gossiplanka image 1
 


කෙම


රාත්‍රී හෝ දිවා කාලයේ වනගත පෙදෙසක් හරහා පයින් ගමනක් යෑමට සිදුවුණ විට ප්‍රථම වරට හමුවෙන ගසෙන් අතක් කඩා ගන්න. එය මුලින් අල්ලා බිම ගස ගසා යෑමට හැකි අයුරු දිගින් යුක්ත විය යුතු ය. මුල හරියේ කොළ සූරා දමා අත්ත පසෙකින් තබා පහත සඳහන් මන්තරය දෙපයට මතුරන්න. ඉන්පසු අත්ත බිම ස්පර්ෂ කරමින් ඉදිරියට ගමන් කරන්න. සර්පයින් ගෙන් ආරක්ෂාව සැලසේ.


මන්ත්‍රය


ඕං ඕං හ්‍රීං හ්‍රීං හ්‍රීං ප්‍රීං ප්‍රීං යං යං


එහි විද්‍යාත්මක පදනම


වනාන්තර සමීපයේ ජීවත් වෙන ජනයා මෙම කෙම කෙරෙහි වඩාත් උනන්දුවක් දක්වන අයුරු දැකිය හැකි ය. ඊට හේතු ව වනාන්තරවල සර්පයින් බහුල වීම ය. එම පළාත්වල ජනයා මෙබඳු කෙම් ක්‍රම කෙරෙහි උනන්දුවක් දැක්වීම ඔවුන් ගේ ආරක්ෂාවට පමණක් නොව කෙම් ක්‍රමවල පැවැත්මට ද සැපයෙන් නේ මහඟු අත්වැලකි. සැබවින්ම මෙය අන්දුටු කෙමක් යයි කිව හැකි ය. අනාදිමත් කාලයක සිට එයින් පල ලැබුවෝ බොහෝ ය. මතුවට ද කෙම් ක්‍රම කෙරෙහි විශ්වාසයක් තබන ජනයා එ මඟින් ආරක්ෂව සපයා ගැනීමට සැදී පැහැදී සිටීම සතුටට කරුණකි. ඉතාමත් කෙටි මන්තරයක් හා බැඳුණ මෙම මෙම ප්‍රායෝගික කරණයට බඳුන් කිරීමේ දී සිදුවන්නේ කුමක් ද? එමගින් ආරක්ෂාව සැලසෙන්නේ කෙසේ ද? යන්න විමසා බැලීම මෙම කෙරෙහි උනන්දුවක් දක්වන ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. සර්පයා අයත්වන්නේ උරග ගණයට ය. එහෙත් උරග ගණයට අයත් කබර, තලගොයි, කටුසු සතුන්ට මෙන් ශබ්ද ග්‍රහණය කර ගැනීමට නුපුළුවන. උන්ට ශබ්ද ඇසෙන්නේ පොළව ඔස්සේ ය. පොළව හා ඝර්ෂණය වෙන වස්තුවක ශබ්දය මිස වායු ගෝලය ඔස්සේ ගමන් කරන ශබ්ද කිසිවක් නෑසේ සතුන් ශබ්ද වලට දක්වන්නේ බියකි. කොළ අත්තක් බිම ස්පර්ෂ කරමින් ගමන් කිරීම ට සපයින් ට ශබ්ද ඇසෙන්නට සැලැස්වීමේ ක්‍රමවේදයකි. එ විට සපයා ශයට බිය වී මඟ හැර යෑමට පෙළඹේ. ප්‍රථමයෙන් හමුවන ගසෙන් අතක් කඩා ගත යුත්තේ, ගමන් කරන්නා අන්ත පොළවේ ස්පර්ෂ කරමින් යන බැවින් ගමන ආරම්භයේ සිට ආරක්ෂාව සැලසීම පිණිස ය. එම අත්ත කතා නො කර කඩා ගැනීමට නියමකොට ඇත්තේ මෙම කෙරෙහි ගෞරවයක් ඇති කිරීමට ය. ඊළගට මන්ත්‍රය ගැන විමසා බලමු. මන්ත්‍රය බැඳීමේ දී ශබ්ද ශාස්ත්‍රය පදනම් කරගෙන ඇති බැවින් ඊට බලයක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම බලයෙන් ද ගමන් කරන්නට ආරක්ෂාවක් සැලසේ. එම නිසා ගමන් කරන්නා දෙයාකාරයකින් ආරක්ෂා වෙන බව නිගමනය කළ හැකි ය.