ගාමිණී ෆොන්සේකා යන නමට සිංහල සිනමා වංශ කතාව තුළ හිමිවන්නේ කුමන අන්දමේ තැනක්ද යන්න තේරුම් ගැනීමට "සිනමා සක්විති'' යන අන්වර්ථ නාමය හොඳටම ප්රමාණවත්ය. සිංහල සිනමාව තුළ එදා මෙදා පහළ වූ මහා පෞරුෂය හැටියට පිළිගැනෙන මෙතුමා මෙලොව එළිය දකින්නේ 1936 මාර්තු 21 දින රාහු හිමි සියාවස නැකතෙන් හා ගුරු හිමි ධනු ලග්නයෙනි. උපතේදී ලග්නාධිපති වූ සුරගුරු "ගුරු හංස" නම් මහා පුරුෂ යෝගය උදාකරමින් ලන ගත වී සිටීම මනා පෞරුෂයකින් හෙබි පුරුෂයෙකු බිහිවීමේ පෙරනිමිති පෙන්නුම් කරයි.
කලාව තම ජීවන වෘත්තිය වූ මෙතුමාගේ දහය අධිපති බුධ, සඳු, සිකුරු සහ ශනි සමඟ තෙවැන්නේ සිටින අතර තෙවැන්න අධිපති ශනි ස්වක්ෂේත්ර බලයෙන් තම රාශියේම සිටීම තමා නියළෙන ක්ෂේත්රයේ ඉහළින්ම වැජබෙනෙකු බව ප්රකට කරයි. මෙතුමාගේ හඳහන්නේ දැකගත හැකි තවත් ප්රබල ග්රහ පිහිටීමක් වන්නේ පස්වැන්නාධිපති කුජ සහ නමවැන්නාධිපති රවි එකට සිව්වැන්නේ සිටීමෙන් යෙදුන යෝගයයි. රවි, කුජ සිව්වැන්නේ බලවත්වීම මත එඩිතරකම, සෘජු බව, මෙන්ම අසාධාරණය වෙනුවෙන් සටන් කිරීම වැනි ක්රියාකාරකම්හී කැපී පෙනෙනෙකු වීමට ඉවහල් විය. මීට අමතරව දෙවැන්නාධිපති තෙවැන්නේ බලවත්වීම ද පොන්සේස්කා මහතා තුළ වූ වාග් චාතුර්යයට සාක්ෂි වෙයි. හැම විටම තම අදහස් සෘජු ලෙස ඉදිරිපත් කිරීම ඒ තුළින් පිළිබිඹු වූ අතර රාහුගේ පිහිටීම හා රාහු නවාංශකයේ සිංහ රාශි ගතවීමද මොහු දේශපාලනයට පිවිසීමට අනුබලයක් විය. කෙසේවත් ගාමිණී ෆොන්සේකා කලාකරුවාගේ හඳහනේ වන අශුභ පිහිටීමක් ලෙස රාහු සහ කේත්තුගෙන් යෙදුනු කාල සර්ප යෝගය මෙන්ම විවාහක ස්ථානය අධිපති බුධ, හය සහ අට අධිපතීන් හා එක්වී ශනි සමඟ තෙවැන්නේ සිටීමද හැඳින්විය හැකිය. එය පෞද්ගලික ජීවිතයේ මෙන්ම හවුල් කටයුතු වලදීද අර්බුද ඇති කරන බව ප්රකට කරයි. විශේෂයෙන්ම එය යුග දිවියට හානි කරන පිහිටීමක් බව පැහැදිළි විය. ෆොන්සේකා මහතා 2004 වර්ෂයේදී මෙලොවින් සමුගන්නා විට ගත කරමින් සිටියේ සිකුරු මහ දශාවේ කුජ අතුරු දශාවයි. සිකුරු රෝගස්ථානය අධිපති වූ අතර සිටියේ අට අධිපති සඳු සහ පාපී වූ ශනි සමගය. කුජ දොළොස්වැන්න අධිපති විය.
Comments
Post a Comment