මෙය ලොව බිහි වූ සුරූපී විශිෂ්ටතම රංගවේදනියකගේ ජන්ම පත්‍රයක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. සිංහල සිනමාවේ නිළි රැජීන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රේල් 30 කැළණියේදී උපත ලබන්නේ බුධ හිමි මිථුන ලග්නයෙනි. ග්‍රහලොව සුරතලා වන බුධ මෙම ජන්ම පත්‍රයේ දසවැන්නේ තැන්පත් වන්නේ සකල කලාවට අධිපති උච්ච සිකුරු හා එකොළහ සහ හය අධිපති කුජ සමඟය. රාශිය ගුරු හිමි මීනය වීම සුවිශේෂී වන අතර සුරූපී රුවක් මියුරු හඩක් මෙන්ම ප්‍රතිභාපූර්ණ හැකියාවකින් යුත් පෞරුෂයක් නිර්මාණය වීමට උක්ත ග්‍රහබලය මහෝපකාරි වූ බව පෙනෙයි. ලග්නාධිපති බුධ 'මාලවී' නම් මහා පුරුෂ යෝගී බලයෙන් සිටි උච සිකුරු සමඟ එක්වෙමින් උදාකළ නීච භංග රාජ යෝගයේ බලය මැය හෙළ සිනමාවේ නිළි රැජින කරවීමට හේතුකාරක වූ බව පෙන්නුම් කරයි. මෙතුමියගේ වික්‍රමස්ථානය හෙවත් තෙවැන්න අධිපති රවි උච්ච වී එකොළොස්වැන්නේ වීම සියලු අරිටු යෝග භංග කරන ජය පිට ජය හිමිකර දෙමින් තම හැකියාවන් රගපෑමට පමණක් නොව ඉන් ඔබ්බටද ගෙනයමින් වෙනත් ඉසව් කරා යාමටද මහෝපකාරී විය. ඊට අමතරව සමාජය තුළින් හිමි වූ ප්‍රසාදය, ජනප්‍රිය බව, ගරු බුහුමන් මෙන්ම නොයෙක් දෙස් විදෙස් සම්මානයන්ගෙන් පිදුම් ලැබීමටද උක්ත ග්‍රහ බලය ඉවහල් වූ බව පැහැදිළි වේ. මේ අතර මෙතුමියගේ හඳහනේ ඉහත සඳහන් ශුභ යෝග මෙන්ම අශුභ ග්‍රහ පිහිටීම්ද නැතුවා නොවේ. හත අධිපති හය වැන්නේ සිටීම මෙන්ම එම රාශි අධිපති කුජ සමඟ පරිවර්තනය වීමද එම අරිටු පල උදාකළ ග්‍රහ පිහිටීම් ලෙස හැඳින්විය හැකිය.
Comments
Post a Comment