කෙම
ආයුධයකින් කැපී හෝ වෙනත් විදියකින් තුවාලයක් සිදුවුණ විට කතා නො කර ඉර දෙස සෘජුව බලා පහත සඳහන් මන්තරය තුවාලයට මතුරනු. හත් වරක් මතුරන්නට පෙර ලේ ගැලීම නතර වේ.
මන්ත්‍රය
ඕං ඉර ඉරා ඉර බැන්දෙන් සඳ ඉරා සඳ බැන්ද්දෙන් ලේ පූට්ටු මස් පූට්ටු ඇට පූට්ට ඒස්වාහා:
එහි විද්‍යාත්මක පදනම
කෙම් ක්‍රම, මන්තර, රහස් ප්‍රතිකාර ක්ෂණිකව කළ හැකි වෛද්‍ය විධි හැටියට සැළකේ. එමගින් අපේ පැරැන්නෝ විපුල ඵල ප්‍රයෝජන ලැබූහ. ඉන් සුවය ලබා ජනජීවිතය සැපවත් කර ගත්හ. මෙම කෙම ද රහස් ප්‍රතිකාරයකි. මන්තරයක් ද එය හා බැඳී පවතින බැවින් ප්‍රතිඵල පිළිබඳ ව සැක පහළ කරගත යුතු නොවේ. හේනේ කුඹුරේ ගෙවත්තේ වැඩපල කරන විට ඉදහිට වුව ද අත් වැරදීම් වලින් සිදුවන තුවාලවලට ක්ෂණික ප්‍රතිකර්මයක් හැටියට මෙම කෙම භාවිතා කිරීමට පුළුවන. නුවර කලාවියේ හේන් ගොවියන් අතර වඩාත් මෙම කෙම ප්‍රචලිත ව ඇත්තේ එ බැවිනි. දිවයිනේ සෙසු පළාත්වල ද ඉඳහිට වුව ද භාවිතා වෙන අයුරු දැකිය හැකි ය. මෙහි විශේෂත්වය වන්නේ තුවාලය සිදු වුණ විට කෑ කෝ ගසමින් අන්‍යයන් ගේ උදව් නො පැතීම ය. වහා කලබල වී වෛද්‍යවරුන් සොය නො යෑම ද තවත් දැකිය හැකි ලක්ෂණෙයකි. එමගින් සනාථ වන්නේ මෙය රහසිගත ව කළ යුතු කෙමක් බව ය.
මෙම කෙම ඍජුව ම මන්තර බලයෙන් සිදු කරන හාස්කමකි. මන්තරවල අන්තර්ගතය ශබ්ද ශාස්ත්‍රයයි. එය බෙහෙවින් ගුප්ත ය. ඒ බව මෙම කෘතියේ කීප පොළක ම සඳහන් කොට ඇත. අප ගේ ශරීරය පුරා සියුම් රුධිර නාල විසිරී ඇත. කැපීමක දී ඒවා වෙන් වෙනු ලැබේ. එ විට ලේ වහනය සිදු වේ. තුවාලයක් සිදුවුණ විට වෙන්වන එම රුධිර නාල යළි සම්බන්ධ කිරීමේ හැකියාවක් රහස් කම හා සම්බන්ධ කොට ඇති මන්තරය සතු ව ඇතැයි විශ්වාස කළ හැකි ය. එය ක්‍රියාවට නැවුව විට ලේ ගැලීම නතර වී එය සුවපත් කරගැනීමට මහත් පහසුවක් ඇතිවේ.
Comments
Post a Comment