gossiplanka image 1
 





ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය තුළ දක්නට ලැබුන ඉතාමත්ම වාසනාවන්තම පින්වත් මිනිසා ලෙස ඩී. බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයා හැඳින්විය හැකිය. කිසිදු ආයාසයක් නොදරා, කිසිවකුගේ සිත් රිදවීමකින් තොරවම රටේ ඉහලම පුරවැසියා වීමට තරම් භාග්‍යවන්තයකු වූ මෙතුමා එවන් වූ භාග්‍යයක් හිමිකරගනු ලැබූවේ කෙසේද යන්න මොහුගේ ජන්ම පත්‍රය නිරික්ෂණය කිරීමේදී මනාව පිළිඹිබු වෙයි. 1914 පෙබරවාරි 16 පුනාවාස නැකතේ හතරවෙනි පාදයෙන් මෙලොව එලිය දුටු මෙතුමාගේ මිථුන ලග්න ජන්ම පත්‍රයේ සුවිශේෂී ග්‍රහ පිරිහීම් කිහිපයක්ම දක්නට ලැබෙයි. ලග්නාධිපති බුධ සමඟ පරිවර්ථනය වෙමින් ලග්නයේ තැන්පත්වී සිටීමින් "චන්ද්‍ර වුණා" යෝගය නම් පින්වත් යෝග බලය උදාකළ අතර යෝග කාරක සිකුරු තම උච්ච රාශිය වූ මීනයේ මාලවී යෝගය උදාකරමින් දසවැන්නේ සිටින්නේ ස්වක්ෂේත්‍ර වූ ගුරු සමගයි. සියලු හවුල් කටයුතු පෙන්වන හත්වැන්නෙන්ද අධිපතියා වෙමින් ගුරු සිටියේ "ගුරු හංස" නම් මහා පුරුෂ යෝගයද සහිතව බව පෙනෙයි. ඒ අනුව මෙතුමාගේ හඳහනේ පංච මහා පුරුෂ යෝගයන් දෙකක්ම දසවැන්නේ යෙදී තිබෙනු දැකගත හැකිය. කෙනෙකුගේ ජීවන තත්වය කොතෙක් දුරක් ඉඳිරියට ගෙනයනවාද යන්න පෙන්වන දසවැනෙහි වූ මෙම බලවත් පිහිටිම විජේතුංග යන්ට රටේ ඉහලම පුරවැසියාට හිමි අසුන තෙක්ම පැමිණීමට උපකාරිවූ බව පැහැදිළි කරයි. මීට අමතරව තුලා නවාංශකයේද සිකුරු "මාලවී" යෝගය සහිතව සිටින්නේ තම රාගිම් බැවින් සහ රවි නමවැන්නේ සිට උභයචාරී යෝගය උදාකරමින් ලග්නය දැකීමද විජේතුංග යන්ගේ වාසනා ගුණ මහිමය මොනවට පිළිඹිබු කරයි. "ගුරු හංස යෝගයද මෙම හඳහන්නේ දක්නට ලැබෙන සුවිශේෂී ග්‍රහ පිහිටීමක් වන අතර මොහු 1977 ජේ. ආර්. ජයවර්ධන රජයේ අමාත්‍යවරයෙක් හැටියට මෙන්ම 1989 ප්‍රේමදාස රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සහ 1993 ශ්‍රී ලංකාවේ තෙවෙනි විධායක ජනාධිපතිවරයා ලෙසින් වැඩ කරගන්නා විටද ගතකරමින් සිටියේ සිකුරුගේ මහ දශාවය. වසර අනූහතරක් ආයු වළදා 2008 සැප්තැම්බරයේ මෙතුමා මෙලොවින් සමුගනු ලැබූවේ සඳු මහ දශාව ගෙවමින් තිබියදීය. සඳු උපතේදී ස්වක්ෂේත්‍ර බලයෙන් නීච කුජ සමග සිටියේ මාරක දෙවැන්නේ බව පෙනේ.