කෙම
කබල්ලෑ පොතු කීපයක් මැදින් සිදුරු කොට නූලක් දමා මාලයක් සේ සකසා කතා නො කර ගෙළ බඳිනු. ඇදුම සුවවේ.
එහි විද්‍යාත්මක පදනම
යම් යම් රෝගාබාධ සඳහාත්, ආරක්ෂක්ෂාව පිණිසත් සත්ව අස්ථි, දත් යනාදිය ගෙළේ සහ ඉන් බැලීමට මිනිසා පුරුදුව ඇත්තේ අද ඊයේ සිට නොවේ. ඒවා ඈත අතීතයේ සිට පැවත එන සිරිත් සහ පුරුදු ය. කොටි දත්, කොටි නිය පොතු ගෙළ පැළදීම පිඹුරු ඇට ඉන බැඳීම ඊට නිදසුන් ය. ඇදුම රෝගයට සුවය අපේක්ෂාවෙන් කබලෑ පොතු ගෙළ පැළදීම ද ඒ හා සමාන ක්‍රියාවකි. මෙහි විශේෂත්වය වන්නේ මෙම කෙම ක්‍රියාවට නැංවීමේ ක්‍රම වේට්ටු පළාතෙන් පළාතට වෙනස් මුහුණු වරක් ගන්නා අයුරු ය. ඇතැම් පළාත්වල මාලය සඳහා කබල්ලෑ පොතු තුනක් ද, තවත් පළාතක හතක් ද භාවිතා කරන බව තතු දන්නෝ පවසති. උතුරු මැද පළාතේ ඇදුමට කබල්ලෑ පොතු පැළඳීමට පෙර ජීවම් කිරීමක් සිදු කරනු ලැබේ. වයඹ පළාතේ මෙම කෙම භාවිතයේ දී ඊට නවාංගයක් එක්කරගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඒ වෙනකක් නොව උදේ ගෙළ පැළඳ ගන්නා කබල්ලෑ පොතු මාලය හැන්දෑවට ගලවා දෙහි ගහක දැවටීම ය. යළි එය ගෙළ පළඳින්නේ පසුදා උදෑසන ය. එසේ කළ විට කෙටි කලකින් ඇදුම නිට්ඨාවට සුව වෙන බව ඔවුහු පවසති. ඈයා යනුවෙන් ද හඳුන්වනු ලබන කබල්ලායා උරග පවුලට අයත් සත්වයකි. උෂ්ණාධික සත්වයෙක් වන ඌ අනතුරක ඉව දැනුණ සැනින් කිතුල් ඇටයෙක්, හැකරැල්ලෙක්, රෑ බදුල්ලෙක් මෙන් හැකිලෙයි. යළි දිග හැරෙන්නේ අනතුර පහව ඇතැයි හැඟුණ විට ය. කබල්ලෑ මස් ගිනියමෙන් ඉහළ අගයක් ගන්නා බව වනාන්තර ආශ්‍රිත ව ජීවත් වෙන දන්නෝ පවසති. එහෙත් කබලෑයන් දඩයම් කිරිම ඔවුහු අත් නො හරිති. ඇදුම සෙම ගතිය ආශ්‍රිතව වැළදෙන රෝගයකි. ඊට උෂ්ණාධික බව හිතකර ය. මෙම කෙමේ දී හෙළි දරව් වෙන්නේ උෂ්ණාධික ගුණය එම කබැලෑ පොතු ස්පර්ෂයෙන් ලබා ගැනීමකි. කබැල්ලා පොතු මාලය රාත්‍රී කාලයේ දී දෙහි ගසක රැඳවීමෙන් තවත් කරුණු කීපයක් සම්පූර්ණ කර ගන්නා ආකාරයක් දැකිය හැකි ය. දෙහි ශාකය ද ඇදුමට ගුණදෙන ඖෂධයකි. කබල්ලා පොතු මාලයට දෙහි ගසක ඇසුර ලැබීමට සලස්වා අතිරේක ගුණයක් ලබා ගන්නා බව මෙයින් නිගමනය කිරීමට පුළුවන. අනෙක් කාරණය වන්නේ රාත්‍රියේ කබල්ලා පොතු මාලය දෙහි ගසක රැඳ වූ විට පින්නට අසුවීම ය. පින්න ද ඖෂධයක් හැටියට ඇදුමට ගුණදායක ය. ඇතැම් වෛද්‍යවරු පිනි එකතු කොට එමඟින් බෙහෙත් සකසා ඇදුම රෝගීන් බීමට දීමේ ප්‍රතිකාර ක්‍රමයක් ද සියලු වෙදකමේ ඇත. එ මතු ද නොවේ. පිනිබෑමෙන් කබල්ලෑ පොතුවල ඖෂධීය ගුණය උද්දීපනය වෙන බැවින් ඉන්පසු ව ඒවා පැළඳීමෙන් ඇදුමට ගුණ ලැබෙන බව විශ්වාස කළ හැකි ය.
Comments
Post a Comment