gossiplanka image 1
 


කෙම


බිමට නොකඩා බා ගත් රන් තැඹිලි ගෙඩියක් නොදැල් ව සිඳ පහත සඳහන් මන්තරයෙන් 108 වරක් මතුරා බලගන්වා ගෙන නළලේ ස්වල්පයක් ආලේල්ප කරක්ගෙන හිත් දිනා ගැනීමට අපේක්ෂා කරන කෙනා වෙත ගොස් කතා කරනු. එතෙක් අතර මග දී හමුවෙන කිසිවෙක් සමග කතා නො කරනු. අදාළ පුද්ගලයා ආකර්ෂණය වේ.


මන්ත්‍රය


ඕං කාලී මහා කාලී සරස්වතී දේවී බ්‍රාහ්මේශ්වරි විද්‍යාධාරී ඤනේශ්වරි ඉදං පුෂ්පාසන ප්‍රවිෂ්ඨ වරොසු ලක්ෂණ බ්‍රහ්ම රාජිනි නම:


එහි විද්‍යාත්මක පදනම


මෙය ප්‍රතිඵල කෙරෙහි විශ්වාසය තැබිය හැකි කෙමකි. ඊට නිදසුන් සපයන විශේෂ කාරණා දෙකක් හා අවිශේෂ කාරණා එකක් ඇති බව පෙනී යයි. විශේෂ කාරණා දෙක ජීවම් කිරීම සඳහා රන් තැඹිලි තෙල් භාවිතා කිරීම සහ ප්‍රබල මන්තරයක් උපයෝගී කර ගැනීම ය. අවිශේෂ කාරණය සිත් දිනා ගැනීමට අපේක්ෂ කරන පුද්ගලයා හමු වී කතා කරන තෙක් අතර මග දී හමුවෙන කිසිවෙක් සමග කතා නො කිරීම ය. මෙම ක්‍රම සඳහා උපයෝගී කර ගන්නා රන් තැඹිලි තෙල් ප්‍රබල සාධකයකි. විශේෂයෙන් විෂය පිළිබඳ ව ප්‍රමාණික දැනුමක් ඇති මන්ත්‍ර ශාස්ත්‍රඥයෝ බලගතු මන්ත්‍ර ගුරුකම් සඳහා භාවිතයට ගන්නේ නො ඉඳුල් රන් තැඹිලි තෙල් ය. රන් තැඹිලි තෙල්වල සුවිශේෂී ජීව ගුණයක් පැවතීම ඊට හේතු ව වන්නේ ය. එ වන් ප්‍රබල ශක්තියක් ඇති රන් තැඹිලි තෙල් ජීවම් කිරිම සඳහා හඳුන්වා දී ඇත්තේ ද ඊට නො දෙවෙනි බලසම්පන්න මන්තරයකි. මෙනයින් බලන කළ මෙම සෙම හා බැඳී පවත්නා එම විශේෂ කාරණා දෙක අතිශයින් බලසම්පන්න ය.


ඊළඟට අවිශේෂ කාරණය කෙරෙහි අපේ අවධානය යොමු කරමු. අදාළ පුද්ගලයා වෙත යනතෙක් අතර මග දී හමුවෙන කිසිවෙක් සමග කතා නො කළ යුත්තේ තෙල්වල බලය කැටිකරගත් කම නිසි අයුරු ක්‍රියාවට නැංවීම සඳහා ය. එ විට කෙම තුළට ගොනු කරගත් ශක්තිය අතර මඟ දී මුදා හැරීමක් සිදු නො වන බැවින් අදාළ පුද්ගලයා වෙත ගොස් කතා කරන තෙක් සුරක්ෂිත වේ. එ පමණක් නොව ඔහු වෙත ගොස් කතා කළ විට එහි ශක්තිය ඍජුව ම එහු වෙත එල්ල වේ. එ විට අදාළ පුද්ගලයා ගේ අවධානයක් නැතිකම නොසැලකිල්ල, ප්‍රියමනාප නො වන බව යනාදී ප්‍රතික්ෂේපිත උදාසීනකම් හිරුදුටු අඳුර මෙන් බැහැර වී එම පුද්ගලයා තමාට වශී වී ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වේ.