gossiplanka image 1
 




සදාම් හුසේන් අයත් වන්නේ කුමන වර්ගයේ පාලකයකු හැටියටදැයි නිශ්චිතව වර්ග කිරීම අපහසුය. ඔහු කළක් ඉරාකයේ පමණක් නොව සමස්ත මුස්ලිම් ලෝකයේම වීරයකු ලෙස ගරුබුහුමන් ලැබූ අයෙකි. ලෝක දේශපාලන කරළියේ පොලිස්කාරයා ලෙස හැඳින්වෙන ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරිමට තරම් එඩිතරකමද මොහු සතුවිය. කෙසේවුවත් මේ අතර තම රටේම මිනිසුන් විශාල ප්‍රමාණයක් වාර්ෂික පදනම මත (ආගමික) මිලේ අයුරින් ඝාතනය කළ බවටද මොහුට චෝදනා එල්ල විණි. අවසානයේ මොහුගේ ජීවිත ගමන තතරවන්නේ අධිකරණය දුන් තීන්දුවකට අනුව ගෙල සිරකර මරා දැමීමෙනි. ඒ අනුව මෑත කාලයේ අතිශය ජනප්‍රියත්වයක් මෙන්ම නොසිතූ ඛේදනීය අවසානයක්ද උදාකරගත් රාජ්‍ය පාලකයා ලෙස සදාම් හුසේන් නම් කළ හැකිය.ජ්‍යෝතිෂයට අනුව මොහුගේ ජීවිතය විවරණය කර බැලීමේදී ඔහුගේ වෘෂභ ලග්න ජන්ම පත්‍රයේ සුවිශේෂී ග්‍රහ පිහිටිීම් කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවෙයි. 1937 අප්‍රේල් 28 ඉරාකයේ ටික්රිට් හිදී උපත ලද මොහුගේ  හඳහනේ ලග්නාධිපති සෞම්‍ය සිකුරු ග්‍රහයා වුවද (ප්‍රභාකරන්ද සිකුරු හිමි වෘෂභ ලග්නයේ උපන් අයකු බව අමතක කළ නොහැකිය) උපතේදී තැන්පත්ව සිටියේ උච්ච රවි සමඟ දොළොස්වනේය. එය සටන්කාමී කුජට හිමි මේ රාශිය වීමෙන් ජන්මියාගේ ස්වරූපය මුල සිටම නොනැමෙන, එඩිතර කමකින් යුතු රළු ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් බව පෙනෙයි.


මෙහි එම රාශි අධිපති කුජ සිටින ස්වරූපයෙන් ඒ බව තව දුරටත් සනාථ කරයි. කුජ සත්වැන්නේ ස්වක්ෂේත්‍රව රුචක යෝගය උදාකරමින් එඩිතරකම, සටන්කාමී බව, කෲර බව ආදී අංග දියුණු තියුණු කරමින් සිටියේ නීච රාහු සහ සඳු සමඟය. සිතට කාරකවන සඳු නීච රාහු සහ පාප කුජට සංයෝග වීමෙන් සහ ශනිගේ දෘෂ්ටියට හසුවීමෙන් ජන්මියාගේ සිතුවිලිවල දැඩි බව, රුදුරුකම දියුණු කළ බව පෙනෙයි. මේ සියලු පිහිටීම් අතර නීච ගුරු හා ශනිගෙන් යෙදෙන පරිවර්ථන යෝගයක්ද තිබෙන බව පෙනේ. ඊට අමතරව ලග්නාධිපති සිකුරු හය අධිපතියාද වීමෙන් යෙදුන විපරිත රාජයෝගයක්ද දක්නට ලැබේ. ඊට සිව්වැන්න අධිපති උච්ච රවි එක්වීමෙන් නිතරම ප්‍රධානත්වය කෙරෙහි තිබූ ලොල් බව සනාථ කරයි. මාරක හතවැන්නේ කුජ සහ රාහුට මැදිව අයුෂයට වග කියන තෙවැන්න අධිපතියා පීඩාවීම මෙන්ම අට අධිපතියා නීච වී ශනි සමඟ පරිවර්ථනය වීමද රාහු හා කේතුගෙන් යෙදුන කාලසර්ප යෝග බලයද ජන්මියාගේ අවසානය රුදුරු අත්දැකීමක් වන බවට සාක්ෂි සපයයි.