කෙම
දත් කැක්කුම ඇති පුද්ගලයා ගේ නම සිහිකර පහත සඳහන් මන්තරය යකඩ ඇණයකට මතුරා කිරි ගසකට ගසනු. දත් කැක්කුම සුව වේ.
මන්ත්‍රය
ඕං නමෝ පසේ බුදුන් ගේ දත්වෑයා උල්වෑයයා දත හරු කට හරු ඒස්වාහා
මෙම රහස් කෙම කරන විට මෙහි බොහොමයක් කෙම් ක්‍රමවලට වඩා වෙනස් මුහුණුවරක් දැකිය හැකි ය. සාමාන්‍යයෙන් මෙ වන් පීඩාවක දී මන්තරයක් මතුරන්නේ පීඩව ඇති ස්ථානය හදුනා එය ඇති ස්ථානයට ය. දෙහි අත්තෙන් මතුරා සර්ප විෂ බෑමත්, කකැක්කුමට කනට මැතිරිමත් උදාහරණ ලෙස දැක්විය හැකි ය. එහෙත් මෙහි දී සිදුකරනු ලබන්නේ ඊට ඉඳුරා ම වෙනස් ක්‍රියාවකි. මැතිරීමත් රෝගියාත් අතර සම්බන්ධතාවයක් ගොඩ නැගෙන ආකාරයක් නො පෙනේ. ඔහු පසෙක සිටිය දී ඔහු ගේ නම සිහිකිරීම පමණක් සිදු වේ. මතුරන්නේ යකඩ ඇණයකට ය. එය ගසනේ කිරි ගසකට ය. එ විට මැතුරුම සඳහා සම්බන්ධ කර නො ගත් රෝගියා ගේ දත් කැක්කුම සුවවෙයි. එසේ වන්නේ කෙසේ ද? විශ්වාස කළ නො හැකි තරමට විශ්මිත ය. මෙවන් රහස් කෙම් ක්‍රම මගින් රෝග සුව කරන පුද්ගලයින් අදත් ඇතැම් පිටිසර ගම්වල සිටිති. එවන් පුද්ගලයෙක් වෙත දත් කැක්කුමක් සැදුණ පුද්ගලයෙක් පැමිණෙන්නේ තම වේදනාව සමනය කර ගැනීමට හැකි යයි ගොඩ නැගුණ විශ්වාසයකින් යුතුව ය.
එලෙස විශ්වාසයක් ගොඩ නැගෙන්නේ රහස් හෙම කරන්නා කොතෙකුත් එ වන් ප්‍රතිකාර මගින් දත් කැක්කුම් සුවකර ඇති බවට ප්‍රසිද්ධියක් ගම් පළාතේ පැතිර ඇති බැවිනි. තව ද මෙම කෙම කරවා ගැනීමට පැමිණෙන පුද්ගලයා ගේ සිතේ මෙම කාරණය මත ගොඩ නැගෙන විශ්වාසය මත ඇතිවෙන චිත්ත ශක්තිය දත් කැක්කුම සුව කිරිම සඳහා ප්‍රබල දායකත්වයක් සපයනු ලැබේ. එ මෙන් ම කෙම කරන්නා ඊට සූදානම් වෙන ආකාරයත්, යකඩ ඇණයකට මැතිරීමත්, කිරි ගසකට ගැසීමත් චිත්ත ශක්තිය තවදුරටත් ශක්තිමත් කොට රෝගය නිවාරණය කරනු ලැබේ.
Comments
Post a Comment