හය අධිපති, අට අධිපති හා දොළොස්වන්නාධිපති දොළොස්වැන්නේ සිටීමෙන් යෙදුන ප්‍රබල යෝගයක් සහිතව උපන්නෙකු ලෙස භාරතයේ සුපිරි නළු අමීර් ඛාන් හැඳින්විය හැකිය. රූප සම්පත්තියෙන් මෙන්ම ප්‍රතිභාවෙන්ද කිසිවෙකුටත් නොදෙවෙනි තැනක පසුවන මොහු උක්ත රාජයෝග බලයේ පල මේ වනවිටත් භුක්ති විඳි තරුවක් බව කීම නිවැරදිය. ලගාන් වැනි සිනමා පටයක් තුලින්
ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ පමණක් නොව ජගත් සිනමා විචාරකයින්ගේද නොමද ගෞරව බුහුමනට පාත්‍ර වූ මොහුගේ හඳහනේ වික්‍රමස්ථානයේ රාහු උච්ච බල සහිතව සිටින්නේ සිකුරුගේ රාශියක බවද අමතක කළ නොහැකිය. සිකුරු මෙහි විපරිත රාජ යෝග බලයක් සහිතව රවි සහ ස්ව ක්ෂේත්‍ර ශනි සමග සිටිති. සඳු පස්වන්නේ ස්වස්ත්‍රව සිටීමෙන් ජන්මියා උසස් සිතිවිලි මත ක්‍රියාකරන්නෙකු බව පැහැදිලි වෙයි. (තම මව් බිමේ උදාරත්වය පිළිබඳ විවරණය කෙරෙන සිනමාපට නිර්මාණය කිරීමට පෙළඹීම ඊට සාක්ෂි සපයයි.) මෙම හඳහනේ දැකගත හැකි තවත් සුවිශේෂී ග්‍රහ පිහිටීමක් ලෙස 2, 6, 8, 12 ස්ථාන අධිපති ග්‍රහයින් සිව්දෙනා දුෂ්ඨස්ථානයන් වූ දොළොස්වන සහ හයවැන්නේ සිටීම හැඳින්විය හැකිය. ගුරු දෙවැන්නේ සිටින අතර අටේ ග්‍රහයකු නැති වුවද අට අධිපති දොළොස් වැන් සිටීම අනුව මෙය එක්තරා අන්දමක සිංහාසන යෝගයකට සමාන පිහිටීමකි. මොහු අනාගතයේ දේශපාලනය වැනි ක්ෂේත්‍රයකට පිවිසියහොත් ඊට පුදුමවිය නොහැකිය.
Comments
Post a Comment