කෙම
විට කෑමට ගන්නා හුණු ස්වල්පයක් ඇගිල්ලට ගෙන ඊට පහත සඳහන් මන්තරය 21 වරක් මතුරා කතා නො කර පත්තෑයා කෑව මුඛයේ ගානු. විෂ නිවාරණය වේ.
මන්ත්‍රය
ආරේ ආරේ කලි කුලි වේගානු සද්ධ මේරු ඒස්වා හ:
එහි විද්‍යාත්මක පදනම
හුණු වනාහී සුළු සුළු සතුන් ගේ විෂ නිවාරණය කළ හැකි අගනා ඖෂධයකි. ගෝනුස්සන්, හම්බුලුවන්, බමර දෙබර මී මැසි කලාදුරු ආදී සතුන් කෑව විට අපේ පැරැන්නෝ කෑම ස්ථානයේ හුණු ස්වල්පයක් ආලේප කිරීමට පුරුදුව ඇත්තේ එ බැවිනි. පත්තෑ විෂ නැසීම සඳහා මෙම කෙමේ දී භාවිතා කරනු ලබන එක ම ඖෂධය ද හුණු ය. සතුන් ගේ විෂ නැසීම සඳහා හුණු යෝග්‍ය බව ඈත අතීතයේ සිට ම අත්හදා බැලීම් වලින් ලද අත්දැකීම් වලින් අපේ පැරැන්නෝ දැන ගෙන සිටින්නට ඇතැයි මෙම කෙම් ප්‍රතිකාරය දෙස බලන කල නිගමනය කළ හැකි ය. දේශීය විෂ වෙදකම දෙස බලන කල සර්ප විෂ නිවාරණය කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර පමණට ම කෙම් ක්‍රම ද භාවිතා කොට ඇති බව පෙනේ.
විශේෂත්වය වන්නේ ඒ හැම ක්‍රමවේදයක් සමග ම නොවූ වත් බොහෝ අවස්ථාවල දී එම ක්‍රමවේර්ධ සමග මන්ත්‍ර ද සම්බන්ධ වී තිබීම ය.සිංහල විෂ වෙදකම හා විෂ බෑමේ මන්ත්‍ර එකක් නොව විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වී තිබීමෛන් ඒ බව සනාථ වෙයි. එම මන්ත්‍රවලින් බහුතරයක් ඉතාමත් බලගතු තත්වයක පවතින බැවින් ඒ මගින් සුවය ලැබුවෝ ද බොහෝ ය. මෙම කෙම් ප්‍රතිකාරයේ ද එම ලක්ෂණය දැකිය හැකි ය. පත්තෑයෝ කෑව විට හුණු ස්වල්පයක් ගෑම සුළු ප්‍රතිකාරයක් යයි ඔබට හැගී ගිය ද එය එසේ වන්නේ නැත. ඊට මූලික හේතු ව එම හුණු ස්වල්පය බලගතු මන්ත්‍රයකින් ජීවම් කර තිබීම ය. එම නිසා සුවය පිළිබඳ ව සැක පහළ කර ගත යුතු නොවේ. හුණුවල ඖෂධීය ගුණයත් මන්ත්‍රය සතු ගුප්ත බලයත් සම්මිශ්‍රණය වී ක්‍රියාත්මක වීම හේතුකොට ගෙන පත්තෑ විෂ නිවාරණය වී ඔබට ඉක්මනින් සුවය ගෙන එනු ඇත. මෙම කෙම පිළිබඳ ව විමසුමක යෙදෙන විට විද්‍යාත්මක වශයෙන් නිගමනය කළ හැක්කේ ඉහත සඳහන් එම කරුණු කාරණා බව සඳහන් කළ හැකි ය.
Comments
Post a Comment