කෙම
කොටි දතක් හෝ කොටි නිය පොත්තක් කතා නො කර කරේ හෝ ගෙළේ පැළඳ ගෙන වනාන්තරයට ඇතුල් වෙනු. වන සතුන් ගෙන් ආරක්ෂක්ෂාව සැලසේ.
එහි විද්‍යාත්මක පදනම
වන සතුන් ගේ විවිධ අස්ථිමය කොටස් අතේත්, ගෙලේත්, කරේ පැළඳීමට මිනිස්සු අතීතයේ සිට ම පුරුදු ව සිටිති. එම සත්ව කොටස් අතුරෙන් අලි කෙදි, කොටි නියපොතු, කොටිදත් යනාදිය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බව පෙනේ. මෙම පැළදීම් වල දී විශේෂයෙන් අලියා ගේ වලිගයේ ඇති කෙඳි, අතෙත් කොටි දත් ගෙළේ හෝ ඉනේත්, කොටි නිය පොතු කරේත් පැළඳීමට උනන්දුවක් දක්වා ඇති බව පෙනේ. පැළදීම් පහසු කර ගැනීම සඳහා ඔවුහු රන්කරුවන් ලවා අලංකාරයක් එක්කරවා ගැනීමටත් සැලකිලිමත් වී ඇත. එ මතු ද නොව පැළදීමේ පහසුව සඳහා එම අලංකාරයට අමතර ව සුරවල මෙන් ගුණ්ඩු සවි කරවා ගැනීමට ද උත්සුක වී ඇති බව පෙනේ.. මෙම පුරුද්ද කුමන කරුණක් අරබයා කරන ක්‍රියාවක් ද යන්න විමසුවට ලක්කරන කල්හි මතකයට නැගෙන්නේ ඉහත සඳහන් කෙම ය. පසු කාලීනව අලංකාරය උදෙසා මෙම පැළඳීම කරන්නට පුරුදු වුණත්, ඈත අතීතයේ දී මෙය කරන්නට ඇත්තේ වන සතුන් ගෙන් ආරක්ෂක්ෂා වීම සඳහා ය යන්න නිගමනය කළ හැකි ය. එසේ නම් වර්තමාන යේ දී ද මෙම මෙම ක්‍රියාවට නංවා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
කොටියා දරුණු සතෙකි. වනයේ සිටින බිහිසුණු ම සතා යයි පැවසුව ද එය නිවැරදි ය. එ මෙන් ම කොටි නිය පොත්තක් කොටි දතක් නිකම්ම ලබා ගැනීමට නුපුළුවන. ඒ සඳහා කොටියෙක් මරා ගැනීමට සිදුවෙයි. කොටි නිය පොත්තක් හෝ කොටි දතක් පැළද ගත් මිනිසෙක් වනයට ඇතුල් වුණ විට එම ඉව කොටියාට දැන්නේ. එම ඉව තුළ අනතුරු දායක තත්වයක් ඇතැයි කොටියා බියට පත් වේ. එ විට කොටියා ඉව දැනුණ පළාතේ නො සිට පලායයි. කොටියා පත්වෙන මෙම මානසිකත්වය වනයට ඇතුල්වෙන මිනිස්සුන්ට හොඳ ආරක්ෂාවකි. ඒ බව අතීතයේ සිටි මිනිසුන් අවබෝධයට ගෙන කොටි දත්, කොටි නියපොතු පළඳින්නට ඇත. එය පසුකාලීන ව අනුකාරක ක්‍රියාවක් බවට පත් වී පළඳින්නන් වාලේ ඔහේ පළඳින්නට ද ඇත. මීට අදාළ අනෙක් කාරණය වන්නේ කොටි දතක් හෝ කොටි නිය පොත්තක් පැළඳ වනයට ඇතුල් වුණ විට අනෙක් සතුන්ට ද කොටියා ගේ ඉව දැනීම ය .කොටියාට වනයේ ජීවත් වන සතුන් බහුතරයක් බියෙන් පසුවේ. එම නිසා කොටි දත් හෝ කොටි නියපොතු පැළද යන මිනිසුන් මගහැර යෑමට එම සතුන් ද පෙළඹේ. කතා නො කර කොටි දත් හෝ කොටි නියපොතු පළඳින්නේ කෙමේ සුරක්ෂිතභාවය සඳහා ය.A
Comments
Post a Comment