ශිශ්‍රපාල චේතිය නුවර රජුය. ඔහු කෘෂ්ණ ගේ සමකාලිනයෙකි. ඔහු උපන් මොහොතේම බූරුවෙකු සේ හඩ නැගීය. ඔහුට ඇස් තුනක් හා අත් හතරක්ද විය. පසු කලෙක ඔහු මරා දැමීමට සිටින තැනැත්තා දුටු විට මොහුගේ වැඩිපුර ඇති ඇසත් අත් දෙකත් නැතිව යන්නේ යැයි දෙවඥයෝ ප්‍රකාශ කළහ. ශිශ්‍ර පාලගේ මව මේ තැනැත්තා සොයා ගැනීම සඳහා දරුවා සමග බොහෝ නෑදෑ හිතවතුන් හමු වීමට ගියාය. නමුත් ඒ ඇස මෙන්ම දෑතද අතුරුදන් නොවීය. දිනක් ශිශුපාලගේ නිවසට කෘෂ්ණ පැමිණියේය. ඔහු දරුවා වඩාගත් මොහොතේත්ම ශිශුපාලගේ වැඩිපුර ඇසද ඈතද නැතිව ගියේය. මේ දුටු මව කෘෂ්ණගෙන් වරයක් ඉල්ලා සිටියාය. ඔහු සියක් වරක් වරද කළත් ඒ සියවාරයේදීම සමාව දෙන්නෙමියි. කෘණ පොරොන්දු වූයේය. වියපත්වූ ශිශුපාල බලවත් රජෙකු බවට පත්විය. විධර්හ
දේශයේ රජුගේ දියණිය වූ රුක්මණී සමග ඔහු විවාහ ගිවිසගත්තේය. නමුත් කෘෂ්ණට ආලය කළ ඈ තමන් වාරක ප්‍රදේශයට පැහැර ගෙන යන ලෙස කෘෂ්ණට කීවාය. කෘෂ්ණ ද විවාහ දිනයේ ඇය පැහැර ගෙන ගියේය. මෙයත් තවත් සිදුවීම් කීපයකුත් නිසා ශිශුපාල තෘණට වෛර කරන්නට විය. දේශයේ රජුගේ දියණිය වූ රුක්මණී සමග ඔහු විවාහ ගිවිසගත්තේය. නමුත් කෘෂ්ණට ආලය කළ ඈ තමන් වාරක ප්‍රදේශයට පැහැර ගෙන යන ලෙස කෘෂ්ණට කීවාය. කෘෂ්ණ ද විවාහ දිනයේ ඇය පැහැර ගෙන ගියේය. මෙයත් තවත් සිදුවීම් කීපයකුත් නිසා ශිශුපාල කෘෂ්ණට වෛර කරන්නට විය. මේ කරුණු මත නොයෙක් වතාවන්හි ශිශුපාල ඔහුට වරද කළද කළින් වූ පොරොන්දුව නිසාවෙන් කෘර්ණ ඔහුට සමාව දුන්නේය. සියත්වාරයක්ම සමාව දුන්නේය. ඊළඟ වාරයේ තමන් කෝප කළ විට කෘෂ්ණ ශිශුපාල මරා දැමීය.
ශිශුපාලගේ මරණය සිදු වූ ආකාරයද හැදෑරිය යුතුය. ධෘතරාෂ්ටගේ රාජ්‍යයෙන් භාගයක් ලබාගත් පාණ්ඩවයෝ එහි රජ කළහ. රජකම යුධීෂ්ඨියට පැවරුනේන් ඔටුණු පැළඳවීමේ උත්සවය සඳහා අසල්වැසි රටවල බොහෝ රජ දරුවන්ට හා නායකයන්ටද ආරාධනා යවන ලද්දේය. මෙහි එක්තරා උත්සවයකදී ප්‍රධාන අමුත්තා නම් කිරිමට සිදු විය. භීෂ්මගේ අනු දැනුම මත යුධිෂ්ඨර ප්‍රධාන අමුත්තා ලෙස කාණ නම් කළේය. වහාම නැගී සිටි ශිශුපාල එසේ කිරීමට හේතු විමසුවේය.
