1977 - 88 ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ දේශපාලඥයකු වූ ගාමිණී දිසානායක මහතා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ තවත් අමතක කළ නොහැකි චරිතයකි. 1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ මෙතුමා ජනාධිපතිවරණය පැවැත්වීමට දින කිහිපයකට පෙර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්විය. 1942 මාර්තු 20 දින සිකුරු හිමි බෙරණ නැකතින් උපන් මෙතුමාගේ ජන්ම ලග්නය වූයේද සිකුරු හිමි තුලා රාශියයි. උපතේදී ලග්නාධිපති ශනි හිමි මකර රාශියේ තැන්පත්වූ අතර එම රාශි අධිපති ශනි අටවැන්නේ සිකුරුගේ වෘෂභ රාශියේ තැන්වත් වීමෙන් පරිවර්තන යෝගයක් උදාකරදී තිබෙනු දැකගත හැකිය. රාහු රාජ්‍ය කාරක රවිගේ සිංහ රාශිය වූ එකොළොස්වැන්නේ තැන්පත් වීම මෙතුමාගේ හඳහන්නේ ප්‍රබල පිහිටීමක් වූ අතර දිසානායක මහතාගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂීම කාල පරිච්ඡේදය ආරම්භ වන්නේන්ද රාහු මහ දශාව ආරම්භයත් සමගය. 1976 සිට පුරා වර්ෂ 18 ක් රාහු මහ දශාව ගෙවමින් තම දේශපාලන දිවියේ ඉදිරියට පැමිණි මෙතුමාගේ ලග්නාධිපති සිකුරු හතරේ තැන්පත් වීම එක් අතකින් යහපත් සේ පෙනුණද සිකුරු අට අධිපතියා වී හතර වැන්නේ සිටීමේ අශුභ විපාක දිසානායක මහතා භුක්ති විඳි බව පැහැදිළි වේ. මොහුගේ දේශපාලන දිවියේ අර්බුධයන්ට මුහුණ දීමේ ආරම්භය සනිටුහන් වන්නේ රාහුගේ සිකුරු අතුරු දශාව ආරම්භ වීමත් සමගය. ඒ 1988 මැද සමයේ සිටය. 1991 මැද සමය වන තෙක් පැවති මෙම අතුරු දශා කාලය තුළ මෙතුමා අසීරු අවස්ථාවන් රැසකට මුහුණ දෙනු ලැබීය. ජනාධිපති ප්‍රේමදාස මහතා සමඟ ඇතිකරගත් මතබේ දුරදිග යාමෙන් ලලිත් ඇතුලත්මුදලි සමඟ එක්ව මොහු එක්සත් ජාතික පක්ෂයෙන් මෙන්ම තම අමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්වන්නේ මෙම කාලවකවානුව තුලදීය. නමුත් ගුරු මහ දශාව ලැබීම්මත් සමගම යළි තම පාරම්පරික පක්ෂයට පැමිණෙන මොහු 94 ජනාධිපති අපේක්ෂකෙත්වයද හිමිකර ගනී. කෙසේවුවත් දිසානායක මහතා මෙලොවින් සමුගනු ලැබුවේ ගුරු මහ දශාවේ ගුරු අතුරු දශාව ගෙවමින් සිටියදීමය. ගුරු උපතේදී මාරක දෙවැන්න අධිපති කුජ සහ ශනි සමග අටවැන්නේ සිටිනු පෙනේ.
Comments
Post a Comment