කෙම
යම්කිසි පුද්ගලයෙක් ගසකින් වැටුණ විට වහා ක්‍රියාත්මක වී කතා නො කර අත්දෙක පිටුපසට බැඳගෙන ඔහු ගේ ඇඟට උඩින් පැන ඔසවනු. සහනයක් ලැබේ.
එහි විද්‍යාත්මක පදනම
අත්තක් කැපීමට, ගෙඩියක් කැඩීමට ගසකට නැගුණ කෙනෙක් අත් වැරදීමකින් බිම පතිත වීමට පුළුවන. එය සරල සිදුවීමක් වුව ද බරපතල අනතුරක් බව කවුරුත් දනිති. එ බඳු අවස්ථාවක දී අස්දෙක පිටුපසට බැඳ ගසෙන් වැටුණ පුද්ගලයා ගේ ඇගට උඩින් පැන එසවීමෙන් ගසෙන් වැටුණ පුද්ගලයාට කිසියම් සහනයක් ලැබෙන බව ගැමියන් ගේ විශ්වාසයයි.ඔවුන් ගේ විශ්වාසයට අනුව එය සම්පූර්ණ සුවය පතා කරන කෙමක් නො වූව ද ඒ සඳහා සමාරම්භයකි. එ මගින් සහනයක් ලැබෙන බව ඔවුන් පවසන අතර ඉක්බිති රෝගියා වහා වෛද්‍යවරයෙක් වෙත ගෙන යා යුතු ය.
මෙම ක්‍රියාවේ දී එ නම් අදාළ කෙම ක්‍රියාවට නැංවීමෙන් කිසියම් සහනයක් ලැබෙන බව සැබෑවකි. ඊට හේතු ව කුමක් දැයි විමසා බැලීම මෙහි දී ප්‍රයෝජනවත් ය. පුද්ගලයෙක් ගසකින් වැටී ම සිදුවන්නේ බලාපොරොත්තු රහිතව ය. ඒ වගේ ම එම වැටී ම දකින පුද්ගලයා ආකස්මික පරිදි කලබලයටත් භීතියටත් පත් වෙයි. ඒ සමඟ ම වැටුණ පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමේ දෘඪතර චේතනා ව ප්‍රබල අන්දමින් ඔහු ගේ චිත්ත සන්තානයේ ජනිත වෙයි.
ඔහුට ක්ෂණික ව සිහියට නැගෙන්නේ ඉහත සඳහන් කෙම ය. ඊට අනුකූල ව ඔහු වැටුණ පුද්ගලයා ගේ ඇඟට උඩින් පනින්නේ නිකම් ම නොවේ. සිත්තේ ඒකරාශී වුණ චිත්ත ශක්තිය ද සහිතව ය. එ විට එම ශක්තිය පනින්නා ගේ සිතෙන් නිදහස් වී රෝගියා වෙත ආරෝපණය වෙයි. එය රෝගියා වෛද්‍යවරයෙක් වෙත ගෙන යන තෙක් ඔහුට ලැබෙන සහනයක් බවට පත් වේ. එම සහනය ක්ෂණිකව උකහා ගැනීමට පැනීමේ දී වන චලනයෙන් ඇතිවන සිහි එළඹීම බෙහෙවින් ඉවහල් වනු ලැබේ. අත්දෙක පිටු පසට බැඳගෙන, කතා බහෙතොරව රෝගියා ගේ ඇගට උඩින් පැනීම, අත් දෙක නිදහසේ තබාගෙන පනිනවාට වඩා අපහසු ය. එම නිසා ඒ සඳහා ආයාසයක් දැරීමට සිදුවෙයි. එම ආයාසය සිතේ ගොඩ නැගුණ චිත්ත ශක්තිය රෝගියා වෙත උපරිම අන්දමින් මුදා හැරීමට ඉවහල් වෙයි.
Comments
Post a Comment