gossiplanka image 1
 


ඩී. එස්. සේනානායක මහතාගේ ජන්ම පත්‍රයේ දක්නට ලැබෙන සුවිශේෂී ග්‍රහ පිහිටීමක් ලෙස ලග්නාධිපති සිව්වැන්නේ උච්ච බල සහිතව භද්‍ර යෝගය නම් මහා පුරුෂ යෝගී බලයෙන් සිටීම හැඳින්විය හැකිය. පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත් වූෙ මෙතුමාගේ දසවැන්න අධිපති ගුරු පස්වැන්න අධිපති සිකුරු සමග සිටින්නේ රාජ්‍ය කාරක රවිගේ රාශියේය. එම රවි පරිවර්ථන බලයක් සහිතව ලග්නය දකිමින් සිකුරු හිමි තුලා රාශියේ සඳු සමඟ සිටිති. රාජ්‍ය කාරකයා නීච වූවද ගුරුට සංයෝග වූ සිකුරු සමග පරිවර්ථනය වීමෙන් එම නීචය මග හැරී ගිය බව පෙන්නේ. මීට අමතරව නමය අධිපති ශනි ලග්නයේ සිටීම ධාර්මික බව, සමානාත්මතාවය අගය කිරීම වැනි ගුණධර්ම වැඩිදියුණු වන පිහිටීමකි. ගල්ඔය ව්‍යාපාරය වැනි වාරි යෝජනා ක්‍රම මගින් යලි මෙරට ජාතික සංස්කෘතික ප්‍රබෝධයක්  ඇතිකරවීමට උත්සාහ දැරූ මෙම දේශ හිතෛෂී නායකයාගේ ජන්ම පත්‍රයේ හයවැන්නේ කුජගෙන් යෙදුන විපරිත රාජ යෝගී බලය ඔහු මෙරට යුග යුග කියවෙන පුරුෂයකු වන බවට සාක්ෂි පෙන්වයි.