gossiplanka image 1
 

ශිව දෙවියන්ගේ අවතාරයක් වූ බහිරවයා ඉන්දියාවේ මහා ප්‍රදේශවාසීන් අදහන දෙවියෝය. මානි සහ මාල් යන යක්ෂ සොහොයුරන් දෙදෙනෙකු මැරීම සඳහා ශිව දෙවියන් මෙම වේෂය ගන්නා ලදැයි කියැවේ. සෘෂිවරුන් සත් දෙදෙනෙක් මණිපූර්ණ කන්දෙහි සිය අසපු තනාගෙන භාවනාවෙන් කල් යැවූහ. තමන් දඩ කෙළි යාමේදී මේ අසපු ඒ කාර්යයට අවහිරයක් සැළකූ මානි හා මල් ඒවා විනාශ කර දැමූහ. සෘෂිවරු මෙය ශිව දෙවියන්ට පැමිණිලි කළහ. එවිට බහිරව අවතාරය ගත් ශිව දෙවියෝ සත් කෝටියක් භට සෙනග සමඟ මණිපූර්ණ කන්දට අවුත් මානින්ගේ හමුදාව හා සටන්කොට ඔවුන් පරාජය කළේය. මා මරා දමනු ලැබීය. මාල්සටනට ඉදිරිපත් වූ කල්හි ඔහුද මරා දමනු ලැබීය. තමන් අතර කලක් වාසය කරන ලෙස සෘෂිවරු ශිවගෙන් ඉල්ලා සිටියහ. එය පිළිගත් ශිව කලක් එහි සිටියේය. පසුව මෙතැන විශාල නගරයක් පහළ විය. එය ප්‍රේමපුරි නම් විය. ශිව ප්‍රතිමාව පසෙකින් දැනට ඔහුගේ ප්‍රියාව වු මල් සබායිගේ ප්‍රතිමාවක් වෙයි. ඇය අසු පිට යන ආකාරයෙනුත් සුනඛයෙකු පිරිවර කොට ඇති ලෙසත් එය පිහිටුවා ඇත.

බහිරව කහවන් අශ්වයෙකු පිට නැග ගමන් කරන සේ සළකති. ඔහුගේ කොඩියද කහ පාටය. ඔහු මැරූ යක්ෂයෝද කහ පාටය. මන්තර් නම් වූ එඩේර ගෝත්‍රිකයෝ විශේෂයෙන් බහිරව  අදහති. ඔහු එම ගෝත්‍රයේ බාතායි නම් වු තරුණියක පැහැර ගෙන ගිය නිසාවෙන් එසේ අදහති.