කෙම
නො ඉඳුල් කෝලිකුට්ටු කෙසෙල් කැනකින් පලු දු නොවූ ඉදුණු කෙසෙල් ගෙඩියක් කතා නොකර කඩා ගෙන පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් ජීවම් කර නින්දට යන්නට සූදානම් වී කතා නො කර අනුභව කරනු. නො කඩවා මෙම කෙම දින හතක් කළ පසු දරුපල රහිත ව කලක් දුකින් සිටින යුවතියන් වුව ද ගැබ් ගනී.
මන්ත්‍රය
ඕං නමෝ ගර්භධාරිණිම්හි ඒස්වාහාං
එහි විද්‍යාත්මක පදනම
මෙය විශ්වාසය තැබිය හැකි කෙමකි. එම නිසා නිසි ලෙස කළ මැනවි. සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. කෝලි කුට්ටු වනාහි පෝෂණ ගුණයෙන් පිරිපුන් පලතුරු විශේෂයකි. දරු ගැබක් නො පිහිටන්නේ කිසියම් ඌණතාවයක් කාන්තා සිරුරේ පවතින නිසා ය. කෝලිකුට්ටුවල එබදු ඌණතා මග හැරවිය හැකි ඖෂධීය ගුණ ද බහුල ය. පලුදු නො වූ කෙසෙල් ගෙඩි අනුභවයට නියම කර තිබීමෙන් කාර්යය අඩු ලුහුඩුවකින් තොර ව ඉෂ්ට සිද්ධ කර දෙන බව සංඛේතවත් කරනු ලැබේ. එමගින් අනුභව කරන යුවතිය ගේ සිතේ කෙම පිළිබද විශ්වාසයක් ගොඩ නඟනු ලැබේ. ජීවම සඳහා කෙටි වුව ද ප්‍රබල මන්ත්‍රයක් නියම කර තිබීමෙන් කෙමේ සක්‍රීයතාවය තවදුරටත් තීව්‍ර කරනු ලැබේ.කතා නොකර ක්‍රියාවට නැංවීමට පනවා ඇති නියමය නිසා කෙමට නිසි ගෞරවයක් ද එක්කර තැබීමෙන් තවදුරටත් විශ්වාසය තහවුරු වේ. මෙම මෙම ප්‍රායෝගික කරණයට බඳුන් කිරීමේ දී ඉහත සඳහන් කරුණු කාරණා ඒකරාශී වී ඔබේ අභිමතාර්ථය ඉදුරාම ඉෂ්ට සිද්ධ කිරීමේ ප්‍රවේශය විවර කර දෙන බවට විශ්වාසය පළ කළ හැකි ය.
Comments
Post a Comment