gossiplanka image 1
 


කෙම


දහවල් සස්සඳ වැලක් ඇති ස්ථානයක් බලා ඒ වටා මදක් එළි පෙහෙළි කරන්න. ඉක්බිති අඳුර වැටෙත් ම සස්සඳ වැල අසල පොල් තෙල් පහනක් දල්වන්න. පහන නොනිවෙන පරිදි විටින් විට තෙල් දමා අළුයම් කාලය තෙක් දැක්වෙන්නට හරින්න. අළුයම් කාලය එළඹි පසු සස්සඳ වැල ගලවා මාලයක් සේ සකසා කක්කල් කැස්ස ඇති රෝගියාගේ ගෙළට දමන්න. (පහන දැල්වීමේ සිට සස්සඳ වැල රෝගියා ගේ ගෙළට දමන තෙක් සියලු කාර්යයන් කතා නො කර කළ යුතු ය.) කක්කල් කැස්ස නිට්ඨාවට සුව වේ.


එහි විද්‍යාත්මක පදනම


සසඳ කක්කල් කැස්සට ගුණ ගෙන දෙන ඖෂධයකි. එහෙත් එසේ තිබිය දී සස්සඳ වැල අසල හැන්දෑකරේ සිට අළුයම් කාලය එළඹෙන තෙක් පොල්තෙල් පහනක් දැල්වෙන්නට හරින්නේ කුමක් නිසා ද යන කාරණය මෙම ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන ඔබට කුතුහලයක් වෙනවාට කිසිම සැකයක් නැත. සස්සඳ කක්කල් කැස්සට ගුණදායක බව මෙහි ඉහත සඳහන් විය. අප එම නිගමනයට එළඹෙන්නේ නවීන රසායනාගාරයක කරන ලද පරික්ෂණයක් වාර්තාවක් අනුව නොවේ. මෙම කෙම සඳහා පැරන්නෝ සස්සඳ වැලක්ම තෝරා ගෙන ඇති බැවිනි. එය පරපුරෙන් පරපුරට පැමිණ අප වෙත ද ලැබුණ දැනුමකි. මෙහි දී කරුණු දෙකක් වෙත අවධානය යොමු කිරිමට සිදුවෙයි. ඉන් පළමු වැන්න ඖෂධ ශාකයක් අසල රාත්‍රී කාලයේ පොල් තෙල් පහනක් දල්වා තැබුව විට ශාඛ යේ ඖෂධීය ගුණය උද්දීපනය වෙන්නට ඉඩ ඇතැ යි යන උපකල්පනයයි. දෙවැන්න අයෝග්‍ය ශාක සාරයක් සස්සද වැල් වෙතොත් එය පොල්තෙල් පහන්නේ ආලෝකයෙන් ඉවත් කිරීමට ඉඩ ඇතැ යි යන්න ය. ඒවා කෙසේ වෙතත් සස්සඳ වැලේ කම කක්කල් කැස්සට ගුණදායක බව නම් කිව හැකි ය. එමෙන් ම මෙම කෙම ද කතා නො කර කළ යුත්තේ කෙම් ක්‍රම සතු පොදු ආචාර්ය ධර්මය සුරක්ෂිත කිරිම සඳහා යයි නිගමනය කළ හැකි ය.