"කෘෂ්ණ රජෙකු නොවේ. පැමිණ සිටියවුන් අතර ගුණවතා බලවතා හෝ වීරයාද නොවේ. වැඩිමහල් පිළිවෙලට එය සිදු වූයේ නම් කෘෂ්ණගේ පියා වූ වාසුදේව සිටියේය. උගත්කමට අනුව නම් පාණ්ඩවයගේ ගුරු වූ සේ සිටියේය. සාමය ඇති කිරීම් ආදි රාජ්‍යය පරිපාලන කටයුතු අනුව නම් පාණ්ඩවයන්ගේ මාමණ්ඩිය වු ධෘපද සිටියේය. ගරු සම්මාන ලැබීමේ සුදුසුකම අනුව නම් පාණ්ඩවයන්ගේ සුළු පියා වු භීෂ්ම සිටියේය. එසේ තිබියදී වංචාකාරි වූත් එඩේරුත් අතර පහත් උත්පත්තියක් ලැබුවා වූත් කෘෂ්ණට මේ ගෞරවය දුන්නේ ඇයි? යුධිෂ්ඨීර ඔබගේ මේ තේරීම මටත් මේ පැමිණ සිටින අමුත්තන්ටත් කරන ලද නිග්‍රහයක්” යැයි ශිශුපාල කියා සිටියේය. අමුත්තන්ගෙන් බොහෝ දෙනෙකුද ඔහුගේ පක්ෂය ගත්හ. යුධීෂ්ඨිර කළේ අනුවන ක්‍රියාවකැයි ඔවුහු කියා සිටියහ. භීෂ්මද එය පිළිගත්තේය. අනවශ්‍ය භේදයක් ඇති කිරිම පිළිබඳව ශිශුපාලට දොස් පැවරූහ. එවිට ශිශුපාල භුම්මට දොස් නගන්නට විය. ඔහු මෝඩයෙක් මෙන්ම ඒකාධිපතියෙක් යැයිද කියා සිටියහ.
"අවිවාහක බවක් අඟවා ඔබකරන්නේ රැවටිල්ලකි. කසී රට රජුන්ගේ දූ වරුන් ඔවුන්ගේ විවාහ දිනයේ බලෙන් අල්ලාගෙන හස්තිනා පුරයට ගෙන ආ බව තුන් ලොවම ප්‍රකට කරුණක් නොවන්නේද? ඔබගේ ඥාති සොහොයුරු විචිත්‍ර විර්යගේ භාර්යාවන් කිරීම සඳහා ඔවුන් ගෙන ආ බවට ඔබ දක්වන කරුණු පිළිගැනීමට තරම් අපි මෝඩයෝ නොවෙමු. විචිත්‍ර වීය දරුවන් නොලබා මිය ගියේය. ඔබ අවිවාහකව ඉන්නේ විවාහ වී බිරියකට භක්තිමත් වීමට නොහැකි නිසාය. සත්තකින්ම ඔබ ශිශුපාල මෙසේ දිගටම නොයෙක් බාධා ඇති කළෙන් පැමිණ සිටියවුන් දෙපිලකට බෙදීම නිසා අභිෂ්කය නොකෙරන තැනට කරුණු යෙදුණි. හිශුපාලගේ කතාවන් තව දුරටත් අසා සිටිය නොහැකි වු තෘණ සිය පාරාවලලෙන් දමා ගසා ඔහු මරා දැමීය. කෘෂ්ණගේ අනෙක් සැම සතුරන්ටම වඩා ශිශුපාල ඔහුට වෛර කළේය. නින්දේදී පවා විණු මැරීමට ඔහු උපක්‍රම කල්පනා කළේය. විෂ්ණු ගැන නිතරම කල්පනා කිරීම නිසා ඔහු මියගොස් දෙව්ලොව උපන්නේය.
Comments
Post a Comment