කෙම
කතා නො කර වප්පිහියේ හෝ කැත්තේ මූණතේ රතුලූනු ගෙඩියක් අමුණා රතු ලූනු කපනු. ඇස් දැවිල්ල නොසෑදේ.
එහි විද්‍යාත්මක පදනම
ගෙදර එදිනෙදා පරිභෝජනය සඳහා කරන ඉවුම් පිහුම් වල දී නොව ඇඹුලකට, මගුලකට නැත්නම් වැඩි පිරිසක් සඳහා කරනු ලබන ඉවුම් පිහුම් වල දී රතුලූනු කැපීම තරමක් අසීරු කාර්යයකි. ඊට හේතු ව ඒ සඳහා රතුලූනු ගෙඩි කීපයක් නොව වැඩි ප්‍රමාණයක් අවශ්‍ය බැවිනි. ඒ වගේ ම රතු ලූනු සැර වැදීම නිසා ඇස් දැවිල්ල සෑදී කඳුළු ගලන්නට පටන් ගන්නා බැවින් දිගට ම එම කාර්යයේ නිරතවීම ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවේ. එම නිසා අපේ ගෘහනියෝ එම පීඩාවෙන් අත්මිදීම සඳහා අපූරු කෙමක් භාවිතා කිරීමට පුරුදුව සිටිති. ඉහත සඳහන් වන්නේ එම කම ය. එය ක්‍රියාවට නැංවුව විට අපහසුවකින් තොර ව ඕනෑ තරම් රතුලූනු කැපීමට පුළුවන. මෙම කෙම මඟින් හෙළි කරන සත්‍යය පිළිබද ව ඔබට සැකයක් ඇත්නම් සඳහන් කොට ඇති මෙමට අනුව රතුලූණු කපා එහි සත්‍යතාවය අවබෝධ කර ගැනීමට පුළුවන.
මෙහි දී සිදුවන්නේ කුමක් ද රතු ලූනු ගෙඩියක් කතා නො කර ඇති තලයේ ඇමිණුව විට ඉන් පසු ව කපන රතු ලූනු වල සැර ඇස් වලට නො වදින්නේ කවර බලපෑමක් නිසා ද? විෂෙන් විෂ නැසීමට හැකි ය යයි ප්‍රකට ව ඇති සඳහන ඔබ ද අසා තිබෙන්නට පුළුවන. එය සැබෑවකි. මෙහි දී සිදුවන්නේ ද එ වැන්නකි. සරල ව සඳහන් කරනවා නම් සැරෙන් සැර නැසීමකි. ලූනු ගෙඩියක් පිහිය මූණතේ අමුනන්නේ නැති ව පිහිය මුණත අසලින් තැබුවා ට ලූනු සැර පාලනය වන්නේ ද නැත. එය පිහිය මුණත්තේ ඇමිනිය යුතු වෙයි. පිහිය මුණ තේ ලූනු ගෙඩිය ඇමිණීමේ දී එය තුවාල වෙයි. එ විට ලූනු ගෙඩිය තුළ ඇති සැර රසායනිකය පිට වෙන්නට පටන් ගනී. ඒ නිසා ම ලූනු කපන්නට පටන් ගත් විට එම ක්‍රියාව ම සිදුවේ. එ විට ලූනු සැර අතර ගැටුමක් ඇති වේ. එම ක්‍රියාව ම සිදුවේ. එ විට ලූනු සැර අතර ගැටුමක් ඇති වේ. එම ගැටුම නිසා සැර ගතිය පාලනය වේ. පීඩාකාරී ලෙස ඇස්වලට අපහසුතාවය ගෙන දෙන දැවිල්ලක් ඇති නොවේ. කතා නො කර මෙම ප්‍රායෝගික කරණයට බඳුන් කිරීමෙන් කෙම සතු අනන්‍යතාවය තහවුරු කර ඇති බව ද පෙනේ.
Comments
Post a Comment