නගතවීමෙන් සිත්ගන්නා සුළු පෞරුෂයකට හිමිකම් කී ජයවර්ධන මහතා තම සියලු දේශපාලනික අභිප්‍රායන් මුදුන්පත්කරගනු ලබන්නේ ගුරු මහ දශාව ගෙවා දමමින් තිබියදීය. උපතේදී අහස් මුදුනේ සිටි (දසවැන්නේ ගුරු තම යුතුකම් කොටස මැනවින් ඉටුකරනු ලැබූ අතර රවි සහ ශනි ගෙන්ද ඊට නොමද සහයක් ලැබුණු බව පෙනේ. සියල්ල සම්පූර්ණ වූ කළ මොහු ශ්‍රී ලංකාවේ රජු බවට පත්විය.
Comments
Post a Comment