gossiplanka image 1
 


කෙම


පොළගෙක් දෂ්ට කළ සැනින් ඇඳිවත ඉරා දෂ්ට කළ මුඛයට ඉහළින් කතා නො කර හිරත්වෙන්නට බදිනු. වහා පහත සඳහන් මන්තරයෙන් විෂ බානු.


මන්ත්‍රය


නමෝ ගරුඬ නාග සවි වරා පාසයෙන් බන්දාවි.


එහි විද්‍යාත්මක පදනම


සර්ප දෂ්ටයක් සිදුවන්නේ බලාපොරොත්තු රහිතව ය. සමහරවිට තනි ව ගමන් කරන අවස්ථාවක් විය හැක. එ විට තමා ම ක්‍රියාත්මක වී අන් අයට දන්වා ප්‍රතිකාර සොයා යෑමට ගතවන කාලය සප විෂ ශරීරය පුරා විසිර පැතිර යන්නට ඉවහල් විය හැක. එ බැවින් මෙබදු කෙමක් ගැන දැන සිටීම ඉතාමත් ප්‍රයෝජනවත්ය. එ මගින් සම්පූර්ණ සුවය නො ලැබුණත් වෛද්‍යවරයෙක් වෙත යන තෙක් තත්වය පාලනය කර ගැනීමට පුළුවන.මෙහි විද්‍යාත්මක පදනම ගැන විමසා බැලීමේ දී ප්‍රබල කරුණු දෙකක් ඉස්මතු කර ගැනීමට හැකිවෙයි. ඉන් පළමුවැන්න දෂ්ටය සිදුවුණ සැනින් එම ස්ථානයට ඉහළින් බැදීම නිසා විෂ පැතිරි යෑමේ වේගය පාලනය වීම ය. සර්පයෙක් දෂ්ට කළ විට වෛද්‍යවරයෙක් වෙත යන තෙක් ප්‍රථමාධාරයක් ලෙස තුවාලය සිදුවුණ ස්ථානයට ඉහළින්  රෙදි පටියකින් හිරවෙන්නට බැදීමේ පුරුද්දක් ගම්බද ජනතාව අතර පවතී. එ මඟින් ඉහත කී කාරණය තහවුරු වෙයි.


දෙවැන්න මන්තරයකින් විෂ බෑම ය. එම මන්තරය ඉතාමත් කෙටිවුව ද බලගතු ය. එ බැවින් සැක සංකා ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. අනෙක් කාරණය එම මන්තරය හත් වරක් පමණ මතුරා විෂ බහින්නට පටන් ගන්නා විට තව දුරටත් මතුරමින් මැතිරීමේ වාර ගණන වැඩිකර ගැනීමේ නිදහස ද මෙම සුවිශේෂී කෙම තුළ පවතී. මන්තර වලින් විෂ බෑමේ ක්‍රමවේධ දේශීය විෂ වෛද්‍ය ක්‍රමය තුළ කොතෙකුත් පවතින බව ඒ ගැන විමසීමේ දී තහවුරු කර ගැනීමට පුළුවන. එ වන් මන්තරයක් පෞද්ගලික ව දැන සිටී ම බෙහෙවින් ප්‍රයෝජනවත් ය. කෙමක සුවිශේෂී බව ඉස්මතු කරමින් දෂ්ට කළ ස්ථානයට ඉහළින් රෙදි පටියකින් බැලීමේ දී එය කතා නො කර සිදු කිරීම කෙමට ඇති ගෞරවය හා එහි අනන්‍යතාවය ඉස්මතු කිරීමක් හැටියට ද සැළකිය හැකි ය.