කෙම
පහත සඳහන් මන්ත්‍රය දෙහි කටුවකින් පීදුණ බුලත් කොළයක ලියා ගම්මිරිස් ඇට හතක් එම බුලත් කොළයේ ඔතා අදාළ මන්ත්‍රයෙන් 108 එකසිය අට වරක් ජීවම් කර අනුභව කරනු. බඩේය නිට්ඨාවටම සුව වේ.
මන්ත්‍රය
ඕං රුදිරේ රුදිරේං
එහි විද්‍යාත්මක පදනම
ගම්මිරිස් බඩේගයට හොඳ ඔසුවකි. බඩේගයක් සෑදුණ විට ගම්මිරිස් මිශ්‍ර පුලියානමක් සාදා බොන්නට දීම ගැමි ජනතාව අතර අදත් පවතින හොඳ පුරුද්දකි. එ වගේම බඩේගයට ගම්මිරිස් හොදි පානය කිරිම ඈත එපිට හද්දා පිටිසර ගම් වල දිවිගෙවන ගැමියන් අතරින් තවමත් ගිලිහී නැත. මෙනයින් බලන කල පෙනී යන්නේ ගම්මිරිස් බඩෙයට හොද ඔසුවක් බව ය. බුලත් ද සැර ගතියෙන් යුකත් ය. කට දන පැගිරි ස්වභාවයෙන් ඒ බව තහවුරු වෙයි. එම නිසා බඩේ ගායට ගුණදායක ය. මෙම ඖෂධමය ද්‍රව්‍යය දෙක ගැන විමසා බලන විට බඩේ ගායට හිත කර බව යළි යළිත් තහවුරු කළ යුත්තක් නො වේ. එම නිසා සමාන ඖෂධීය ගුණයන් ගෙන් සමන්විත බඩේ ගායට හිතකර ඖෂධ දෙකක් එකට එක්වුණ විට අදාළ රෝගී තත්වය සමනය කිරීම පහසු ය. එමෙන් ම එම ඖෂධ දෙක මන්ත්‍රයකින් බල ගැන්වූ විට තවදුරටත් එහි අදාළ රෝගී තත්වය සුව කිරීමට ඇති හැකියාව තීව්‍ර වර්ධනයකට බඳුන් වෙයි. මෙනයින් බලන කල සාර්ථක ප්‍රතිඵල සඳහා මග පෙන්වන බඩේ ගායට ඉතාමත් ගුණදායක, ඉඳුරාම සුවය ලැබිය හැකි කෙම් ප්‍රතිකාරයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි ය.
Comments
Post a Comment