කෙම
නූල් තුන් පොටක් ගෙන ගැට සකසා 108වරක් පහත සඳහන් මන්ත්‍රය මතුරා ගැට හිරකර තුන්දොස් කිපුණු ළමයා ගේ කරේ බදිනු. වහා තුන්දොස් සමනය වේ.
මන්ත්‍රය
ඕං නමෝ පවා මහා කිලෝසේම යේස්වා හ: නමෝ ආත්මකාලී මහාකාලී මලනි බන්දවතී ඒස්වාහා ඕ: ශිවායි නම:
එහි විද්‍යාත්මක පදනම
මෙය ඍජුව ම මන්තරයක් උපයෝගී කර ගෙන එහි බලය විදහා දක්වමින් තුන්දොස් සමනය කිරීමට පියවර ගෙන ඇති කෙමක් හැටියට සඳහන් කළ හැකි ය. තුන්දොස් යනුවෙන් හැඳින්වෙන්නේ වා, පිත්, සෙම් ය. ඒවා නිරන්තරයෙන් මනුෂ්‍ය ශරීරයේ සාමාන්‍ය පරිදි උත්පාදනය වෙමින් පවතී. එයින් සිදුවන හානියක් නැත. එහෙත් වා, පිත්, සෙම් උත්පාදනය විසම වුණ විට ප්‍රශ්න ඇති වේ. ශරීරය විවිධ ආසාධන තත්ත්වයන්ට මුහුණ දෙනු ලැබේ. එ විට අපි එම තත්වය තුන්දොස් කිපීම යනුවෙන් හඳුන් වන්නෙමු. එය සමනය කර ගැනීමට උත්සාහ කරනෙමු. වර්තමානයේ නම් තුන් දොස් සමනය කර ගැනීම සඳහා වැඩි දෙනෙක් වෛද්‍යවරු වෙත යොමුවීමට පුරුදුව සිටිති. ඖෂධ ප්‍රතිකාර මගින් පවතින තත්වය මග හරවා ගැනීමට පියවර ගනිති. එහෙත් අතීතයේ ජීවත් වුණ අපේ පැරැන්නෝ එසේ නො කළහ. ඒ සඳහා කෙම් ක්‍රම භාවිතා කළහ. එ මතු ද නොව එමගින් සුවය ලබා ජනජීවිතය සැපවත් කර ගත්හ.
තුන්දොස් සමනය කිරිමේ මෙම කෙම පිළිබඳ ව විමසුමක යෙදෙන විට තුන්දොස් සමනය කිරිමට හේතු පාදක වන කරුණු කීපයක් අනාවරණය කිරීමට අසීරු නොවේ. මෙහි දී එනම් මෙම මෙම ප්‍රායෝගික කරණයට බඳුන් කිරීමේ දී ප්‍රථමයෙන් ම කරනු ලබන්නේ නූල්පොටවල් තුනක් පිළියෙල කර ගැනීම ය. එම නුල් පොටවල් තුන සිරුර තුළ කිපී පවත්නා වා, පිත්, සෙම් සඳහා ය යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. ඊළගට ඊට ගැට නවයක් යොදන්නේ ද එම තුන් දොස් වලට ගැට තුන බැගින් බෙදීයාම සඳහා ය.මන්ත්‍රය එම ගැටවලට ජීවම්කර හිරකරනු ලබන්නේ ඉන්පසුව ය. බලගතු මන්ත්‍රයක් වන බැවින් එහි පවත්නා ගුප්තමය ජීව බලය හිර කරන ලද ගැට තුළ අන්තර්ගත වේ. ඉන් පසුව රෝගියා ගේ කරට නූල් දැමීම සිදුවෙයි. එය තුන්දොස් සමනයට යෝග්‍ය මන්ත්‍රයක් වන බැවින් රෝගය නිවාරණය වෙන්නට පටන් ගනී. තුන්වරුවක් පමණ ගෙවී යන විට රෝගියාට සම්පූර්ණ සුවය ලැබේ.
Comments
Post a Comment